Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාපන්දු ලෝකයේ සුපිරි තරුවක් වූ ලයනල් මෙසී මාස 21 ක කාලයක් සඳහා සිරගත කිරීමට ස්පාඤ්ඤයේ අධිකරණය තීරණය කර තිබේ. මෙසී විසින් කරන ලද වරද වන්නේ ආදායම් බදු වංචා කිරීමයි.
කෙසේ වෙතත් මෙය අත්හිටවූ සිරදඬුවමක් වීමට බොහෝ විට ඉඩ තිබේ. ස්පාඤ්ඤයේ පවතින සම්ප්‍රදාය අනුව පෙර වැරදි නොමැති විටකදී, ප්‍රචණ්ඩකාරී නොවන අපරාධ සම්බන්ධයෙන් පනවනු ලබන දඬුවම වසර දෙකකට අඩුය.
|
බේලීස්, බි්‍රතාන්‍යය, ස්විට්සර්ලන්තය සහ උරුගුවේ යන රටවල පිහිටි ව්‍යාපාරික ආයතන විසින් වසර 2007 සිට 2009 දක්වා මෙසීගේ ප්‍රතිරූපය භාවිතා කිරීම වෙනුවෙන් ලැබුණු මුදලින් යුරෝ මිලියන 4.16 ක් වංචා කිරීම ඔහුට එල්ලවී තිබෙන චෝදනාවයි. මෙම චෝදනාවට පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී පමණක් නොව ඔහුගේ පියා වන ජෝර්ජ් හොරේෂියෝ මෙසී මහතාද ලක්ව සිටී.
මෙසීගේ ප්‍රතිරූප භාවිතා කිරීම සම්බන්ධයෙන් මෙසීට ගෙවිය යුතු මුදල් සඟවමින් එම ගිවිසුම් සකස් කර ඇති බව කියැවේ.
ජෝර්ජ් හොරේෂියෝ මෙසී මහතා මෙම ප්‍රශ්නයට ගෑවී ඇත්තේ ලයනල් කුඩාකාලයේ සිටම පාපන්දු ක්‍රීඩකයකු වශයෙන් ඔහුගේ කළමණාකරු ලෙස කටයුතු කර ඇත්තේ ජෝර්ජ් හොරේෂියෝ මෙසී මහතා බැවිනි. ස්පාඤ්ඤ අධිකරණයේ මතය වන්නේ වසරකට මාස 7 ක කාලයක් බැගින් වසර තුනක කාලයක් සඳහා තාත්තාත් පුතාත් මාස 21 ක කාලයක් සිරගත කළ යුතු බවයි.
වසර පහකදීම ලෝකයේ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයා වූ ලයනල් මෙසී ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායමේ වත්මන් නායකයාද වෙයි. තවමත් 29 හැවිරිදි ක්‍රීඩකයකු වන මෙසීට යුරෝ මිලියන 2.09 ක දඩයක් නියම කළ ස්පාඤ්ඤ අධිකරණය මෙසීගේ පියාට යුරෝ මිලියන 1.6 ක දඩයක් නියම කළේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව මෙසීලාට තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.