Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යුද හමුදාව - ගුවන් හමුදාව වැඩි ගෞරව දිනයි
ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය

යුද හමුදාව - ගුවන් හමුදාව වැඩි ගෞරව දිනයි

editorial - 2022 මාර් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගණයේදී දින 4 ක් පුරා පැවති 80 වැනි ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේ පිරිමි අංශයේ වැඩි ගෞරව දිනාගැනීමට යුද හමුදාවත්, කාන්තා අංශයේ වැඩි ගෞරව දිනාගැනීමට ගුවන් හමුදාවත් සමත් විය.  

පිරිමි අංශයේ අණසක පැතිරවීමට යුද හමුදාව සමත් වූයේ බර පංති 13 න් 10 කම රන් පදක්කම් දිනා ගනිමිනි. එහි සෙසු බර පංති තුනේ රන් පදක්කම් දිනා ගැනීමට ගුවන් හමුදාව, නාවික හමුදාව සහ පොලිසිය සමත් විය. කාන්තා අංශයේදී වැඩි දස්කම් දැක්වූ ගුවන් හමුදාව බර පංති 4 න් 3 කම රන් පදක්කම් දිනාගත් අතර සෙසු බර පංතියේ රන් පදක්කම විද්‍යාරතන ක්‍රීඩා සමාජය සතු විය. 

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 63.5) බර පංතියෙන් තරග වැදුණ යුද හමුදාවේ සංජීව බණ්ඩාර රාජකරුණා සම්මාන දිනා ගතතේය. දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගනු ලැබුවේ ලයිට් (කිලෝ ග්‍රෑම් 48) බර පංතියෙන් තරග වැදුණ විද්‍යාරතන ක්‍රීඩා සමාජයේ ආර්.ඒ. නදීකා පුෂ්පකුමාරි විසිනි. 

එහිදී දක්ෂතම පරාජිතයා ලෙස ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 63.5) බර පංතියෙන් තරග වැදුණ නාවික හමුදාවේ ඩී.එල්.පී.ආර්. කුමාරද, දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස ලයිට් (කිලෝ ග්‍රෑම් 48) බර පංතියෙන් තරග වැදුණ යුද හමුදාවේ එච්. සඳුනි ප්‍රියදර්ශනීද සම්මාන හිමිකරගත්හ. 

කොරෝනා වසංගතයෙන් අනතුරුව පැවැති පළමු ප්‍රධාන පෙලේ බොක්සිං තරගාවලිය මෙය වූ අතර ක්‍රීඩා සමාජ 14 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 100 කට වැඩි පිරිසක් ඊට සහභාගි වූහ. එංගලන්තයේදී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීයට බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගනු ලබන දෙවැනි තේරීම් තරගාවලිය ලෙසද මෙය පැවැත්විණ.  

හිටපු යුද හමුදාපතිවරයකු මෙන්ම ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ හිටපු සභාපතිවරයකුද වන ජගත් ජයසූරිය මහතා තරගාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය. 

පිරිමි තරග ප්‍රතිඵල 

ලයිට් ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 48) බර පංතිය 
එම්.පී.ජී. සජීව නුවන් (යුද හමුදාව) විසින් ජී.පී.යූ. මිහිරාන් (විද්‍යාරතන) පරාජය කරන ලදි. 

ෆ්ලයි (කිලෝ ග්‍රෑම් 51) බර පංතිය 
එම්.වී.අයි.ආර්.එස්. බණ්ඩාර (යුද හමුදා) විසින් ආර්.එම්.පී. ධර්මසේන (යුද හමුදාව) පරාජය කරන ලදි. 

බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතිය 
පී.ඒ.ආර්. ප්‍රසන්න (යුද හමුදාව) විසින් කේ.එච්. නවෝද (නාවික හමුදාව) පරාජය කරන ලදි. 

ෆෙදර් (කිලෝ ග්‍රෑම් 57) බර පංතිය 
ඩබ්.ආර්.ටී. වීරක්කොඩි (යුද හමුදාව) විසින් ටී.ජී. ජිනදාස (කිංග්ස්වුඩ්) පරාජය කරන ලදි. 

ලයිට් (කිලෝ ග්‍රෑම් 60) බර පංතිය 
එන්.බී.ඒ.ජේ. විමුක්ති කුමාර (යුද හමුදාව) විසින් පී.පී.එස්. සිරිවර්ධන  (යුද හමුදාව) පරාජය කරන ලදි. 

