Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී පැවැත්වෙන 102 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේ මීටර් 100 අවසන් පූර්ව වටයට ඊයේ (26) පස්වරුවේ සහභාගිවූ ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකෝන් තරගය අතරමගදී ධාවනයෙන් ඉවත්වීමෙන් ඔහුගේ ඔලිම්පික් බලාපොරොත්තු අත් හැර ගැනීමට සිදු වී ඇතැයි වාර්තා වේ.
2024 පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීම සදහා ලැබුණු අවසන් අවස්ථාව ලෙසින්, ඉතාලියේ සිට පැමිණි යුපුන් අබේකෝන් දියගම තරගාවලියට සහභාගි විය. ඔහු ශ්‍රී ලංකාවේදී පැවැති මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගි වූයේ වසර පහකට පසුවය.
දියගමදී පැවැත්වෙන ජාතික තරගාවලියේ මීටර් 100 (පිරිමි) ඉසව්වේ අවසන් පූර්ව වටයේ සිට තරග වැදීමේ අවස්ථාව ලබා ගත් යුපුන් ඊයේ පස්වරුවේදී පැවැති තෙවැනි අවසන් පූර්ව තරගයට ඉදිරිපත් විය. එහිදී ආරම්භය ලබා ගත් යුපුන් මීටර් කීපයක් පමණක් ඉදිරියට දිව ගොස් තරගය අතරමග ඉවත් වූයේය. ඔහුගේ ධාවනය කෙරෙහි එම අවස්ථාවේ තරග නරඹමින් සිටි විශාල පිරිසකගේ මහත් අවධානයට යොමු විය.
මෙම සිදුවීමෙන් අනතුරුව යුපුන් ධාවන පඨයේ වැතිර ප්‍රථමාධාර ලබමින් සිටිනු දක්නට ලැබුණි.
පසුගිය කාලය පුරා යුරෝපයේ රටවල් කීපයකටම ගොස් මීටර් 100 (පිරිමි) ඉසව්වේ තරග වලට සහභාගි වූ යුපුන්ගේ අරමුණ වූයේ පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමයි. එහෙත් ඒ සියල්ල අසාර්ථක වීමෙන් පසුව යුපුන් දියගමදී පැවැති ජාතික තරගාවලියට අවධානය යොමු කර සිටියේය.
යුපුන් අබේකෝන් තරග වැදීමෙන් ඉවත්වීම ගැන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසුවේ පාදයක පවතින මස්පිඩු ආබාධයක් හේතුවෙන් ඔහු තරගයෙන් ඉවත්වූ බවයි.
මෙම තත්ත්වය නිසා පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබාගැනීමේ අවසන් උත්සාහය වන ඉරිදා (30) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සූදානම් කර තිබෙන විශේෂ තේරීම් තරගාවලියෙන්ද යුපුන් ඉවත් වනු ඇතැයි කලින් වාර්තා විය. කෙසේ වෙතත් අද රාත්‍රියේ දැනගන්නට ලැබුණේ 30 වැනිදා පැවැත්වෙන විශේෂ තේරීම් තරගයට ඉදිරිපත්වීමට යුපුන් සූදානම් වන බවයි.
“එයාට තියෙන්නේ මස්පිඩු පෙරළීමක් මිසක් මස්පිඬු ඉරීමක් නෙමේ. ඒ හින්දා එයා 30 වැනිදා තරගයට ඉදිරිපත් වෙනවා“ යයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතයේ උසස් නිලධාරියෙක් කීවේය.
2022 වසරේදී මීටර 100 ඉසව්වෙන් තත්පර 9.96 ක දක්ෂතාවයක් දක්වමින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්වූ යුපුන්, මෙවරත් ඔලිම්පික් උළෙල සදහා නිර්දේශ ලබා ගනු ඇතැයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය බවට පත්ව තිබුණි. 29 හැවිරිදි යුපුන් අබේකෝන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලටද සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකි. එහිදී ඔහුගේ දක්ෂතාවය තත්පර 10.32 කට සීමාවීමෙන් ඔහු මූලික වටයෙන්ම ඉවතට ගියේය.
