Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මුල් ස්ථාන 4ට එන්න තියුණු සටනක්

මුල් ස්ථාන 4ට එන්න තියුණු සටනක්

editorial - 2024 ජන මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ‘මේජර් ලීග්’ අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 80 ක් නිමාවට පත්වන විට ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ දෙකේ මුල් ස්ථාන 4 අතරට එමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනිම සඳහා කණ්ඩායම් රැසක් තියුණු සටනක නිරත වී සිටියි. 

මූලික වටය නිමාවීමට තවත් දින 4 ක් ඉතිරිව ඇති අතර හෙට (3 වැනිදා), 7 වැනිදා, 9 වැනිදා සහ 10 වැනිදා එහි ඉතිරි තරග 30 පැවැත්වේ. මූලික වටය අවසානයේ ‘ඒ’ සහ ‘බී’ කාණ්ඩ දෙකේ මුල් ස්ථාන 4 අතරට පැමිණෙන කණ්ඩායම් 4 තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනු ඇත. 

මේ වන විට ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජයද, ‘බී’ කාණ්ඩායමේ පෙරමුණ ගැනීමට සිංහල ක්‍රීඩා සමාජයද (එස්.එස්.සී.) සමත්ව සිටින අතර එම කණ්ඩායම් දෙකටම මූලික වටයේ තවත් තරග 2 බැගින් ඉතිරිව තිබේ. 

මේ දක්වා තරග 8 කට ක්‍රීඩා කර ඇති සෙබස්තියනයිට්ස් ක්‍රීඩා සමාජය ඉන් තරග 4 ක් ජයගෙන, එක් තරගයක් පරාජය වී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 11 කි. ඔවුන් ක්‍රීඩා කළ සෙසු තරග 3 වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවූ අතර මේ වන විට ඔවුන් රඳවාගෙන සිටින ශූද්ධ ලකුණු වේගය 1.013 කි. 

එස්.එස්.සී. ක්‍රීඩා සමාජය ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගෙන ඇත්තේ මෙතෙක් සහභාගි වූ තරග 8 න් 5 ක් ජය ලබා, එක් තරගයක් පරාජය වී ලකුණු 12 කට හිමිකම් කියමිනි. එස්.එස්.සී. කණ්ඩායම සහභාගි වූ තරග 2 ක්ද වර්ෂාවට සේදී ගිය අතර මේ වන විට ඔවුන් 0.776 ක ශුද්ධ ලකුණු වේගයක් රඳවාගෙන සිටියි. 

මීගමුව සහ කෝල්ට්ස් යන ක්‍රීඩා සමාජය ජයග්‍රහණ 4 ක් සහ එක් පරාජයක් බැගින් ලබා ලකුණු 10 කට බැගින් හිමිකම් කියන නමුත් ශුද්ධ ලකුණු වේගය අනුව පිළිවෙලින් ඔවුහු ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ස්ථානවල රැදී සිටිති. මුවර්ස් ක්‍රීඩා සමාජය ලකුණු 9 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ සිවුවැනි ස්ථානයේ රැදී සිටින්නේ ජයග්‍රහණ 3 ක් සහ පරාජයන් 2 ක් ලබමිනි.   

නුගේගොඩ, බදුරලිය, බ්ලූම්ෆීල්ඩ් සහ හලාවත මේරියන්ස් යන ක්‍රීඩා සමාජ 9 බැගින් සම ලකුණු ලබා සිටින අතර ශුද්ධ ලකුණු වේගයන් අනුව ඔවුන්ට පිළිවෙලින් ‘බී’ කාණ්ඩයේ දෙවැනි, තෙවැනි, සිවුවැනි සහ පස්වැනි ස්ථාන හිමිව තිබේ. එහිදී බදුරලිය සහ මේරියන්ස් කණ්ඩායම් ජයග්‍රහණය 4 කටද, නුගේගොඩ සහ බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම් ජයග්‍රහණ 3 කටද හිමිකම් කියයි. 

 


අදහස් (0)

මුල් ස්ථාන 4ට එන්න තියුණු සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.