ලයිට් වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 63.5) බර පංතිය
ආර්.ඩබ්.එම්. සංජීව බණ්ඩාර රාජකරුණා (යුද හමුදාව) විසින් ඩී.එල්.පී.ආර්. කුමාර (නාවික හමුදාව) පරාජය කරන ලදි. 

වෙල්ටර් (කිලෝ ග්‍රෑම් 67) බර පංතිය
අයි.පී.ඩී.සී. උදයකුමාර (ගුවන් හමුදාව) විසින් පී.එම්.එල්.එල්. චන්ද්‍රබණ්ඩාර (යුද හමුදාව) පරාජය කරන ලදි. 

ලයිට් මිඩ්ල් (කිලෝ ග්‍රෑම් 71) බර පංතිය
වී. නිකලස් (යුද හමුදාව) විසින් ජේ.ඒ.ජී. මදුරංක (ගුවන් හමුදාව) පරාජය කරන ලදි. 

මිඩ්ල් (කිලෝ ග්‍රෑම් 75) බර පංතිය
ඩබ්.එම්.ජී.කේ.ජී.අයි. ආරියරත්න (නාවික හමුදාව) විසින් ඩබ්.ජී.එන්.සී. විජේනාග (ගුවන් හමුදාව) පරාජය කරන ලදි.

ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 80) බර පංතිය
එච්.ඩබ්.ඩබ්.ජී. රත්නසිරි (පොලිසිය) විසින් ඩබ්.ඒ.ආර්. සඳකැළුම් (යුද හමුදාව) පරාජය කරන ලදි.  

කෘසර් (කිලෝ ග්‍රෑම් 86) බර පංතිය
වයි.එස්.පී. සුදම්ම (යුද හමුදාව) විසින් එච්.ආර්.සී.එන්. බණ්ඩාර (යුද හමුදාව) පරාජය කරන ලදි.  

හෙවි (කිලෝ ග්‍රෑම් 92) බර පංතිය
පී.ඒ.ආර්.එස්. රූපසිංහ (යුද හමුදාව) විසින් අයි.ඩී.ඩී.එස්.ඩබ්. වෛද්‍යරත්න (යුද හමුදාව) පරාජය කරන ලදි. 

සුපර් හෙවි (කිලෝ ග්‍රෑම් 92 ට වැඩි) බර පංතිය
ඒ.ආර්.බී.ඊ. තිලකරත්න (යුද හමුදාව) විසින් එම්.ඩබ්.එම්.එම්. මීගස්තැන්න (ගුවන් හමුදාව) පරාජය කරන ලදි. 

කාන්තා තරග ප්‍රතිඵල 

ලයිට් (කිලෝ ග්‍රෑම් 48) බර පංතිය

ආර්.ඒ. නදීකා පුෂ්පකුමාරි (විද්‍යාරතන) විසින් එච්. සඳුනි ප්‍රියදර්ශනී (යුද හමුදාව) පරාජය කරන ලදි. 

බැන්ටම් (කිලෝ ග්‍රෑම් 54) බර පංතිය

කේ.කේ.අයි.ටී. පෙරේරා (ගුවන් හමුදාව) විසින් එම්.ජී.එම්.ටී. දසුනිකා (යුද හමුදාව) පරාජය කරන ලදි. 

ෆෙදර් (කිලෝ ග්‍රෑම් 57) බර පංතිය

එම්.පී.එස්.එස්. කුරේ (ගුවන් හමුදාව) විසින් බී.යූ. සෙව්වන්දි (ෆ්ලෙක්සි) පරාජය කරන ලදි. 

ලයිට් හෙවි (කිලෝ ග්‍රෑම් 81) බර පංතිය
කේ.ඒ.ජී.එන්. කළුආරච්චි (ගුවන් හමුදාව) විසින් ජී.ජී.ඒ.එම්. (ෆ්ලෙක්සි) පරාජය කරන ලදි. 

දක්ෂතම ක්‍රීඩකයා

දක්ෂතම ක්‍රීඩිකාව

දක්ෂතම පරාජිතයා

දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව


අදහස් (0)

යුද හමුදාව - ගුවන් හමුදාව වැඩි ගෞරව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.