Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව ලකුණු 166 කට සීමාකරගත් පාකිස්තානුවෝ කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණය්දී අද (24 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය මුල් ඉනිම සඳහා කඩුලු 2 ක් දැවී ලකුණු 145 ක් ලබාගත්හ. ශ්‍රී ලංකා පිල පසුකර යාමට ඔවුන්ට තවත් අවශ්‍ය ඇත්තේ ලකුණු 21 ක් පමණක් වන අතර තරගයේ දින හතරක් එහෙම පිටින්ම ඉතිරිවී තිබේ.
වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වෙමින්, විනාඩියකට ලකුණක් ගානේ ලබාගත් පාකිස්තානුවෝ සිය ලකුණු සංඛ්‍යාව වෙනුවෙන් වැය කළේ විනාඩි 146 කි.
පාකිස්තානුවන්ට අද බෙහෙවින් වාසනාවන්ත දිනයකි.
ශාන් මසූඩ් ලකුණු 10 ක් ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ නමුත් එහි විතීවි අවස්ථාව ලබාගැනීම ශ්‍රී ලංකා කණ්ඩායම විසින් අතහැර දමන ලදි. මසූඩ් ලකුණු 51 ක් ලබාගත්තේය. අබ්දුල්ලා ශෆීක් ලකුණු 42 ක් ලබා සිටියදී පන්දු යැවූ ප්‍රභාත් ජයසූරියට දුන් ඉතාම පහසු උඩපන්දුවක් පන්දු යවන්නා අතින් ගිළිහී ගියේය. දිනය නිමා වන විට අබ්දුල්ලා ශෆීක්ගේ ලකුණු සංඛ්‍යාව 74 ක් වී තිබිණ.
අබ්දුල්ලා ශෆීක් සහ ශාන් මසූඩ් අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව ලකුණු 108 කි. තරගයේ වාසිය දැන් ඇත්තේ පාකිස්තානුවන් අතය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත්, තුන්වැනි ඕවරයේදීම දිමුත් කරුණාරත්න නොතිබූ ලකුණක් සොයා දිවගියේය. ඒ වෙනුවෙන් පන්දු යවන්නාගේ අන්තයේ සිට දිව ආ නිශාන් මධුෂ්ක දුවද්දී දැවී යාමෙන් ශ්‍රී ලංකා පිල පසු පාදයට වැටිණ. ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි මධුෂ්ක අලංකාර කවර් ඩ්‍රයිව් පහරකින් පන්දුව හතරේ සීමාවෙන් එපිටට යැවූ නමුත් ඔහුට ලබාගත හැකිවූයේ එම ලකුණු 04 ක් පමණි.
තමන් කෙරේ පමණට වැඩියෙන් විශ්වාසය තැබූ කුසල් මෙන්ඩිස් දැවීගියේ තරමක් හිතුවක්කාර පහරකිනි. පළමු පෙළ ක්‍රීඩාවකින් තොරව ටෙස්ට් ක්‍රීඩා කරන අයර්ලන්තයට එරෙහිව ලබාගත් ශතකයත් ද්විත්ව ශතකයක් (140 සහ 245) හැරෙන්නට කුසල් මෙන්ඩිස් වසර 2020 න් මෙපිට ටෙස්ට් ශතකයක් ලබාගෙන නැත. 2020 දී ලබාගත් ශතකයද (නොදැවී 116) සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේ නුවරදී ලබාගත් එකකි.
වමත් වේග පන්දු යවන්නා වන ශහීන් ෂා අෆ්රීඩි එතරම් වෙහෙසුණේ නැත. දිවා ආහාරයට පෙර ඔහු යැවූයේ ඕවර 5 ක් පමණි. එහෙත් දකුණතින් වේග පන්දු යවන නසීම් ෂා, පන්දු තුනක් ඇතුළත මැතිව්ස් සහ දිමුත් කරුණාරත්න දෙදෙනාම දවා ගනිමින් ශ්‍රී ලංකා පිල අගාධයේ මුවවිට අද්දරට ඇදගෙන ආවේය.
දිවා ආහාරයටත් පෙරම කඩුලු 4 ක් බිඳ වැටීම හේතුවෙන් නොසිතූ අමාරුවක වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායමට සිය 50 වැනි ලකුණ පුවරුවට එකතු කිරීමට පැය එක හමාරක් ගතවිය. එහෙත් පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85 ක් එකතු කළ ධනංජය ද සිල්වා සහ දිනේෂ් චන්දිමාල් 121 දක්වා ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. නසීම් ෂාගේ කෙටි පන්දුවකට පුල් පහරක් ගැසීමට උත්සාහ කළ චන්දිමාල්ගේ පිත්තේ ඉහළ දාරයේ වැදුණු පන්දුව, මිඩි විකට්හි සිටි ඉමාම් උල් හක්ගේ දෑත් අතර සැඟවී යාමත් සමගින් ශ්‍රී ලංකා ඉනිම දියවී ගියේය.
එතැනින් ආරම්භ වූ කඩුලු පෙරහැර, වරෙක පන්දු 12 කට කඩුලු 3 ක් විය. 8 වැනි කඩුල්ලත් ලකුණු 136 දී බිඳ වැටුණ නමුත්, විනාඩි 70 ක් පුරා ධෛර්යවත් පිතිහරඹයක නිරත වූ රමේෂ් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 166 ක් දක්වා තල්ලු කරගෙන ගියේය.
අද තරගයේදී ඩිල්ෂාන් මධුශංක ටෙස්ට් වරම් හිමිකරගත් අතර ඇන්ජලෝ මැතිව්ස් ඔහුට ටෙස්ට් හිස්වැස්ම පිරිනැමුවේය. අසනීපව සුවය ලැබීමෙන් පසුව අසිත ප්‍රනාන්දු කණ්ඩායමට එක්වී සිටී.
අද උදෑසනින්ම ඇද හැළුණු වර්ෂාවක් නිසා තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ප්‍රමාද වුවද, පෙරවරු 10.00 ට කාසියේ වාසිය උරගා බැලීමෙන් පසුව 10.30 ට තරගය ආරම්භ විය.
anura nanayakkara Tuesday, 25 July 2023 02:05 PM
අපෝ, ලංකාවේ මේ ක්‍රීඩා කරන සෙට් එක එංගලන්තයට ලබන අවුරුද්දේ යවන්න එපා. නිකන් ඉස්කෝලේ කොල්ලෝ ටිකක් අරින්න. ඔවුන් මීට වඩා වඩා හොඳට ක්‍රීඩා කරාවි... ජාතික පිල විහිළුවක්...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.