Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධානය කරන ලංකා දහයයි-10 සුපිරි ලීග ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම්වලට ක්‍රීඩකයන් තෝරාගැනීම ඊයේ (10 වැනිදා) කොළඹ රත්නදීප හෝටල් පරිශ්‍රයේදී පැවැති අතර එහිදී යාපනය ටයිටන්ස් කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා විස්සයි-20 ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 5 දෙනෙකුම ඇතුළත්වීම කැපී පෙණිනි.
ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ නායක චරිත් අසලංක, හිටපු නායක වනිඳු හසරංග, කුසල් මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ සහ නුවන් තුෂාර එම ක්‍රීඩකයෝ වූහ. මෙම ක්‍රීඩකයන් 5 දෙනාම ප්‍රබල ක්‍රීඩකයන් වන බැවින් ක්‍රීඩකයන් තෝරාගැනීමෙන් පසුව සෙසු කණ්ඩායම්වලට වඩා යාපනය ටයිටන්ස් කණ්ඩායම තරමක් ශක්තිමත් බව පෙනී යයි.
කොළඹ ජගුවර්ස්, ගාල්ල මාවල්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස්, යාපනය ටයිටන්ස්, මහනුවර බෝට්ල්ස් සහ මහනුවර බෝට්ල්ස් යන කණ්ඩායම්වල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය දෙසැම්බර් මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
ක්‍රීඩක තෝරාගැනීමේදී කොළඹ ජගුවර්ස් සහ හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම් දෙක පමණක් උපරිම ක්‍රීඩකයන් සංඛ්‍යාව (18) සම්පූර්ණ කරගත්තේය. යාපනය ටයිටන්ස් කණ්ඩායමට තවත් ක්‍රීඩකයන් තිදෙනෙක්ද, ගාල්ල මාවල්ස් සහ මහනුවර බෝට්ල්ස් කණ්ඩායම්වලට ක්‍රීඩකයන් දෙදෙනා බැගින්ද, නුවරඑළිය කිංග්ස් කණ්ඩායමට එක් ක්රීඩකයකුද ඇතුළත් කර ගැනීමට තවදුරටත් අවස්ථාව පවතී.
මේ වන විට ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයේ සිටින කමිඳු මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මධුෂංක කොළඹ ජගුවර්ස් කණ්ඩායමට ඇතුළත් කෙරුණු අතර මතීෂ් තීක්ෂණ, භානුක රාජපක්ෂ සහ චමිඳු වික්‍රමසිංහ ගාල්ල මාවල්ස් කණ්ඩායමට ඇතුළත් කෙරිණ. එහිදී පැතුම් නිස්සංක සහ දිනේෂ් චන්දිමාල් මහනුවර බෝට්ල්ස් කණ්ඩායමටත්, කුසල් පෙරේරා හම්බන්තොට බංග්ලා ටයිගර්ස් කණ්ඩායමටත්, අවිෂ්ක ප්‍රනාන්දු නුවරඑළිය කිංග්ස් කණ්ඩායමටත් ඇතුළත් වූහ.
කොළඹ ජගුවර්ස් පිල (ක්‍රීඩකයන් 18)
ඇන්ජලෝ මැතිව්ස්, අසාම් ඛාන් (පාකිස්තානය), කමිඳු මෙන්ඩිස්, මතීෂ පතිරණ, ටයිමාල් මිල්ස්, අසීෆ් අලී (පාකිස්තානය), ඇන්ජලෝ පෙරේරා, අකිල ධනංජය, අලී ඛාන් (ඇමරිකාව), නජිබුල්ලා සද්රාන් (ඇෆ්ඝනිස්ථානය), ඉසිත විජේසුන්දර, රමේෂ් මෙන්ඩිස්, ආමීර් ජමාල් (පාකිස්තානය), රනුද සෝමරත්න, ජෙවෙල් ඇන්ඩෘ (බටහිර ඉන්දීය කොදෙව්), අසිත ප්‍රනාන්දු, ඩිල්ෂාන් මධුෂංක සහ ගරුක සංකේත්
