Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මෙල්බර්න් ටෙස්ට් තරගයට නරඹන්නන් 80,000 ක්

මෙල්බර්න් ටෙස්ට් තරගයට නරඹන්නන් 80,000 ක්

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


තරග දෙකක් ඉතිරිව තිබියදීම  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අළු බඳුන තරගාවලිය ජයගෙන සිටින නමුත් ලබන 26 වැනිදා මෙල්බර්න් නුවරදී ආරම්භ වන සිවුවැනි ටෙස්ට් තරගය සඳහා නරඹන්නන් 80,000 කට වැඩි සංඛ්‍යාවක් පැමිණෙතැයි අපේක්‍ෂා කෙරේ. නත්තල් දිනයට පසුවදා ආරම්භ වන මෙම ටෙස්ට් තරගය  ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩා සංස්කෘතියේ උච්චතම සැණකෙළිය වශයෙන් පිළිගැනේ.

මෙම තරගාවලියේදී තමන්ගේ ලකුණු පිපාසය තවමත් සන්සිඳී නැතැයි  ඕස්ටේ‍්‍රලියානු ආරම්භක පිතිකරු කි‍්‍රස් රොජර්ස් කියයි. කි‍්‍රස් රොජර්ස්ට තවමත් මෙම තරගාවලියේදී ශතකයක් ලබාගැනීමේ අවස්ථාවක් ලැබී නැත.

 ඕස්ටේ‍්‍රලියානු ඉනිම ආරම්භ කරන 36 හැවිරිදි රොජර්ස් සිය සහායක පිතිකරුවා වන ඬේවිඞ් වෝනර් සමග එක්ව පර්ත්හිදී පැවැති තුන්වැනි ටෙස්ට් තරගයේදී ගොඩනැංවූ ලකුණු 157 ක සම්බන්ධතාව  ඕස්ටේ‍්‍රලියානු පිලේ ජයග‍්‍රහණයේ පදනම විය.  ඕස්ටේ‍්‍රලියානුවන් අළු බඳුන නැවතත් දිනාගත්තේ මෙම ජයග‍්‍රහණය මතිනි.

තම කණ්ඩායම් සගයන් ශතක ලබාගත් නමුත් මෙම තරගාවලියේදී මෙතෙක් ලබාගත් අර්ධ ශතක දෙක ශතක බවට පරිවර්තනය කිරීමට රොජර්ස්ට නොහැකි විය.

මෙල්බර්න්හිදී ආරම්භ වන සිවුවැනි තරගය සඳහා රොජර්ස්ගේ නම කණ්ඩායම් ලයිස්තුවේ තිබුණත් එහිදී මීඨ වඩා සාර්ථක විය නොහැකි වුවහොත් මේ වන විටත් ෂෙෆීල්ඞ් ෂීල්ඞ් තරගාවලියේද ලකුණු අතර සිටින පිලිප් හියුස්ට තම ස්ථානය පරිත්‍යාග කිරීමට රොජර්ස්ට සිදුවනු ඇත.

 


අදහස් (0)

මෙල්බර්න් ටෙස්ට් තරගයට නරඹන්නන් 80,000 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.