Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික මලල ක්‍රීඩා සංගමය සංවිධානය කරන 93 වැනි ජාතික මලල ක්‍රීඩා තරඟාවලියේ දෙවන දිනය වූ අද (25) පැවති අවසන් තරඟ ඉසව් 15 කින් නව ශ්‍රී ලංකා වාර්තාවක්ද සමග තරඟ වාර්තා දෙකක් බිහිවිය.
රිටි පැනීම කාන්තා ඉසව්වේදී මීටර් 3.33 උසක් වාර්තා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා නාවික හාමුදාවේ ආර්. ඒ. අනෝමා කරුණාවංශ සමත් වූවාය. එසේම එසේම කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් මීගමුව නිවුස්ටඞ් බාලිකා විද්‍යාලයේ එච්. ඞී. විදුෂා ලක්ෂානි මීටර් 13.30 ක දුරක් පනිමින් නව තරග වාර්තාවක් තැබීමට සමත් වූවාය.
අද (25) දිනයේදී මීටර් 10000 පිරිමි ධාවන තරඟය, යගුලිය දැමීම පිරිමි හා කාන්තා, හෙල්ල විසි කිරීම කාන්තා, රිටි පැනීම කාන්තා, තුන් පිම්ම කාන්තා, මීටර් 100 කෙටි දුර ධාවන පිරිමි හා කාන්තා, මීටර් 1500 දුර දිවීම පිරිමි හා කාන්තා, මීටර් 400 පිරිමි හා කාන්තා, මිටිය විසිකිරීම පිරිමි, තුන්පිම්ම පිරිමි, මීටර් 3000 බාධක දිවීම පිරිමි හා මීටර් 5000 දුර දිවීම කාන්තා අවසන් තරග පැවැත්විණ.
මීටර් 110 කඩුලූ පැනීම පිරිමි, මීටර් 100 කඩුලූ පැනීම කාන්තා, මිටිය විසි කිරීම කාන්තා, හෙල්ල විසි කිරීම පිරිමි, දුර පැනීම පිරිමි, මීටර් 400 කඩුලූ පැනීම කාන්තා හා පිරිමි, මීටර් 200 කෙටි දුර දිවීම කාන්තා හා පිරිමි, මීටර් 800 දුර දිවීම කාන්තා හා පිරිමි හා මීටර් 5000 දුර දිවීම පිරිමි තරඟ ඉසව්වල අවසන් තරග හෙට (26 වැනිදා) පැවැත්විමට නියමිතය.
තරඟාවලියේ ජයග්‍රාහකයින් වෙත ජය සංකේත ප්රදානය හෙට සවස 4.00ට ක්‍රීඩා අධ්‍යක්ෂක ජනරාල් රුවන්චන්ද්‍ර මහතාගේ හා ශී‍්‍ර ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
මෙවර ජාතික මලල ක්‍රීඩා තරඟාවලිය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්රීඩාංගයේදී පැවැත්වේ.
මෙම තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1116 ක් තරඟ වදිති.
(ඡායාරූප - විකුම් ප්‍රියශාන්ත සහ මුදිතා දයානන්ද)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.