Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා දහයයි-10 ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය ලෙස යාපනය ටයිටන්ස් කණ්ඩායම සහ කොළඹ ජගුවර්ස් කණ්ඩායම අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් වාර්තා කිරීමට යාපනය ටයිටන්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග තරගාවලිය පුරා සිය අපරාජිත බව රැකගනිමින් අවසන් වටයට පිවිසීමටද යාපනය කණ්ඩායමට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 100 ක ඉලක්කයක් හඹාගිය යාපනය ටයිටන්ස් ක්‍රීඩකයෝ ඕවර 5.4 ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියහ. ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 23 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 11 ක් සමග නොදැවී ලකුණු 79 ක් රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය. මෙම තරගාවලියේදී මේ දක්වා ක්‍රීඩකයකු රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාවද එය විය.
ආරම්භක පිතිකරු කෙවින් වික්හැම් ලකුණු නොළබා දැවී යෑමෙන් අනතුරුව චරිත් අසලංක (නොදැවි 16) සමග එක්ව පන්දු 30 කදී ලකුණු 98 ක නොබිඳුණු වේගවත් සම්බන්ධතාවක් ගොඩනගමින් කුසල් යාපනය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. එහිදී පන්දු 8 කට මුහුණදුන් චරිත්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් කොළඹ ජගුවර්ස් කණ්ඩායමට දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛ යාපනය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 10 අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 99 ක් පමණි. එහිදී වෙල්ලාලගේ සිය ඕවර 2 ලකුණු 5 කට සීමා කරමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත් වූ අතර කොළඹ ක්‍රීඩකයන් ලකුණු 100 කට මෙපිටින් රඳවාගැනිම සඳහා ඔහුට අනගි සහාදුන් ළහිරු කුමාර ලකුණු 19 කට කඩුලු 2 ක් බිඳහෙළීය.
කොළඹ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රමේෂ් මෙන්ඩිස් පන්දු 16 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 28 ක් රැස්කළ අතර අසීෆ් අලී පන්දු 7 කදී ලකුණු 18 ක් රැස්කළේද හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි. කමිඳු මෙන්ඩිස් පන්දු 10 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග රැස්කළ ලකුණු සංඛ්‍යාව 17 කි.
කොළඹ ජගුවර්ස් පිල - ඕවර 10 කදී කඩුලු 8 ක් දැවී 99
(කමිඳු මෙන්ඩිස් 17, අසීෆ් අලී 18, රමේෂ් මෙන්ඩිස් නොදැවී 28, දුනිත් වෙල්ලාලගේ 05/3, ළහිරු කුමාර 19/2)
යාපනය ටයිටන්ස් පිල - ඕවර 5.4 කදී කඩුල්ලක් දැවී 100
(කුසල් මෙන්ඩිස් නොදැවී 79, චරිත් අසලංක නොදැවී 16)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.