Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ලංකා දහයයි-10 ලීග් ක්‍රිකට් තරගාවලියේ යාපනය ටයිටන්ස් කණ්ඩායම සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම අතර පල්ලෙකැගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (18 වැනිදා) පැවැති පළමු අවසන් පූර්ව තරගයෙන් ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට යාපනය ටයිටන්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයත් සමග ඍජුවම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමටද යාපනය කණ්ඩායමට හැකි විය.
මෙම තරගයේදී පරාජයට පත් වුවද, හම්බන්තොට කණ්ඩායමට තවමත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට අවස්ථාව පවතින අතර ඒ සඳහා ඔවුන් පරාජිතයන් ඉවත් කිරීමේ තරගයෙන් ජයගන්නා කණ්ඩායම, දෙවැනි අවසන් පූර්ව තරගයේදී පරාජය කළ යුතුය. ගාල්ල මාවල්ස් සහ මහනුවර බෝල්ට්ස් යන කණ්ඩායම් අතර පරාජිතයන් ඉවත් කිරිමේ තරගය පැවැත්වේ.
ජයග්‍රහණය සඳහා ලකුණු 125 ක ඉලක්කයක් හඹාගිය හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට ටේරවීන් මැතිව් ප්‍රමුඛ යාපනය පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 9.3 ක් අවසන් වන විට සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 85 ක් පමණි. එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මැතිව් සිය ඕවර 2 ලකුණු 13 කට සීමා කරමින් කඩුලු 4 ක් බිඳහෙළීය. ඒ සමගම සිය කඩුලු සංඛ්‍යාව 12 ක් දක්වා ඉහළ දමාගත් ඔහු තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවටද පත් විය.
ප්‍රමෝද් මධුෂාන් ලකුණු 15 කට කඩුලු 2 දවාගනිමින්ද, නුවන් තුෂාර සහ ජෝජ් ගාර්ටන් එක් කඩුල්ල බැගින් බිඳහෙළමින්ද හම්බන්තොට කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා මැතිව්ට අනගි සහායක් දුන්හ. හම්බන්තොට ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ඉසුරු උදාන පන්දු 14 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 23 ක් රැස්කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් යාපනය ටයිටන්ස් කණ්ඩායමට ඕවර 10 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 124 ක් ලබාගත් අතර එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 25 කින් නොදැවී ලකුණු 47 ක් රැස්කළේ හයේ පහර 4 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි. මෙම ඉනිමත් සමග මෙම තරගාවලියේදී ලකුණු 200 සීමාව පසුකර ගිය පළමු ක්‍රීඩකයා බවට පත්වීමටද කුසල් සමත් විය.
ලකුණු 53 කට කඩුලු 2 ක් දැවී යෑමෙන් අනතුරුව ටොම් ඇබෙල් (23) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 25 කදී ලකුණු 51 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද කුසල් සමත් විය. පන්දු 12 කදී වාර්තා වූ ඇබෙල්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 3 කින් සමන්විත විය. අවසන් පන්දු කිහිපයට මුහුණදීම සඳහා පිටියට පිවිසි නායක ඩේවිඩ් වීස් පන්දු 5 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 18 ක් රැස්කළේය.
යාපනය ටයිටන්ස් පිල - ඕවර 10 කදී කඩුලු 4 ක් දැවී 124
(කුසල් මෙන්ඩිස් 47, චරිත් අසලංක 17, ටොම් ඇබෙල් 23, ඩේවීඩ් වීස් නොදැවී 18)
හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල - ඕවර 9.3 කදී සියලු දෙනා දැවී 85
(ෂෙවෝන් ඩැනියෙල් 13, සබීර් රහමන් 15, සහන් ආරච්චිගේ 12, ඉසුරු උදාන 23, ටේරවීන් මැතිව් 13/4, ප්‍රමෝද් මධුෂාන් 15/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.