Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
යාපනය නගරයේදී ප‍්‍රථමවරට පැවැත්වෙන ‘2013 ජැෆ්නා ස්පීඞ් ෆෙස්ටිවල්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය සැප්තැම්බර් මස 14 සහ 15 යන දින වල පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා මෝටර් රථ කී‍්‍රඩා සංගමය සහ ශ්‍රී ලංකා යතුරුපැදි සම්මේලනය විසින් නිකුත් කරන ලද සංවිධාන බලපත‍්‍රය යටතේ කාල්ටන් මෝටර් රථ කී‍්‍රඩා සංගමය මෝටර් කී‍්‍රඩා සංගමය සහ ආසියානු මෝටර් කී‍්‍රඩා සංගමය එක්ව මෙම තරගාවලිය සංවිධානය කරයි.
තරගාවලියට අදාල අයදුම්පත් බාරගැනීම පසුගිය ජූලි මස 24 වැනිදා අවසන් වූ අතර ඒ අනුව මෝටර් රථ රියදුරන් 25 දෙනෙකු සහ යතුරුපැදි ධාවකයන් 8 දෙනෙකු තරගාවලිය සඳහා තම සහභාගීත්වය තහවුරු කර තිබේ.
යාපනය නගරයෙන් ආරම්භ වන මෙම තරග කිලෝ මීටර් 200 ක් පමණ ආවරණය වන පරිදි අදියර කිහිපයකින් පැවැත්වේ. විශේෂ අදියරක් සහ ප‍්‍රවාහන අදියරක්ද ඊට ඇතුළත්වේ.
මෙම මෝටර් රථ තරගාවලියට සමගාමීව යාපනය නගරයේ ජනතාව වෙනුවෙන් වෙන්වූ පාපැදි තරගයක් සහ මැරතන් තරගයක්ද ඒ දින වලදීම පැවැත්වීමට සංවිධායක කමිටුව කටයුතු සූදානම් කර තිබේ.
ජාතික ලොතරයි මණ්ඩලය, ජෝන් කීල්ස් ආයතනය, සහ ඬේවිඞ් පීරිස් සමාගම තරගාවලියට අනුග‍්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටිති.
ජෝන් කීල්ස් සමාගමේ උප සභාපති චමින්ද පෙරේරා මහතා විසින් කාල්ටන් මෝටර් රථ කී‍්‍රඩා සංගමයේ සභාපති දිනේෂ් ජයවර්ධන මහතාට අනුග‍්‍රාහක චෙක්පත ප‍්‍රදානය කළ අවස්ථාව ඉහත ඡායාරූපයේ දැක්වේ. අළෙවි සහ කළමනාකරණ ප‍්‍රධානී මෛතී විතානගේ මහතා (දකුණේ) සහ කාල්ටන් මෝටර් රථ කී‍්‍රඩා සංගමයේ ලේකම් ජාලිය ජයසේකර මහතාද (වමේ) එහි සිටිති.
ඡායාරූපය - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.