Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ගෝවේ නගරයේදී පැවැති ලෝක සංචාරක කලාපීය නූතන පංච ප්‍රයාම තරගාවලියේදී යුගල ප්‍රයාම (දිවීම සහ පිහිනීම) පිරිමි ජ්‍යෙෂ්ඨ රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ජේ. නුවන් කුමාර සමත් විය. එම ඉසව්වේ විශේෂ සිදුවීම වූයේ එහි රිදී හා ලෝකඩ පදක්කම් දෙකක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් විසින් හිමිකර ගැනීමයි.
එම්.එන්.පී. සේනාරත්න රිදී පදක්කමද, රුවන්සිරි සිල්වා ලෝකඩ පදක්කමද හිමි කර ගත්හ.
ලෝක පංච ප්‍රයාම සම්මේලනය සංවිධානය කළ ලෝක සංචාර ශූරතා තරගාවලියේ යුගල ප්‍රයාම (පිරිමි ජ්‍යෙෂ්ඨ) ඉසව්වේ අවසන් තරගයට ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනා ඇතුළුව නේපාල හා ඉන්දීය ක්‍රීඩකයෝ 9 දෙනෙක් සුදුසුකම් ලබා ගත්හ. මෙම ඉසව්ව යටතේ මීටර 1600 ක දුරක් දිව ගොස් පසුව මීටර 200 ක පිහිනුම් තරගයකට එක්වේ. ඉසව්ව නිමාවට පත් වන්නේ තවත් මීටර 1600 ක දුරක් දිවයාම අවසන් කිරීමෙන් පසුවය.
ධාවනය විනාඩි 13 තත්ත්පර 14.56 කට නිමා කළ නුවන් කුමාර ඉසව්වේ ජයග්‍රාහකයා බවට පත්විය. කෙසේ වුවත් රන් පදක්කම්ලාභී නුවන් කුමාරට මෙම ජයග්‍රහණය එතරම් අමුත්තක් නොවන්නේ පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදීත් තුන් ප්‍රයාම (පිරිමි) ඉසව්වේ ඔහු ලෝකඩ පදක්කම්ලාභියා වූ බැවිනි.
වසර 2013 දී මෙරට ස්ථාපිත කළ ශ්‍රී ලංකා පංච ප්‍රයාම සම්මේලනයේ ලේකම් නිශාන්ත පියසේන මහතා පැවසුවේ ගෝවේ ජයග්‍රහණ අත්කර ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වසර 2017 දී පැවැත්වෙන ලෝක පංච ප්‍රයාම ශූරතාවලියට සුදුසුකම් ලබා තිබෙන බවයි.
කෙටිකළක් තුළදී ශ්‍රී ලංකාවේදීත් ප්‍රයාම ඉසව්වෙන් ජාත්‍යන්තර වශයෙන් ඉහළ ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
නුතන පංච ප්‍රයාමය ශ්‍රී ලංකාවේ 52 වැනි ක්‍රීඩාව ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය විසින් මෙරට නීතිගත කර තිබේ. කඩු හරඹ හා අසුන් මෙහෙයවීමද පිස්තෝලයෙන් වෙඩි තැබීමද පංච ප්‍රයාම ක්‍රීඩාවට ඇතුළත් වේ.
නූතන පංච ප්‍රයාම ජාතික පුහුණුකරු වන රුචිර බණ්ඩාර මහතා මෙම සංචාරයේ පුහුණුකරු ලෙස සහභාගි විය. රන් පක්කම්ලාභී නුවන් කුමාර නාවික හමුදාවේ සේවය කරයි. පදක්කම්ලාභී සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ගුවන් හමුදාවේ සේවය කරන්නෝ වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.