Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story මොබිටෙල් ඊගල්ස් ශූරතාව දිනයි

මොබිටෙල් ඊගල්ස් ශූරතාව දිනයි

Nisanka Sandeepani - 2017 ජුලි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි සංගමය දෙවැනි වරට සංවිධානය කළ ‘ශ්‍රී ලංකා සුපර් 7’ සත් සාමාජික රග්බි තරගාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට රොෂාන් වීරරත්න මෙහෙයවූ මොබිටෙල් ඊගල්ස් පිල ඊයේ (16) සමත් විය. සුදර්ශන මුතුතන්ත්‍රි මෙහෙයවූ ඊසි වුල්ව්ස් පිලට සමස්ත අනු ශූරතාව හිමිවිය.

දෙවැනි අදියරට සමගාමීව පැවැති පාසල් තරගාවලියේ ශූරතාව මහනුවර කිංස්වුඞ් විදුහල දිනාගත් අතර අනු ශූරතාව මරදාන ශාන්ත ජෝශප් විදුහලට හිමිවිය.  

තරගාවලියේ දෙවැනි සහ අවසන් අදියර කොළඹ පැරණි තුරඟ තරග පිටියේදී පැවැති අතර එහි අවසන් තරග ඊයේ රාත්‍රියේ පැවැත්විණ. තරගාවලියේ අවසන් දිනය වූ පෙරේදා රාත්‍රී පැවැති දෙවැනි අදියර කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී ඊසි වුල්ව්ස් පිල ලකුණු 26-12 කින් මොබිටෙල් ඊගල්ස් පිල පරාජය කළේය.

අවසන් මහ තරගයේ පළමු අර්ධය අවසන් වන ඊසි වෝල්ව්ස් පිල ලකුණු 14-12 කින් ලකුණු 2 කින් පමණක් පෙරමුණේ සිටිය ද, ඊසි වුල්ව්ස් පිලේ කළු ජාතික ක්‍රීඩකයන් දෙවැනි අර්ධයේදී වඩාත් ආක්‍රමණශීලි වීමෙන් ලකුණු 26 ක් දක්වා ඒමට අවස්ථාව උදාවිය.  

මොබිටෙල් ඊගල්ස් පිල පළමු අදියරේ ශූරතාව සමගින් ලකුණු 55 ක් හිමිකරගත් අතර ඊසි වුල්ව්ස් පිල පළමු අදියරේ 5 වැනි ස්ථානය සමගින් ලකුණු 43 ක් ලබාගත්තේය. 

පළමු අදියරේ අනු ශූරයන් වූ සොෆ්ට්ලොජික් වොරියර්ස් පිල ලකුණු 34 ක් ද, ඇක්සස් කිංග්ස් පිල ලකුණු 34 ක් ද, ලබා සමස්ත තෙවැනි ස්ථානය හිමිකර ගත්හ.

එටිසලාට් පැන්තර්ස් ලකුණු 26 ක් ලබා පස්වැනි ස්ථානයද, වෝකර්ස් වයිපර්ස් පිල ලකුණු 22 ක් ලබා හයවැනි ස්ථානය ද, කාගීල්ස් ග්ලැඩියේටර්ස් ලකුණු 18 ක් ලබා හත්වැනි ස්ථානය ද, කේ.බී.එස්.එල්. ඩ්‍රැගන්ස් පිල ලකුණු 10 ක් ලබා අටවැනි ස්ථානය ද, හිමිකර ගත්හ.

පාසල් තරගාවලියේ කුසලාන ශූරතා අවසන් මහ තරගයේදී කිංස්වුඞ් විදුහල් ක්‍රීඩකයෝ මරදාන ශාන්ත ජෝශප් විදුහලට එරෙහිව ලකුණු 7-5 ක තියුණු ජයක් ලැබූහ. 

ශාන්ත ජෝශප් විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 5-0 ක් ලෙස පෙරමුණේ පසු වුවද දෙවැනි අර්ධයේ අවසන් භාගයේදී කිංස්වුඞ් විදුහල ගෝලයක් සම්පූර්ණ කරමින් ලකුණු 2 කින් ඉදිරියට පැමිණියේය. 

කාන්තා තරගාවලියේ අවසන් මහ තරගයේදී නාවික හමුදා ක්‍රීඩිකාවෝ ලකුණු 41-5 කින් යුද හමුදා පිල පරාජය කිරීමට සමත් වූහ.
මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රහකයා ලෙස ‘ඩයලොග්’ ආයතනය කටයුතු කළේය. 

 අවසන් තරග ප්‍රතිඵල

ප්‍රධාන තරගාවලිය
● කුසලාන ශූරතාව : ඊසි වුල්ව්ස් පිල විසින් ලකුණු 26-12 කින් මොබිටෙල් ඊගල්ස් පිල පරාජය කරන ලදී.
● පළඟ ශූරතාව     : කාගීල්ස් ග්ලැඩියේටර්ස් පිල විසින් ලකුණු 22-19 කින් එටිසලාට් පැන්තර්ස් පරාජය කරන ලදී.
● බඳුන ශූරතාව     : ඇක්සස් කිංග්ස් පිල විසින් ලකුණු 34-19 කින් සොෆ්ට්ලොජික් වොරියර්ස් පිල පරාජය කරන ලදී.
● පළිහ ශූරතාව     : වෝකර්ස් වයිපර්ස් පිල විසින් ලකුණු 28-17 කින් කේ.බී.එස්.එල්. ඩ්‍රැගන්ස් පිල පරාජය කරන ලදී.

පාසල් තරගාවලිය 
● කුසලාන ශූරතාව : මහනුවර කිංස්වුඞ් විදුහල විසින් ලකුණු 7-5 කින් මරදාන ශාන්ත ජෝශප් විදුහල පාරජය කරන ලදී. 
● පළඟ ශූරතාව      : බම්බලපිටිය ශාන්ත පීතර විදුහල විසින් ලකුණු 36-5 කින් වෙස්ලි විදුහල පාරජය කරන ලදී.
● බඳුන ශූරතාව      : ගල්කිස්ස විද්‍යා විද්‍යාලය විසින් ලකුණු 19-12 කින් ඉසිපතන විදුහල පරාජය කරන ලදී. 
● පළිහ ශූරතාව      : කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල විසින් ලකුණු 3-5 කින් මරදාන සහිරා විදුහල 
පාරජය කරන ලදී. 

 


අදහස් (0)

මොබිටෙල් ඊගල්ස් ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.