Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යතුරුපැදි සම්මේලනයෙන් හිතුවක්කාර නිලවරණයක්

යතුරුපැදි සම්මේලනයෙන් හිතුවක්කාර නිලවරණයක්

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කී‍්‍රඩා අමාත්‍යංශයේදී ඉකුත් 15 වැනිදා පැවැති ශ්‍රී ලංකා යතුරුපැදි කී‍්‍රඩා සම්මේලනයේ නිලවරණය කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් නොතකා පැවැත්වූ නිලවරණයක් බව වාර්තා වේ. මෙම නිලවරණය නොපවත්වන ලෙස කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර මහතා ශී‍්‍ර ලංකා මෝටර්සයිකල් සංගමයට ඉකුත් 13 වැනිදා ලිඛිතව දන්වා ඇතත් ශ්‍රී ලංකා යතුරුපැදි කී‍්‍රඩා සම්මේලනයේ නිලධාරීහු නිලවරණය පැවැත්වීමට පියවර ගත්හ.

ඒ සම්න්ධයෙන් කී‍්‍රඩා ඇමතිවරයාගේ අවධානය යොමු කරමින් මීගමුව මෝටර් රථ කී‍්‍රඩා සංගමය ඇමතිවරයා වෙත විශේෂ ලිපියක්ද යවා තිබේ.

2013 වසරේ ජනවාරි මස 15 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ රෙගුලාසිවලට අනුව කී‍්‍රඩා සම්මේලන නිලවරණයක් පැවැත්වීමේදී ඊට අදාළ නාමයෝජනා කී‍්‍රඩා  සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත යොමුකර, ඔහු හෝ ඔහුගේ නියෝජිතයකු ඉදිරිපිට එම නාමයෝජනා විවෘත කළ යුතුය. එසේ වුවත් යතුරුපැදි කී‍්‍රඩා සම්මේලනයේ නිලවරණයට අදාළ නාමයෝජනා නිලවරණය පැවැත්වෙන දිනය වන තෙක්ම තමන් වෙත යෙමු කර නොතිබුණ බව කී‍්‍රඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා, ශ්‍රී ලංකා යතුරුපැදි කී‍්‍රඩා සම්මේලනයේ සභාපතිවරයාට ලිඛිතව දන්වා තිබේ.

මෙම නිලවරණය 1973 අංක 25 දරණ කී‍්‍රඩා පනතට සහ 2013.01.15 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ රෙගුලාසි වලට අනුව නොපැවැත්වෙන බැවින් ඒ සඳහා නියෝජිතයකු සහභාගී කරවීමට නොහැකි බවද අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිපියේ සඳහන් වේ.

මහ සභා රැස්වීම පැවැත්වෙන අතරතුරදීත් කී‍්‍රඩා අමාත්‍යංශ නිලධාරිණියක විසින් නිලවරණය නොපවත්වන ලෙස සඳහන් ලියැවිල්ලක් උපාලි දසනායක මහතාට ගෙනවිත් භාරදුන්නද ඔහු ඒ පිළිබඳව කිසිදු තැකීමක් නොකොට, කී‍්‍රඩා අමාත්‍යංශයේ නියෝජිතයකුද නොමැතිවම නිලවරණය පැවැත්වූ බව වාර්තා වේ.

නිලවරණයේදී සභාපති ධූරය සඳහා පමණක් ඡුන්දයක් පැවැත්වූණ අතර අනෙක් සියලූම තනතුරු සඳහා නිලධාරීහු නිතරගයෙන් පත්වූහ.

එහිදී ශ්‍රී ලංකා යතුරුපැදි සංගමය නියෝජනය කළ අරවින්ද මිරැුන්ඩෝ (ඡන්ද 21) මහතා වැඩි ඡන්ද 5 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා රේසිං යතුරුපැදි සංගමයේ ටී. රඝුනාදන් මහතා (ඡන්ද 26) සභාපති ධූරය සඳහා තේරී පත්විය.

1987 සිට 1998 දක්වා කාලය තුළ මොටෝක්‍රොස් සහ යතුරුපැදි රැළි තරග ක‍්‍රීඩකයකු ලෙස ක‍්‍රිඩා කළ රඝුනාදන් මහතා මින් පෙරද යතුරුපැදි සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. රඝුනාදන් මහතා සභාපති ධූරයට පත්වීම සම්බන්ධයෙන් රැස්වීම පැවැත්වෙද්දීත් විවිධ විරෝධතා මතු වූ බවත්, ඔහු මීට පෙර වසර 4 කට වැඩි කාලයක් සම්මේලනයේ තනතුරු දරා තිබීම එම විරෝධතා මතු වීමට හේතු වූ බවත් දැනගන්නට තිබේ.

විරෝධතාවන්ට පිළිතුරු දෙමින් ඔහු කියා ඇත්තේ නැවත වරක් සභාපති ධූරයට ඉදිරිපත් වීම සඳහා තමාට කී‍්‍රඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබී ඇති බවයි. එසේ වුවත් එහිදී අමාත්‍යවරයාගේ අනුමැතිය සඳහන් ලිපිය ඉදිරිපත් කිරීමට ඔහු අපොහොසත් වී ඇත.   

භාණ්ඩාගාරික ධූරය සඳහා නාමයෝජනා භාරදී සිටි ඉස්මයිල් ඔස්මන් මහතා, තමා වසර 4 කට වැඩි කාලයක් සම්මේලනයේ තනතුරු දරා ඇති බවත්, එම නිසා නැවතත් ඒ සඳහා ඉදිරිපත් වීම නීති විරෝධී බවත් පිළිගනිමින් සිය නාමයෝජනාව ඉල්ලා අස්කරගැනීම මෙහි තවත් සුවිශේෂී සිදුවීමක් ලෙස සඳහන් වේ.

සම්මේලනයේ ලේකම් ධූරය සඳහා කමල් පතිරත්න මහතාද, උප සභාපති ධූර සඳහා මනෝහන් සිල්වා සහ චාමිකර පිලපිටිය මහත්වරුන්ද, භාණ්ඩාගාරික ධූරය සඳහා සෙනරත් පෙරේරා මහතාද නිතරගයෙන් පත්වූහ.  

මෙම නිලවරණයේදී සදර්න් මෝටර් රථ කී‍්‍රඩා සංගමය නියෝජනය කරමින් ඡන්දය භාවිතා කළ පුද්ගලයන්ගේ නිල පිළිගැනීම අභියෝගයට ලක්වූ අතර ඔවුන් එම කී‍්‍රඩා සංගමයේ සාමාජිකයන් නොවන බවටද, සංගමයෙන් ඡන්දය භාවිතා කිරීම සඳහා බලය පවරා නැති පිරිසක් බවටද චෝදනා කෙරුණු බවත් දැනගන්නට තිබේ.

..


අදහස් (0)

යතුරුපැදි සම්මේලනයෙන් හිතුවක්කාර නිලවරණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.