Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකා ගොල්ෆ් ක්‍රීඩාවේ වත්මන් කනිෂ්ඨ ශූරයා වන යනික් කුමාර මෙන්ම කනිෂ්ඨ ශූරිය වන කායා දළුවත්ත මෙවර තරගාවලියේදීත් තමන්ගේ ශූරතා ආරක්‍ෂාකර ගැනීම සඳහා ඉදරිපත්ව සිටිති. කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩකයන් සඳහා වන ශ්‍රී ලංකා කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය මේ මස 20, 21 සහ 22 දිනයන්හිදී පැවැත්වේ.
යනික් සහ කායා පසුගිය වසරේදී ජාතික කනිෂ්ඨ තරගාවලියේදී ශූරතා දිනාගත්තෝ වෙති.
ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය විසින් මෙහෙයවනු ලබන මෙම තරගාවලිය බොරැල්ලේ පිටිහි, කොළඹ රාජකීය ගොල්ෆ් සමාජ පිටියේදී පැවැත්වෙයි. මෙම තරගාවලිය ලෝකයේ ආධුනික ගොල්ෆ් තරගාවලි අතරේ ශ්‍රේණිගත තරගාවලියකි.
තරගාවලියේ රන් කාණ්ඩයේ ශූරතාව දිනාගන්නා ක්‍රීඩකයාත් ක්‍රීඩිකාවත් ශ්‍රී ලංකා ගොල්ෆ් ක්‍රීඩාවේ කනිෂ්ඨ ශූරයා සහ ශූරිය ලෙසින් අබිසෙස් ලබනු අත. ඒ අනුව ශ්‍රී ලංකා ජාතික කනිෂ්ඨ තරගාවලියේ ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩිකාවන්ට ලෝක කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම් අතරට එක්වීමේ අවකාශ ලැබෙනු ඇත.
වසර 2026 දී සෙනගාලයේ ඩකා නුවරදී පැවැත්වෙන සිව්වැනි යොවුන් ඔලිම්පික් තරගාවලිය සඳහාත් ගොල්ෆ් ක්‍රීඩාව ඇතුළත් කෙරෙනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනකු ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ අපේක්‍ෂාව බව ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ කනිෂ්ඨ ගොල්ෆ් කමිටුවේ සභාපතිනිය වන නිලු ජයතිලක මහත්මිය කියා සිටියාය.
ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය, 1980 වසරේ සිට සම්ප්‍රදායක් ලෙස, දෙසැම්බර් මාසයේදී සංවිධානය කරනු ලබන්නකි. වයස අවුරුදු 9 ත් 18 අතර වයස් සීමාවේ වයස් කාණ්ඩ කිහිපයක් ඔස්සේ මෙවරත් ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය පැවැත්වේ.
මෙවර තරගාවලිය සඳහා ආසන්න වශයෙන් කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩකයන් 80 ත් 100 ත් අතර පිරිසක් ඉදිරිපත්ව සිටිති. රන් (අවුරුදු 15-18), රිදී (අවුරුදු 12-14), ලෝකඩ (අවුරුදු 10-12) සහ තඹ (අවුරුදු 9 ට වැඩි) වශයෙන් කාණ්ඩ 4 කින් තරගාවලිය පැවැත්වේ.
පසුගිය වසරේ (2021) ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතා දිනාගත් යනික් කුමාරට සහ කායා දළුවත්තට තියුණු අභියෝගයක් වෙමින් කනිෂ්ඨ ගොල්ෆ් පිටියේ මේ වනවිට කැපීපෙනෙන දස්කම් දක්වා ඇති නිරේක් තේජ්වානි, විනුද වීරසිංහ, කේ ධනූෂාන්, සංකනාත් හේසර සහ ෂෙරින් මේ වසරේදී කනිෂ්ඨ තරගාවලියට ඉදිරිපත්ව සිටිති.
“බි්‍රතාන්‍ය විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ දස්කම් දැක්වූ නිරේක් තේජ්වානි මෙවරත් ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට ඉදිරිපත්ව සිටිනවා. ඒ නිසා අතිශය උද්යෝගිමත් කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියක් මෙවර බලාපොරොත්තු වෙන්න පුළුවන්”
“ජාතික මට්ටමේ දක්ෂතා දක්වන කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩකයන් හඳුනාගනිමින් ඔවුන්ට ජාත්‍යන්තර මට්ටම දක්වා ගමන් කරන්නට අත්වැලක් වීම සඳහා ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සංවිධානය කරනවා. ඒ වගේම මේ වසරේදී ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ ප්‍රාදේශීය තරගාවලි පැවැති මහනුවර, අනුරාධපුර සහ නුවරඑළිය කලාපයන්ගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයේ විශාල වර්ධනයක් අපි දැක්කා” යයි නිලූ ජයතිලක මහත්මිය වැඩිදුරටත් කියා සිටියාය.
ශ්‍රී ලංකා විවෘත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය සඳහා පිට පිටම 14 වැනි ප්‍රීමා සමාගම අනුග්‍රහය දක්වයි.
ප්‍රීමා සමාගමට අයත් ශ්‍රී ලංකා ව්‍යාපාර සමූහයේ සාමාන්‍යාධිකාරී ලෝරන්ස් චෑන් මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ගොල්ෆ් ක්‍රීඩාව නගාසිටුවීමට දීර්ඝ කාලයක් තිස්සේ ඉතා කැමැත්තෙන් හා මහත් ඕනෑකමකින් සහයෝගය ලබාදුන් සිය සමාගමට ජාතික මට්ටමේ කනිෂ්ඨ ගොල්ෆ් ශූරයන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබන ඉසව්වක කොටස්කරුවන් බවට පත්වන්නට හැකිවීම එම සමාගම ලැබූ විශාල ගෞරවයක් බවයි.
ප්‍රීමා සමාගමට අයත් ශ්‍රී ලංකා ව්‍යාපාර සමූහයේ සාමාන්‍යාධිකාරී ලෝරන්ස් චෑන් මහතා විසින් තරගාවලිය සඳහා වන අනුග්‍රාහක චෙක්පත ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමයේ කනිෂ්ඨ ගොල්ෆ් කමිටුවේ සභාපතිනිය වන නිලු ජයතිලක මහත්මිය වෙත ප්‍රදානය කරන ලද අවස්ථාව.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.