Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජර්මනියේ ඇන්හෝල්ට් නුවරදී පැවැති අන්තර්ජාතික මලල ක්‍රීඩා තරගයකදී ශ්‍රී ලාංකික කෙටි දුර ධාවක යුපුන් අබේකෝන් විසින් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවන ලදි. මීටර 100 ඉසව්ව තත්ත්පර 10.06 කින් අවසන් කරමින්, ඊයේ (25 වැනිදා) යුපුන් විසින් බිඳ දමන ලද්දේ ඔහු විසින්ම තබා තිබූ තත්ත්පර 10.15 ශ්‍රී ලංකා වාර්තාවයි.
යුපුන් ඊයේ දැක්වූ මෙම දස්කම දකුණු ආසියානු වාර්තාවක් ලෙසින් ද සැලකේ.
මෙම තරගයේදී සුළඟේ වේගය තත්ත්පරයට මීටර -0.2 ක් වශයෙන් සටහන් වී තිබේ. මෙම තරගයේදී සුප්‍රසිද්ධ කෙටි දුර ධාවකයකු වන ෆර්ඩිනන්ඩ් ඔමාන්යාලා පරාජය කිරීමට ද යුපුන් සමත් වූයේය. ඔමාන්යාලා යනු අප්‍රිකානු මහාද්වීපයේ මීටර 100 ඉසව්වේ වාර්තාව (9.97) හිමි ක්‍රීඩකයාය.
සති දෙකකට පමණ ඉහතදී යුපුන් තත්ත්පර 10.04 කට මීටර 100 ඉසව්ව නිමකළ නමුත් එම තරගයේදී සුළඟේ වේගය ූ2.30 ක් ලෙසින් සටහන් වීම හේතුවෙන් එදා යුපුන්ට ශ්‍රී ලංකා වාර්තාව අහිමි විය. එහෙත් ඊයේ තරගයේදී යුපුන් ධාවනයේ යෙදුණේ සුළං හමන දිසාවට ප්‍රතිරෝධීවය.
මෙම දස්කමත් සමගින් යුපුන් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා මෙන්ම මේ වසරේදී ආසියාවේ වේගවත්ම මිනිසා ලෙසින් ද අභිෂේක ලබනු ඇත.
(වීඩියෝව - ට්විටර් සමාජ ජාලයෙනි)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.