Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story යොවුන් එක්දින තරගාවලිය හෙට ඇරඹේ

යොවුන් එක්දින තරගාවලිය හෙට ඇරඹේ

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස 19 න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු යොවුන් එක්දින තරග හෙට (30 වැනිදා) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවැනි සහ තෙවැනි තරග 1 වැනිදා සහ 3 වැනිදා දඹුල්ල ක්‍රීඩාංගණයේදීම පැවැත්වෙන අතර සිව්වැනි සහ පස්වැනි තරග 6 වැනිදා සහ 9 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය අද ප්‍රකාශයට පත්කළ අතර වෙන්නප්පුව ශාන්ත ජෝෂප් වාස් විදුහලේ නිපුන් ධනංජය එහි නායකත්වය දරයි.

අවිෂ්ක තරිඳු, රවීන් ද සිල්වා, ලක්ෂාන් ගමගේ සහ එම්.සී. ප්‍රේමදාස ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින නවක ක්‍රීඩකයෝ වන අතර සෙසු ක්‍රීඩකයන් සියලු දෙනාම දෙරට අතර පැවැති සිවුදින තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයෝ වෙති.


ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතය
නිපුන් ධනංජය (නායක), කමිල් මිෂාර, නවෝද් පරණවිතාන, රවිඳු රෂාන්, සොනාල් දිනූෂ, මොහොමඞ් ශමාෂ්, අවිෂ්ක තරිඳු, රවීන් ද සිල්වා, සඳුන් මෙන්ඩිස්, ලක්ෂාන් ගමගේ, එම්.සී. ප්‍රේමදාස, රොහාන් සංජය, චමිඳු විජේසිංහ, නවීන් ප්‍රනාන්දු සහ අෂේන් ඩැනියල්


-036

 


අදහස් (0)

යොවුන් එක්දින තරගාවලිය හෙට ඇරඹේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.