Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුම්බායි ඉන්දියන්ස් පිල අයි. පී. එල්. ශූරතාව දිනයි

මුම්බායි ඉන්දියන්ස් පිල අයි. පී. එල්. ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2015 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 


කොල්කාටාහි ඊඞ්න් ගාඞ්න්ස් කී‍්‍රඩාංගණයේදී අද (24 වැනිදා) පැවැති ඉන්දීය පී‍්‍රමියර් ලීග් තරගාවලියේ අවසන් මහ තරගයේදී ලකුණු 41 කින් චෙන්නායි සුපර් කිංග්ස් පිල පරාජය කළ මුම්බායි ඉන්දියන්ස් පිල තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 203 ක ඉලක්කයක් හඹාගිය චෙන්නායි සුපර් කිංග්ස් පිලට  ඕවර 20 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 161 ක් පමණි.

චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඞ්වේන් ස්මිත් පන්දු 48 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 57 ක් රැස්කළේය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ මිචෙල් මැක්ලෙනගන් ලකුණු 25 කට කඩුලූ 3 ක් දවාගත් අතර ලසිත් මාලිංග සහ හර්බජාන් සිං කඩුලූ 2 බැගින් දවාගනිමින් මුම්බායි පිල ජයග‍්‍රහණය කරා රැගෙන යෑම සඳහා මනා සහයක් දුන්හ.

පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 202 ක් ලබාගත් අතර ලෙන්ඞ්ල් සිමන්ස් (68) සහ රෝහිත් ශර්මා (50) එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 67 කදී ලකුණු 119 ක සම්බන්ධතාවක් ගොඩනගමින් මුම්බායි ඉනිම ශක්තිමත් කළහ.

පන්දු 45 කදී වාර්තා වූ සිමන්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් වූ අතර පන්දු 26 කදී වාර්තා වූ සිමන්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් ඇතුළත් විය.

අවසන්  ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ කිරන් පොලාඞ් (36) සහ අම්බටි රයිඩු (36) සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩගමින් මුම්බායි පිලේ ලකුණු සංඛ්‍යාව 200 සීමාව කරා ඔසවා තැබූහ.

කාසියේ වාසිය දිනූ චෙන්නායි සුපර් කිංග්ස් පිල පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා මුම්බායි ඉන්දියන්ස් පිලට ආරාධනා කර සිටියේය.

මුම්බායි පිලේ රෝහිත් ශර්මා අවසන් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා සහ වටිනාම ක්‍රීඩකයා ලෙසින් සම්මාන දිනාගැනීමට කොල්කටා පිලේ ඇන්ඩ්‍රි රසල් සමත් විය.

තරග 14 කදී අර්ධ ශතක 7 ක් සමගින් ලකුණු 562 ක් රැස්කළ සන්රයිසස් හද්‍රාබාද් පිලේ නායක ඬේවිඞ් වෝනර් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ අතර තරග 17 කදී කඩුලූ 26 ක් දවාගත් චෙන්නායි සුපර් කිංග්ස් පිලේ ඞ්වේන් බ‍්‍රාවෝ තරගාවලියේ වැඩිම කඩුලූ ලාභියා ලෙස සම්මාන දිනාගත්තේය.

ලකුණු සටහන

මුම්බායි ඉන්දියන්ස් පිල
ලෙන්ඞ්ල් සිමන්ස් - ප. ස්මිත්     68
පාර්තිව් පටේල් - දුවද්දී දැවී ගියා (ඩුප්ලෙසී)    0
රෝහිත් ශර්මා - ඇ. ජදේජා ප. බ‍්‍රාවෝ     50
කිරන් පොලාඞ් - ඇ. රයිනා ප. ශර්මා    36
අම්බටි අයිඩු - නොදැවී     36
හර්දික් පාණ්ඩ්‍යා - ඇ. රයිනා ප. බ‍්‍රාවෝ     0
හර්බජාන් සිං - නොදැවී     6
අතිරේක -     6
එකතුව  ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී     202

පන්දුවට පහර නොදුන් පිතිකරුවෝ :
ජගදීෂ සුචිත්, මිචෙල් මැක්ලෙනගන්, විනේ කුමාර්, ලසිත් මාලිංග

කඩුලූ වැටීම :
1-1(පටේල්), 2-120(ශර්මා), 3-123(සිමන්ස්), 4-191(පොලාඞ්), 5-191(පාණ්ඩ්‍යා)

පන්දු යැවීම :
අශීෂ් නෙහෙරා 4-0-41-0, මෝහිත් ශර්මා 4-0-38-1, රවිචන්ද්‍රන් අෂ්වින් 2-0-21-0, රවින්ද්‍ර ජදේජා 2-0-26-0, පවන් නේගි 2-0-18-0, ඞ්වේන් බ‍්‍රාවෝ 4-0-36-2, ඞ්වේන් ස්මිත් 2-0-17-1

චෙන්නායි සුපර් කිංග්ස් පිල
ඞ්වේන් ස්මිත් - ක. මු. කළා හර්බජාන් සිං    57
මයික් හසී - ඇ. සුචිත් ප මැක්ලෙනගන්     4
සුරේෂ් රයිනා - ස්ට. පටේල් ප. හර්බජාන් සිං    28
මහේන්ද්‍ර සිං දෝනි - ප. මාලිංග    18
ඞ්වේන් බ‍්‍රාවෝ - ඇ. සිමන්ස් ප. මැක්ලෙනගන්     9
පවන් නේගි - ඇ. පාණ්ඩ්‍යා ප. මාලිංග    3
ෆෆ් ඩුප්ලෙසී - ඇ. ශර්මා ප. විනේ කුමාර්    1
රවින්ද්‍ර ජදේජා - නොදැවී     11
රවිචන්ද්‍රන් අෂ්වින් - ඇ. සුචිත් ප. මැක්ලෙනගන්    1
මෝහිත් ශර්මා - නොදැවී     21
අතිරේක -     7
එකතුව  ඕවර 20 කදී කඩුලූ 5 ක් දැවී     161

පන්දුවට පහර නොදුන් පිතිකරුවා :
අශීෂ් නෙහෙරා

කඩුලූ වැටීම :
1-22(හසී), 2-88(ස්මිත්), 3-99(රයිනා), 4-108(බ‍්‍රාවෝ), 5-124(දෝනි), 6-125(ඩුප්ලෙසී), 7-134(නේගි), 8-137(අෂ්වින්)

පන්දු යැවීම :
ලසිත් මාලිංග 4-0-25-2, මිචෙල් මැක්ලෙනගන්් 4-0-25-3, විනේ කුමාර් 4-0-39-1, හර්දීක් පාණඩ්‍යා 4-0-36-0, හර්බජාන් සිං 4-0-34-2

 

- 036

ඡායාරූපය - අයි.පී.එල්. නිල වෙබ් අඩවිය අනුග‍්‍රහයෙනි


අදහස් (0)

මුම්බායි ඉන්දියන්ස් පිල අයි. පී. එල්. ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.