Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය පි‍්‍රමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ 51 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල අතර මුම්බායිහි වන්කඬේ කී‍්‍රඩාංගණයේදී අද (14 වැනිදා) පැවැති තරගයෙන් මුම්බායි ක‍්‍රීඩකයෝ ලකුණු 5 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
මුම්බායි පිල මේ වන විට තරග 13 කට සහභාගි වී ජයග‍්‍රහණ 7 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 14 ක් ලබා සිවුවැනි ස්ථානයේ රැදී සිටියි.
ලකුණු 172 ක ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය කොල්කටා පිලට ඕවර 20 අවසානය් කඩලූ 7 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 166 ක් පමණි.
මුම්බායි පිලේ ප‍්‍රධානතම වේග පන්දු යවන්නා වන ශ‍්‍රී ලංකා විස්සයි20 පිලේ නායක ලසිත් මාලිංග ඕවර හතරේදී ලකුණු 31 කට ඇන්ද්‍රි රසල් දවා ගැනීමට සමත් විය.
පළමුව පන්දුවට පහර දුන් මුම්බායි පිල වෙනුවෙන් ප‍්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ මුම්බායි පිලේ යොවුන් පිතිකරු හර්දික් පාණ්ඞ්යා පන්දු 31 කදී නොදැවී ලකුණු 61 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි.
කිරන් පොලාඞ් (නොදැවී 33) සමග එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 92 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් මුම්බායි පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද පාණ්ඞ්යා සමත් විය.
දක්ෂ පන්දු යැවීමක නිරවූ ශකීබ් අල් හසන් ඕවර 2 ක් යවා ලකුණු 22 කට පාර්තිව් පටේල් සහ අම්බටි රයිඩු පිටියෙන් ඉවත් කිරීමට සමත් විය.
කාසියේ වාසිය දිනූ කොල්කටා නයිට් රයිඩර්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා මුම්බායි ඉන්දියන්ස් පිලට ආරාධනා කර සිටියේය.
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී 171
(පාර්තිව් පටේල් 21, රොහිත් ශර්මා 30, කිරන් පොලාඞ් නොදැවී 33, හර්දික් පාණ්ඞ්යා නොදැවී 61, ශකීබ් අල් හසන් 22/2)
මුම්බායි ඉන්දියන්ස් පිල - ඕවර ඕවර 20 කදී කඩුලූ 7 ට 166
(රොබින් උත්තප්පා 25, ගෞතම් ගාම්බීර් 38, යූසුප් පතාන් 52, ශකීබ් අල් හසන් 23)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.