Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලිය චීනයේ බීජිං නුවරදී ආරම්භ වීමට ඔන්න මෙන්ම තිබියදී කී‍්‍රඩකයන් තහනම් උත්තේජක භාවිත කිරීම් සම්බන්ධයෙන් අවධානය යොමු වීම කණගාටුවක් කරුණක් බව ඔලිම්පික් ශූර උසේන් බෝල්ට් පවසයිග
තමාට තනියෙන් කී‍්‍රඩාවේ කීර්තිනාමයත්ල ගෞරවයත් සුරැුකිය නොහැකි යයි ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් උසේන් බෝල්ට් පවසා සිටියි.
බෝල්ට් කිසිදු අවස්ථාවකදී තහනම් උත්තේජක පරීක්ෂණවලින් අසමත් නොවූ අතර මෙවර ඔහු තරග වදින්නේ තහනම් උත්තේජක භාවිත කිරීමේ චෝදනාවට වරදකරු වී දෙවරක් තරග තහනමකට ලක්වූ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජස්ටින් ගැට්ලින් සමඟය.
විසි අට වියෙහි පසුවන ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූර බෝල්ට් මීටර 100 හා 200 ඉසව්වල කිරුළ තවදුරටත් තමා සතුව තබාගැනීමට බලාපොරොත්තුවෙන් සිටියි.
”එය කණගාටුදායකයි තමා.. මිනිස්සු කියනවා කී‍්‍රඩාව වෙනුවෙන් මා ජයගත යුතුයි කියලා. එහෙත් මට එය තනියම කළ නොහැකියි”
”තහනම් උත්තේජක භාවිත නොකරල කී‍්‍රඩාශීලිත්වයෙන් තරගවැදීම සෑම කී‍්‍රඩකයකුගේම වගකීමක්” යයි බෝල්ට් පවසයිග
වසරේ වේගවත්ම කී‍්‍රඩකයා සෙවීම සඳහා බෝල්ට් හා ගැට්ලින් අතර මීටර 100 හා 200 ඉසව් වෙනුවෙන් පැවැත්වෙන සටන කී‍්‍රඩාවේ ජීවය උදෙසා පැවැත්වෙන සටනක් ලෙස නම් කර ඇත.
2006 වසරේදී ගැට්ලින් තහනම් උත්තේජක භාවිත කිරීමේ චෝදනාවට වරදකරු වී ජීවිතාන්තය දක්ව තරග තහනමකට ලක්වූ අතර පසුව එය වසර අටකටත්ල ඉන් අනතුරුව වසර 4 කටත් අඩු ඔහුට නියම කෙරුණු තරග තහනම අඩු කෙරුණේල මත්ද්‍රව්‍ය නිවාරණ අධිකාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ගැට්ලින් එකඟවීමත් සමඟය.
මලල කී‍්‍රඩා ලෝක ශුරතාවලිය හෙට :සෙනසුරාදාෆ ආරම්භ වන්නේල කී‍්‍රඩකයන් මත්ද්‍රව්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ලිපිගොනු රැුසක් ප‍්‍රසිද්ධියට පත්වීමත් සමඟය.
මලල කී‍්‍රඩකයන්ගේ ප‍්‍රසිද්ධියට පත්ව තහනම් උත්තේජනක සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් ලිපිගොනු වල කරුණු කාරණා සත්‍ය බව අනාවරණවය වුවහොත් අදාළ කී‍්‍රඩකයන්ට හා වගකිව යුත්තන්ට කිසිදු සමාවක් දෙන්නේ නැතැයි අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව පසුගිය දිනෙක ප‍්‍රකාශ කර තිබුණි.
බි‍්‍රතාන්‍යයේිසන්ඬේ ටයිම්ස්ී පුවත්පත කී‍්‍රඩකයන් 5000 කට ආසන්න ප‍්‍රමාණයකගේ තොරතුරු ප‍්‍රසිද්ධියට පත්කර ඇති අතර සිතාගත නොහැකි තරම් රැුවටීම් හා වංචා ඳුෂණ සිදු වී ඇති බව එහිදි අනාවරණය වී තිබේග මෙසේ ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ අන්තර්ජාතික මලල කී‍්‍රඩා සම්මේලනය සතුව තිබූ ලිපිගොනුය.
කෙසේ නමුත් මෙම එල්ල වූ චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවද අන්තර්ජාතික මලල කී‍්‍රඩකයන්ගේ සංගමය ප‍්‍රකාශ කරයි.
”මට පසුගිය කාලයේම අහන්න ලැබුණේ එක දෙයක් විතරයිග තහනම් උත්තේජකල තහනම් උත්තේජකල තහනම් උත්තේජකල හැම ප‍්‍රශ්නයක්ම තහනම් උත්තේජක ගැන” බෝල්ට් කියයි.
ලෝක ශූරතාවලියේ මීටර 100 ඉසව්වේ අවසාන තරගය ඉරිදා :23ෆ පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.