Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආරම්භක පිතිකරු මන්ජෝත් කල්රාගේ විශිෂ්ට ශතකය නිසා වයස 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දියාව සමත් වූයේය. නවසීලන්තයේ මවුන්ට් මන්ගානුයි නුවර ‘බේ ඕවල්’ ක්‍රීඩාංගණයේදී අද (3 වැනිදා) පැවැති අවසන් මහ තරගයේදී ඕස්ටේ්‍රලියානු 19 න් පහළ කණ්ඩායම කඩුලු 8 කින් පරාජය කරමින් ඉන්දියානු යෞවනයෝ මෙම ජයග්‍රහණය අත්පත් කරගත්හ.
ඉන්දීය යොවුන් පිල ලෝක කුසලාන දිනාගත් සිවුවැනි අවස්ථාව මෙයයි.
මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් (ජ්‍යෙෂ්ඨ කණ්ඩායම්) ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් සහ එක්දින අන්තර්ජාතික තරග වලදී අංක 1 හිමි කණ්ඩායම වන ඉන්දියාව විස්සයි-20 ක්‍රිකට් තරග වලදී 3 වැනි ස්ථානයේ සිටී.
ඕස්ටේ්‍රලියානු 19 න් පහළ පිල ලකුණු 216 කට දැවී ගිය අතර ඉන්දීය 19 න් පහළ කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී ලකුණු 220 ක් ලබාගන්නා විට තරගයේ ඕවර 11.1 ක් ඉතිරිව තිබිණ.
ආරම්භක පිතිකරුවාගේ ශතකය හතරේ පහර 8 කින් සහ හයේ පහර 3 කින් සමන්විත වූ අතර කඩුලු රකින පිතිකරු හර්වික් දේසායිගෙන් ඔහුට හොඳ සහයෝගයක් ලැබිණ. දේසායිගේ පිත්තෙන් පන්දුව හතරේ සීමාවට යැවීමත් සමගින් ඉන්දියානු යෞවනයෝ කුසලානයේ හිමිකරුවෝ වූහ. දෙදෙනා අතර පැවැති සම්බන්ධතාව ලකුණු 89 කි.
“මගේ හිතේ තියෙන දේවල් මොනවාද කියලා මට දැන් කියන්න තේරෙන්නේ නෑ” ඉන්දීය යොවුන් කණ්ඩායමේ නායක ප්‍රීතිව් ෂෝ තරගයෙන් අනතුරුව පැවසීය.
“ඒක අවසන් මහ තරගයක්. ඒ වගේ තරගයකදී මන්ජෝත්ගේ ශතකය අති විශිෂ්ටයි.....(ෂුබ්මන්) ගිල්ගේ පන්දුවට පහර දීමත් හොඳයි. ඒත් වේග පන්දු යවන්නන් වූ (ෂිවම්) මාවි සහ කමලේෂ් දෙන්නාම තරගාවලිය පුරාම ඉතාමත් හොඳින් ක්‍රීඩා කළා යයිද ඉන්දීය යොවුන් පිලේ නායකයා පැවසීය.
මෙම තරගාවලිය පුරාම ඉන්දීය යොවුන් පන්දු යවන්නන්ගේ ආදිපත්‍යය කැපී පෙනුණු අතර කිසිම කණ්ඩායමකට ඉන්දීය පිල හමුවේ ලකුණු 228 ඉක්මවා යා නොහැකි විය. තරගාවලියේ පළමු තරගයේ සිටම ඉන්දීය යොවුන් පිලට එරෙහිව ප්‍රතිවාදීන් ලකුණු ලබාගත්තේ 228 (ඕස්ට්‍රේලියාව), 64 (පැපුවා නිව් ගිනියාව), 154 (සිම්බාබ්වේ), 134 (බංග්ලාදේශය), 69 (පාකිස්තානය) සහ 216 (ඕස්ටේ්‍රලියාව) ලෙසිනි.
අද පැවැති අවසන් මහ තරගයේදී ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ජැක් එඞ්වඞ් සහ මැක්ස් බ්‍රයන්ට් ඕවර 5 කදී ලකුණු 30 ක් ලබාගත්තත් ජැක් ඒඞ්වඞ්ගේ දැවී යාමෙන් පසුව ලකුණු 164 කදී ඉතිරි කඩුලු 9ම බිඳ වැටිණ.
පන්දු 102 කට මුහුණ දෙමින් හතරේ පහර 6 ක්ද සමග ලකුණු 72 ක් ලබාගත් ජොනතන් මර්ලෝට වැඩි යමක් කළ නොහැකි විය. මර්ලෝ සහ පාරම් උපාල් දෙදෙනා ඕස්ටේ්‍රලියානු යොවුන් පිල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ඒ වෙනුවෙන් ඕවර 17 ක් වැයවීම කණ්ඩායමට බෙහෙවින් අවාසිදායක විය.
ඕස්ටේ්‍රලියානු ලකුණු වේගය පහත දැමීමට වගකිවයුත්තන් වූයේ ඉෂාන් පෝරෙල් සහ වමතින් දඟ පන්දු යැවූ ෂිවා සිං දෙදෙනායි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.