Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මූලික වටයේ තරගයකින් උපාලි ජයගනී

මූලික වටයේ තරගයකින් උපාලි ජයගනී

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බ්‍රසීලයේ දී දැන් පැවැත්වෙන රියෝ පැරලිම්පික් ක්‍රීඩා උළෙලේ රෝද පුටු ටෙනිස් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ මුලික වටයේ තරගයකින් කොරියාවේ ලීහා ජෙල් පරදවා තරග වට 2-1 ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක උපාලි රාජකරුණා ඊයේ (9) සමත්විය.

ලොව පුරා සිටින ආබාධිත වු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා මංගල්‍යය වන පැරලිම්පික් ක්‍රීඩා උළෙල මේ මස 18 වැනිදා දක්වා රියෝ ද ජෙනයිරෝ නුවරදී පැවැත්වේ. ඒ සදහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩකවෝ නව දෙනෙක් සහභාගි වී සිටිති.

ක්‍රීඩා උළෙලේ ජවන හා පිටිය ඉසව්වලදී මීටර 100 ටී 44 පිරිමි ඉසව්වට සහභාගි වු ශ්‍රී ලංකාවේ අජිත් හෙට්ටිආරච්චි පෙරේදා (8) මුලික වටයේ දෙවැනි තරගය තත්පර 12.11 කින් අවසන් කරමින් අටවැනි ස්ථානය ලැබීය. අවසන් තරගකරුවා ලෙස තරගය නිම කළද අජිත්, ලැබු මෙම කාලය ඔහුගේ හොදම කාලය ලෙසද වාර්තා විය.

අජිත් ඉදිරියේදී ටී 44 කාණ්ඩයෙන් මීටර 200 සහ මීටර 400 ඉසව් දෙකටද සහභාගිවීමට නියමිතය.
ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් සහභාගිවී සිටින එකම ක්‍රීඩිකාව වන අමරා ඉන්දුමතී, දුර පැනීම කාන්තා ටී 47 ඉසව්වෙන් 12 වැනියා වෙමින් අවසන් ස්ථානය ලැබුවාය. ඉන්දුමතී, මීටර 4.09 ක දුරක් පැනීමට සමත්වුවාය. ඇය ටී 47 කාණ්ඩයෙන් මීටර 200 සහ මීටර 400 ඉසව්වට ද සහභාගි වන්නීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන අනිල් ප්‍රසන්න ජයලත්, ටී 42 කාණ්ඩයෙන් මීටර 100, මීටර 200 සහ දුර පැනීම ඉසව්වලට සහභාගිවෙයි. අනිල් ආසියානු වාර්තාවට ද හිමිකම් කියන ක්‍රීඩකයෙකි.

සම්පත් බණ්ඩාර (දුන්නෙන් විදීම), ගාමිණී ඒකනායක සහ දිනේෂ් ප්‍රියන්ත (එෆ් 44 හෙල්ල විසි කිරීම), ඉන්දික චුලදාස (ටී 42 මීටර 100, මීටර 200), සම්පත් හෙට්ටිආරච්චි (එෆ් 46 හෙල්ල විසි කිරීම) ක්‍රීඩා උළෙලට සහභාගිවී සිටින සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ වෙති.


- 090

 


අදහස් (0)

මූලික වටයේ තරගයකින් උපාලි ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.