මේ අතර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලැබීමේ අපේක්ෂාවෙන් දියගමදී තරග වැදුණු මීටර් 400 ධාවකයන් දෙදෙනා වන යුද හමුදාවේ අනුර දර්ශන හා කාලිංග කුමාරගේ ඊයේ ඉසව්වේ අවසන් තරගයට සහභාගි වෙමින් පිළිවෙලින් තත්පර 45.51 හා 45.38 ක් වන දක්ෂතා දක්වමින් පළමු හා දෙවැනි ස්ථාන ලැබූහ.
පැරිස් ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබා ගැනීමේදී ප්‍රසාද ලකුණු ක්‍රමයෙන් ඉදිරියෙන්ම පසු වන්නේ යුද හමුදාවේ නදීෂා දිල්හානි ලේකම්ගේය. ඇය මීටර 55.77 කට හෙල්ල විසි කරමින් ඉසව්වෙන් එම ඉසව්වේ පළමු තැන ලැබුවාය. එහිදී ප්‍රාසාද ලකුණු 100 ක් තවත් එකතු කර ගැනීමට සමත්වීමෙන් ඇගේ පැරිස් ඔලිම්පික් අපේක්ෂා ඊයේ තවත් ඉහළ නැංවුණි
මීටර් 400 ආසියානු රන් පදක්ක්ම්ලාභීණී නදීෂා රාමනායක ඊයේ තත්පර 53.37 ක දක්ෂතාවයක්
දම්වමින් ඉසව්වේ ජයග්‍රාහිකාව වූවාය.
හෙට (27 වැනිදා) දියගමදී පැවැත්වෙන ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනයයි. හෙට දිනයේ වැඩිම අවධානයක් දිනා ගන්නා ක්‍රීඩිකාව විය හැක්කේ මීටර් 800 ( කාන්තා ) ඉසව්වෙන් ආසියානු රන් පදක්කම් දිනා සිටින තරුෂි කරුණාරත්නය. ඇයද පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ අපේක්ෂාවෙන් හෙට උදෑසන 7.55 ට අවසන් තරගයට සහභාගි වෙයි.
පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගි වීමේ අපේක්ෂාවෙන් පසුවන ක්‍රීඩිකාවන් අතර තරුෂි කරුණාරත්න දෙවනුව ඉදිරියෙන්ම පසු වන ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවයි.
Gandolf Thursday, 27 June 2024 03:53 AM
තරහා වෙන්න එපා මෙහෙම කියනවාට. දැන් යුපුන්ගේ කාලය ඉවරයි. මේ පහු ගියේ යුපුන්ගේ ප්‍රයිම් ටයිම් එක. මලල ක්‍රීඩකයෙකුට ක්‍රිකට් ක්‍රීඩකයෙකුට වගේ අවුරුදු 40 වෙනකන් ක්‍රීඩා කරන්න බෑ. අච්චර ලෙජන්ඩ් එකක් වුණු උසේන් බෝල්ට් පවා අවුරුදු 31න් තමන්ගේ ක්‍රීඩා දිවියට සමු දුන්නා. ඉතින් යුපුන්, බොහොම ස්තුතියි රටට ලබා දුන්නු ජයග්‍රහණවලට සහ කීර්තියට. නමුත් දැන් කාලය එළඹ ඇත. තමන්ගෙන් පස්සේ හොඳ ක්‍රීඩකයෙක්ව දායාද කරන්න සපෝට් කරලාම යන්න පුළුවන්නම් වඩා හොඳයි. ක්‍රීඩා පුහුණු කරුවෙක් වෙලා (තමුන්ගේ එක්ස්පීරියන්ස් එකෙන් විතරක් නාම මාත්රිකව නෙවෙයි. හොඳින් ඒ ගැන ඉගෙනගෙන නිවැරැදි පුහුණුවකින් පසු.) තවත් කාලයක් ලංකාවට සේවය කරන්න පුළුවන්නම් තවත් හොඳයි.
Reply 0 0
hemantha Thursday, 27 June 2024 12:48 PM
වැටෙන් නම් වැටෙන්න එපා. එදාට ඔයා කපෝතියි.
Reply 0 0
රුවන්දි Thursday, 27 June 2024 04:40 PM
යුපුන් අනිවාර්යයෙන්ම ලංකාව නියෝජනය කිරීම අවශ්‍ය වේ. ඔහුට එම අවස්ථාව උදාවේවා!.
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.