Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
සංචාරක බංග්ලාදේශ වයස 19 න් පහළ කාන්තා කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 4 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා වයස 19 න් පහළ කාන්තා කණ්ඩායමේ නායකත්වය මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාරට හිමිව තිබේ.
මෙම මස 3 වැනිදා, 5 වැනිදා, 7 වැනිදා සහ 9 වැනිදා පැවැත්වෙන මෙම විස්සයි-20 තරගාවලියේ මුල් තරග දෙක කොළඹ තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේදීත්, සෙසු තරග දෙක පිළිවෙලින් මග්ගොන සරේ සහ කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගණවලදීත් පැවැත්වීමට නියමිතය.
ක්‍රීඩිකාවන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා 19 න් පහළ කාන්තා සංචිතයට රත්ගම දේවපතිරාජ විදුහලේ ක්‍රීඩිකාවන් 6 දෙනෙක් ඇතුළත්ව සිටිති. ඊට ඇතුළත්ව සිටින සෙසු ක්‍රීඩිකාවෝ මාතර අනුර, ත්‍රිකුණාමලය සිංහල, නුගේගොඩ අනුලා, මහනුවර මහාමායා, අම්පාර උහන, මොණරාගල පඤ්ඤානන්ද, කුරුණෑගල මලියදේව යන බාලිකා විදුහල්වල ක්‍රීඩිකාවෝ වෙති.
ශ්‍රී ලංකා පිරිමි ජාතික කණ්ඩායමේ හිටපු නායකයකු වන තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්නද මෙම සංචිතයට ඇතුළත්ව සිටින්නීය.
ශ්‍රී ලංකා 19 න් පහළ කාන්තා සංචිතය
මනුදි නානායක්කාර (නායිකා), රෂ්මිකා සෙව්වන්දි (උප නායිකා), විමෝක්ෂා බාලසූරිය, හිරුණි හංසිකා, සුමුදු නිසංසලා, දැහැමි සෙනුත්මා, රෂ්මි නේත්‍රාංජලී, ශෂිනි ගිම්හානි, අෂේනි තලගුනේ, ප්‍රමුදි මෙත්සරා, චමෝදි ප්‍රබෝධා, සංජනා කාවින්දි, දනුලි තෙන්නකෝන්, ලිමන්සා තිලකරත්න සහ ෂෙහාරා ඉඳුවරී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.