Last Update  :  2025-01-15 19:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යාපනය කිංග්ස් පෙරමුණ රැකගනී
එල්.පී.එල්. - 2024

යාපනය කිංග්ස් පෙරමුණ රැකගනී

editorial - 2024 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග 14 ක් නිමාවට පත්වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ රැකගැනීමට යාපනය කිංග්ස් කණ්ඩායම සමත්ව සිටියි. මේ දක්වා තරග 6 කට ක්‍රීඩා කර ඇති ඔවුහු ඉන් තරග 4 ක් ජයගෙන ලකුණු 8 කට හිමිකම් කියති. 

ගාල්ල මාවල්ස් කණ්ඩායමද මේ දක්වා තරග 6 කට සහභාගි වී ඉන් තරග 4 ක් ජයගෙන ලකුණු 8 ක් ලබා සිටින නමුත් රඳවාගෙන ඇති ශුද්ධ ලකුණු වේගය අනුව ඔවුන්ට තවදුරටත් ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුව තිබේ. 

කොළඹ ස්ට්‍රයිකර්ස් සහ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම් තරග 5 කදී තරග 2 බැගින් ජය ගෙන ලකුණු 4 කට හිමිකම් කියන අතර මහනුවර ෆෝල්කන්ස් කණ්ඩායම තරග 6 කදී ජයග්‍රහණ 2 ක් ලබා ලකුණු 4 කට හිමිකම් කියයි. කෙසේ වුවත් ශුද්ධ ලකුණු වේගයන් අනුව කොළඹ, දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් පිළිවෙලින් තෙවැනි, සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පසුවේ. 

තරගාවලියේ මූලික වටයේ තවත් 6 ක් ඉතිරිව ඇති අතර එහිදී යාපනය, ගාල්ල සහ මහනුවර කණ්ඩායම් තරග 2 කට බැගින්ද, කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් තරග 3 කට බැගින්ද ක්‍රීඩා කිරීමට නියමිතය. සෙසු තරග 6 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත. 

මෙතෙක් පැවැති තරගවලදී වැඩිම ලකුණු ලාභීන් අතර පෙරමුණ ගැනීමට යාපනය කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්ව සිටින අතර තරග 6 දී ශතකයක් සහ අර්ධ ශතක 2 ක් සමග ඔහු ලබා සිටින ලකුණු සංඛ්‍යාව 303 කි. ගාල්ල කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන තරග 6 කදී කඩුලු 11 ක් දවාගනිමින් වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණේ පසුවේ. 

මූලික වටයේ තරග එළබෙන 16 වැනිදායින් නිමාවට පත්වන අතර 18 වැනිදා පළමු අවසන් පූර්ව තරගය සහ පිළිමළුන් පිටු දැකීමේ තරගයද, 20 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගයද පැවැත්වේ. අවසන් මහ තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ එළබෙන 21 වැනිදාය. 


 
-036 

 


අදහස් (0)

යාපනය කිංග්ස් පෙරමුණ රැකගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.