Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුද හමුදා වොලිබෝල් ශූරතාව පාකිස්තානයට

යුද හමුදා වොලිබෝල් ශූරතාව පාකිස්තානයට

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ (පිරිමි) ශූරතාව ආරාධිත කණ්ඩායමක් වන පාකිස්තානු යුද හමුදා කණ්ඩායම විසින් දිනාගන්නා ලදි.

යුද හමුදාවේ ආරාධනාවකට අනුව දිවයිනට පැමිණි පාකිස්තානු යුද හමුදා කණ්ඩායම මෙම තරගාවලියට එක්ව සිටියේය. ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බල සේනාව විසින් මෙවර තරගාවලිය සංවිධානය කරන ලදි.

මහරගම ජාතික තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති අවසන් මහා තරගයේදී යුද හමුදා පාබල හමුදා කණ්ඩායම තරග වට 3-1 කින් පරාජය කිරීමට පාකිස්තානු කණ්ඩායම සමත්විය. යුද හමුදා සේවා බලකා කණ්ඩායම තෙවැනි ස්ථානය ලැබීය.

තරගාවලියේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනා විධායක හා ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්. සී. පී. ගුණතිලක මහතා සහභාගිවිය.  

යුද හමුදා II වැනි කාන්තා බලකා කණ්ඩායම සහ යුද හමුදා IV වැනි කාන්තා බලකා කණ්ඩායම කාන්තා ශූරතාවය සදහා තරග වැදුණි. ඉන් තරග වට 3-2 ක් ලෙස තියුණු තරගයකින් පසුව ජය ගැනීමට IV වැනි කාන්තා බලකා කණ්ඩායම සමත්විය.

පොදු සේවා බලකා කණ්ඩායමට තෙවැනි ස්ථානය හිමිවිය.

‘ඒ ’කාණ්ඩයේ ශූරතාවය ජාතික ආරක්‍ෂක බළමුළු කණ්ඩායම විසින් දිනාගන්නා ලද අතර අනු ශූරතාවය ඉංජිනේරු රෙජිමේන්තුවට හිමිවිය. විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා කණ්ඩායමට හිමි වුයේ තෙවැනි ස්ථානයයි.

 


- 090

 

යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක හා ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එච්.සී.පී ගුණතිලක මහතා විසින් සුපිරි අට වටයේ ශූරතාවය දිනාගත් පකිස්තානු යුද හමුදා කණ්ඩායම වෙත ශූරතා කුසලානය ප්‍රදානය කරන ලද අයුරු.

 

 

යුද හමුදා ස්වේච්ඡා බලසේනා හිටපු නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්.ඩී.එල්.පී. වික්‍රමසිංහ(විශ්‍රාමික) මහතා විසින් ‘ඒ ’කණ්ඩයේ ශූරතාවය දිනාගත් ජාතික ආරක්‍ෂක බලමුළු කණ්ඩායමට ශූරතා කුසලානය ලබා දුන් අයුරු

 

 

යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.සී.පී. ගුණතිලක මහතාගේ බිරිඳ ලුෂානි ගුණතිලක මහත්මිය විසින් කාන්තා ශූරතාවය දිනාගත් යුද්ධ හමුදා IV වන කාන්තා බලකාය බලකායේ නායිකාවට කුසලානය ප්‍රදානය කරන ලද අයුරු.

 

 

 

 


අදහස් (0)

යුද හමුදා වොලිබෝල් ශූරතාව පාකිස්තානයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.