ගාල්ල මාවල්ස් පිල (ක්‍රීඩකයන් 16)
මතීෂ් තීක්ෂණ, සකීබ් අල් හසන් (බංග්ලාදේශය), බිනුර ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, ලුක් වුඩ් (එංගලන්තය), ඇලෙක්ස් හේල්ස් (එංගලන්තය), ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, සහූර් ඛාන් (එක්සත් අරාබි එමීර්), ඇන්ඩි්ර ෆ්ලෙචර් (බටහිර ඉන්දීය කොදෙව්), සඳුන් වීරක්කොඩි, ප්‍රභාත් ජයසූරිය, කෙස්රික් විලියම්ස් (බටහිර ඉන්දීය කොදෙව්), දුමිඳු සෙව්මිණ, තදිවන්ෂේ මරුමානි (සිම්බාබ්වේ) සහ සදීෂ රාජපක්ෂ
හම්බන්තොට බංග්ලා ටයිගර්ස් පිල (ක්‍රීඩකයන් 18)
දසුන් ශානක, ඉෆ්කාර් අහමඩ් (පාකිස්තානය), දුෂ්මන්ත චමීර, කුසල් පෙරේරා, රිචඩ් ග්ලීසන් (එංගලන්තය), හස්රතුල්ලා සසායි (ඇෆ්ඝනිස්ථානය), තරිඳු රත්නායක, ඉසුරු උදාන, මොහොමඩ් ශේෂාඩ් (ඇෆ්ඝනිස්ථානය), කරීම් ජානට් (ඇෆ්ඝනිස්ථානය), ධනංජය ලක්ෂාන්, නිෂාන් පීරිස්, සෞම්‍ය සාකර් (බංග්ලාදේශය), ෂෙවෝන් ඩැනියෙල්, බ්‍රයන් බෙනට් (එංගලන්තය), සහන් ආරච්චිගේ, විජයකාන්ත් වියස්කාන්ත් සහ චමත් ගෝමස්
යාපනය ටයිටන්ස් පිල (ක්‍රීඩකයන් 15)
වනිඳු හසරංග, ටොම් කොලර් කැඩ්මෝ (එංගලන්තය), චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, මොහොමඩ් අමීර් (පාකිස්තානය), ජොන්සන් චාල්ස් (බටහිර ඉන්දීය කොදෙව්), දුනිත් වෙල්ලාලගේ, නුවන් තුෂාර, ඩේවිඩ් වීස් (නැමීබියාව), ඩ්වේන් ප්‍රිටෝරියස් (දකුණු අප්‍රිකාව), ප්‍රමෝද් මධුෂාන්, පවන් රත්නායක, ජෝජ් ගාර්ටන් (එංගලන්තය), ටේරවීන් මැතිව් සහ කෙවින් වික්හැම් (බටහිර ඉන්දීය කොදෙව්)
මහනුවර බෝට්ල්ස් පිල (ක්‍රීඩකයන් 16)
තිසර පෙරේරා, ඉමාඩ් වසීම් (පාකිස්තානය), පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, සයිම් අයුබ් (පාකිස්තානය), ජෝජ් මුන්සේ (ස්කොට්ලන්තය), චතුරංග ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, ශානවාස් දහානි (පාකිස්තානය), අමීර් හම්සා (ඇෆ්ඝනිස්ථානය), ෂෙහාන් ජයසූරිය, චාමික ගුණසේකර, චන්ද්‍රපෝල් හේමරාජ් (බටහිර ඉන්දීය කොදෙව්), දනාල් හේමානන්ද, ඇරිනෙස්ටෝ වෙස්හා (සිම්බාබ්වේ) සහ සීක්කුගේ ප්‍රසන්න
නුවරඑළිය කිංග්ස් පිල (ක්‍රීඩකයන් 17)
අවිෂ්ක ප්‍රනාන්දු, සෞරබ් තිවාරි (ඉන්දියාව), දුෂාන් හේමන්ත, කසුන් රාජිත, බෙනී හොවෙල් (එංගලන්තය), කයිල් මේයර්ස් (බටහිර ඉන්දීය කොදෙව්), ළහිරු මධුෂංක, ධනුෂ්ක ගුණතිලක, අෆ්ටාබ් අලාම් (ඇෆ්ඝනිස්ථානය), ඔෂේන් තෝමස් (බටහිර ඉන්දීය කොදෙව්), නිම්සර අතරගල්ල, යශෝධ ලංකා, සුබේඩ් අක්බාරි (ඇෆ්ඝනිස්ථානය), විෂේන් හැලඹගේ, රිවල්ඩෝ ක්ලාර්ක් (බටහිර ඉන්දීය කොදෙව්), චාමික කරුණාරත්න සහ පුලිඳු පෙරේරා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.