Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ක්‍රීඩකයකු හැටියට නොව ආණ්ඩුව ආරක්‍ෂා කරන ඇමතිවරයකු හැටියට රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වූ පුද්ගලයන් පිළිබඳව පරීක්‍ෂණයක් පැවැත්වීමට ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් පත්කරන ලෙස තමන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කරන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (14) පැවසීය.
බ්‍රසීලයේ රියෝහිදී පසුගියදා අවසන් වූ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ක්‍රීඩා අමාත්‍යංශයේ සහ ජාතික ඔලිම්පික් කමිටුවේ අදාල නොවන පුද්ගලයන් සහභාගි වූ බවට ලැබුණු පැමිණිල්ලක් අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබුණි.
කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේදී ඊයේ පෙරවරුවේ පැවැති ‘සේව් ද ස්පෝට්ස්’ සංවිධානය මාසිකව සංවිධානය කරන සංවාදාත්මක මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායකයකු මෙන්ම වර්තමාන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.
“මම ආණ්ඩුවේ ඇමතිවරයෙක් හැටියට මම අගමැතිතුමාට පෞද්ගලිකව ලියලා, වෙනම කමිටුවක් දාලා පරීක්‍ෂණයක් කරන්න කියලා වර්තාවක් ලබාගන්න කියලා ඉල්ලීමක් කරන්නම්. මම මේකට ඉදිරිපත් වෙන්නේ ක්‍රීඩකයකුට වඩා ආණ්ඩුව ආරක්‍ෂා කරන ඇමතිවරයකු හැටියටයි. ”
“ඇත්තටම මේක ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ඇසීම තේරුමක් නෑ. මම දන්නේ නෑ. දැන් ඉන්න ලේකම්වරයයි, හිටපු ලේකම්වරයයි අහන ප්‍රශ්නයට නෙවෙයි උත්තර දෙන්නේ. ඒ පිළිබඳව පරීක්‍ෂණයක් කරන්න වෙනම කමිටුවක් පත්කිරීම තමයි සිදුවිය යුත්තේ”
“අපි ක්‍රීඩා ඇමතිවරයාගේ ලේකම්තුමාගෙන් ඇහුවම ‘හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ” ප්‍රශ්නයක් තියෙන්නේ. මට අගමැතිවරයාට කියන්න පුළුවන් ක්‍රීඩාවට සම්බන්ධ ප්‍රවීණයන්ගෙන් යුත් කමිටුවක් පත්කරලා හරි වර්තාවක් ගන්න කියලා. ඇගමැතිතුමාට තියෙන වැඩත් එක්ක එකින් එක හොයන්න බෑ”
“ලේකම්වරු තමයි ප්‍රධානතම වැරදිකාරයෝ බවට පත්විය යුත්තේ. ක්‍රිකට් පරිපාලනයේ මම දන්නවා ගිය නිලවරණයේදී ලේකම්වරු දෙදෙනාගේ වැරදිවලින් තමයි ක්‍රිකට් පරිපාලනය ඇති වුණේ. අපි ගියා මානව හිමිකම් කොමිසමට, අපි බලාපොරොත්තු වෙනවා ඒ වාර්තාව ඉක්මනින් එනවා කියලා”
“අපිට තියෙන ප්‍රශ්නේ මේ නිලධාරීන් සමහර වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ පහුගිය කාළේ ක්‍රියාත්මක වෙච්ච විදියටමයි. මේ රටේම ඒ ප්‍රශ්නය තියෙනවා. මගේ ආයතනවලත් පරණ සිංදුවම තමයි කියන්නේ, ඒ කියන්නේ පරණ හොරකම් කරපු විදියටම යන්න හදනවා”
“මෙහෙම දෙයක් වුණාම අගමැතිතුමා අහන්න ඕනේ එතන ඉන්න නිලධාරියාගෙන්, වරාය අධිකාරියේ ප්‍රශ්නයක් වුණා නම් වරාය අමාත්‍යංශයේ ලේකම් තමයි ප්‍රධාන නිලධාරියා බවට පත්වෙන්නේ. ඒ නිලධාරියාට තියෙනවා යුතුකමක් හරි දේ ඇත්ත තත්ත්වය කියලා දෙන්න”
“ඔය ලේකම්වරයා ගියේ නැද්ද ඔලිම්පික්වලට, ඔය ලේකම්වරයා ගියේ නැද්ද ක්‍රිකට් පාලක මණ්ඩලයේ දේවල්වලට. මේක තමයි පගාව දීමේ වෙනම ක්‍රමවේදය”
“ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් සහ දැන් ඉන්න ලේකම් ගැනත් මට සත පහක විශ්වාසයක් නෑ. මොකද ඒ දෙන්නම එකට ඉදගෙන තමයි ක්‍රිකට් නිලවරණය කළේ මම ඒක දකිනවා. මමත් ඒකට හිටපු නිසා මම දැක්කා මේගොල්ලෝ කොහොමද ක්‍රියාත්මක වුණේ කියලා”
මෙම සංවාදාත්මක මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ හිටපු ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසුවේ ශ්‍රී ලංකාව ඉලක්කයට වෙඩිතැබීම සහ දුන්නෙන් විදීම වැනි ක්‍රීඩාවට වැඩි අවධානයක් යොමු කළ හොත් ඔලිම්පික් පදක්කමකට පහසුවෙන් ළගා විය හැකි බවයි.
එහිදී මහාචාර්යවරයා අවධාරණය කළේ ශ්‍රී ලංකාව ක්‍රීඩාවේදී තාක්‍ෂණය අතින් ඉතාමත් දුර්වල තත්ත්වයක පසු වන බවයි.
මෙම මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා හිටපු මේසපන්දු ජාතික ශූරයකු වන ලලිත් ප්‍රියන්ත, හිටපු ජාතික බැඞ්මින්ටන් ශූරයකු වන ප්‍රියන්ත විජේසේකර සහ ප්‍රවීණ බැඞ්මින්ටන් පුහුණුකරු වන චින්තක ප්‍රනාන්දු යන මහත්වරු ද සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.