Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුද හමුදා - මාස් වැඩි ගෞරව දිනාගනී

යුද හමුදා - මාස් වැඩි ගෞරව දිනාගනී

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති වාර්ෂික ආධුනික බොක්සිං තරගාවලියේ පිරිමි අංශයේ වැඩි ගෞරව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාවත්, කාන්තා අංශයේ වැඩි ගෞරව දිනාගැනීමට මාස් කී‍්‍රඩා සමාජයත් සමත්විය.

ශ්‍රී ලංකා යුද හමුදාව පිරිමි අංශයේ රන් පදක්කම් 4 ක් සහ රිදී පදක්කම් 3 ක් දිනාගත් අතර මාස් කී‍්‍රඩා සමාජය කාන්තා අංශයේ රන් පදක්කම් 8 ක් සහ රිදී පදක්කම් 3 ක් දිනාගත්තේය.

ලයිට් වෙල්ටර් (කි. ග‍්‍රෑ. 64) බර පංතියෙන් තරග කළ යුද හමුදාවේ කේ. ජී. පද්මසිරි තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙසත්, ලයිට් (කි. ග‍්‍රෑ. 60) බර පංතියෙන් තරග කළ යුද හමුදාවේ ඩබ්ලිව්. එම්. වීරබාහු දක්ෂතම කී‍්‍රඩිකාව ලෙසත් සම්මාන දිනාගත්හ.

ලයිට් වෙල්ටර් (කි. ග‍්‍රෑ. 64) බර පංතියෙන් තරග වැදුණු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආර්. එම්. බණ්ඩාර තරගාවලියේ දක්ෂතම පරාජිතයා බවට පත්වූ අතර ලයිට් ෆ්ලයි (කි. ග‍්‍රෑ. 48) බර පංතියෙන් තරග වැදුණු මාස් සදර්න් කී‍්‍රඩා සමාජයේ කේ. එම්. සජානි තරගාවලියේ දක්ෂතම පරාජිකාව බවට පත්වූවාය.

ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ මෙම තරගාවලියට කී‍්‍රඩා සමාජ 20 නියෝජනය කරමින් කී‍්‍රඩකයන් 193 ක් සහ කී‍්‍රඩිකාවන් 52 ක් සහභාගී වූහ.

අන්තර් ජාතික බොක්සිං සංගමයේ සුදුසුකම් ලත් සෞඛ්‍ය නිලධාරියකු සහ භෞතචිකිත්සක වරයකු වන වෛද්‍ය ඊ. ඩබ්ලිව්. ජයසිංහ මහතා තරගාවලියේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී විය.


පිිරිමි තරග ප‍්‍රතිඵල

ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතිය
ඩබ්ලිව්. එච්. ප‍්‍රනාන්දු (මාස් යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් ජේ. එම්. ජීවන් කුමාර (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 52) බර පංතිය
කේ. ඒ. මදුසංක (මාස් සිලූටා කී‍්‍රඩා සමාජය) විසින් එම්. එම්. උදය කුමාර  (යුද හමුදාව) පරාජය කරන ලදි.

බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 56) බර පංතිය
එම්. ඒ. එරංග චන්ද්‍රරන්ත (මාස් කැෂුවල් ලයින් කී‍්‍රඩා සමාජය) විසින් පී. එම්. චන්ද්‍ර බණ්ඩාර (යුද හමුදාව) පරාජය කරන ලදි.

ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
අයි. පී. උදය කුමාර (ගුවන් හමුදාව) විසින් ආර්. එම්. රත්නායක (යුද හමුදාව) පරාජය කරන ලදි.

ලයිට් වෙල්ටර්  (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
කේ. ජී. පද්මසිරි (යුද හමුදාව) විසින් ආර්. එම්. බණ්ඩාර (නාවික හමුදාව) පරාජය කරන ලදි.

වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
එම්. එස්. ජීවන්ත (යුද හමුදාව) විසින් ඩබ්ලිව්. එම්. ආරියරත්න (නාවික හමුදාව) පරාජය කරන ලදි.

මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
එච්. ඒ. කුමාර (ගුවන් හමුදාව) විසින් එම්. ඒ. සම්පත් කුමාර (යුද හමුදාව) පරාජය කරන ලදි.

ලයිට් හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
ඒ. ජී. ගුණරත්න (මාස් ලීනියා කී‍්‍රඩා සමාජය) විසින් ඩබ්ලිව්. එම්. වනිගසේකර (නාවික හමුදාව) පරාජය කරන ලදි.
 
හෙවි (කිලෝ ග‍්‍රෑම් 91) බර පංතිය
එල්. එල්. කෝදාගොඩ (යුද හමුදාව) විසින් ජී. එස්. එදිරිසිංහ (යුද හමුදාව) පරාජය කරන ලදි.

සුපර් හෙවි (කිලෝ ග‍්‍රෑම් 91 න් ඉහළ) බර පංතිය
ජේ. ඒ. ජයරත්න (යුද හමුදාව) විසින් ආර්. කුමාරන් (පොලිසිය) පරාජය කරන ලදි.
කාන්තා තරග ප‍්‍රතිඵල

කාන්තා තරග ප‍්‍රතිඵල

ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතිය
පී. ජී. වාසනා (මාස් තුරුලිය කී‍්‍රඩා සමාජය) විසින් කේ. එම්. සජානි (මාස් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.
 
ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 51) බර පංතිය
එච්. තාරුකා ද මෙල් (මාස් යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් පී. ඒ. පස්යාල (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 54) බර පංතිය
එම්. පී. කුරේ (මාස් යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් එච්. එම්. හේරත් (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 57) බර පංතිය
ආර්. ටී. තල්ගස්පිටිය (මාස් ලීනියා කී‍්‍රඩා සමාජය) විසින් එන්. ඒ. ජයවීර (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
ඩබ්ලිව්. එම්. වීරබාහු (යුද හමුදාව) විසින් පී. ඒ. කුමාරි (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
එච්. වී. ප‍්‍රනාන්දු (මාස් සිලූටා කී‍්‍රඩා සමාජය) විසින් ඩබ්ලිව්. එම්. සමරතුංග (මාස් තුරුලිය කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.

වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
පී. ඒ. කුමාරි (මාස් තුරුලිය කී‍්‍රඩා සමාජය) විසින් එම්. ඒ. රණතුංග (පොලිසිය) පරාජය කරන ලදි.

මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
ඒ. එම්. අතපත්තු (මාස් තුරුලිය කී‍්‍රඩා සමාජය) විසින් එන්. එස්. පෙරේරා (පොලිසිය) පරාජය කරන ලදි.

හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
ආර්. කේ. ශිරෝමාලි (මාස් යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් එම්. අයි. ප‍්‍රනාන්දු (මාස් යුනිචෙලා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදි.

 

- 036


අදහස් (0)

යුද හමුදා - මාස් වැඩි ගෞරව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.