Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රිගොබර්ටෝ 9 වැනි අදියර ජයගනී

රිගොබර්ටෝ 9 වැනි අදියර ජයගනී

සංජය එරමුදුගොඩ - 2017 ජුලි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ප්‍රංශ පාපැදි සවාරියේ නමවැනි අදියර ජය ගැනීමට කොලෙම්බියාවේ රිගොබර්ටෝ ඌරන් සමත් විය. කිලෝ මීටර් 181.5 ක දුරකින් සමන්විත වූ එම අදියර ප්‍රංශයේ නන්ටුවා නරගයෙන් ආරම්භ වී චැම්බ්‍රේ නගරයෙන් නිමාවට පත් විය. එම අදියර නිමා කිරීම සඳහා රිගොබර්ටෝට ගත වූ කාලය පැය 5 විනාඩි 07 තත්ත්පර 22 කි.
 
රිගොබර්ටෝ සමග එක පොකුරේ පැමිණ තරගය අවසන් කළ ප්‍රංශයේ වැරෙන් බර්ගුයිල් නමවැනි අදියරේ දෙවැනි ස්ථානයත්, මහ බ්‍රිතාන්‍යයේ ක්‍රිස්ටෝපර් ෆෝම් තෙවැනි ස්ථානයත් හිමිකරගත්හ. ප්‍රංශයේ රෝමේන් බර්ඩෙට් සහ ඉතාලියේ ෆැබියෝ අරූ පිළිවෙලින් එහි සිවුවැනි සහ පස්වැනි ස්ථාන වලට පත් වූහ.

නමවැනි අදියර ජයගැනීමට රිගොබර්ටෝ  සමත් වුවද, මුල් අදියර 8 නිමා කිරීමට ගතකළ කාලයත් සමග ගත්කල සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට හෙතෙම අපොහොසත් විය. දිගින් දිගටම සිය දස්කම් එක මට්ටමේ තබාගත් මහ බ්‍රිතාන්‍යයේ  ක්‍රිස්ටෝපර් ෆෝම් සමස්ත තරගයේ පෙරමුණ ගෙන සිටී. අදියර 9 ක් නිමා කිරීම සඳහා ෆෝම්ට ගත වී ඇති මුලු කාලය පැය 38.26:28 කි. ෆෝම්ට වඩා තත්ත්පර 55 ක් පසුපසින් සිටින රිගොබර්ටෝ සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව හිමිව ඇත්තේ සිවුවැනි ස්ථානයයි.

සමස්ත තරගයේ ප්‍රතිඵලයට අනුව දෙවැනි ස්ථානයේ රැදී සිටින ඉතාලියේ ෆැබියෝ අරූ, ෆෝම්ට වඩා තත්ත්පර 18 ක් පසුපසින් සිටින අතර එහි තෙවැනි ස්ථානයේ පසුවන ප්‍රංශයේ රෝමේන් බර්ඩෙට්, ෆෝම්ට වඩා තත්ත්පර 51 ක් පසුපසින් සිටියි.

පාපැදි සවාරියේ 10 වැනි අදියර හෙට (11 වැනිදා) පෙරිගුයෙක්ස් නරගයෙන් ආරම්භ වී බර්ජෙරැක් නගරයෙන් අවසන් වීමට නියමිත අතර එහි මුලු දුර ප්‍රමාණය කිලෝ මීටර් 178 කි.

සමස්ත තරගයේ ප්‍රතිඵලය
1 ක්‍රිස්ටෝපර් ෆෝම් (මහ බ්‍රිතාන්‍යය) - පැය 38.26:28
2 ෆැබියෝ අරූ (ඉතාලිය) - පැය 38.26:46
3 රෝමේන් බර්ඩෙට් (ප්‍රංශය) - පැය 38.27:19
4 රිගොබර්ටෝ ඌරන් (කොලෙම්බියාව) - පැය 38.27:23
5 ජකූබ් ෆුගල්සං (ඩෙන්මාකය) - පැය 38.27:05
6 ඩැනියෙල් මාටින් (අයර්ලන්තය) - පැය 38.27:12
7 සයිමන් යේට්ස් (මහ බ්‍රිතාන්‍යය) - පැය 38.28:30
8 නයිරෝ කුයින්ටනා (කොලෙම්බියාව) - පැය 38.28:41
9 මයිකල් ලන්ඩා (ස්පාඤ්ඤය) - පැය 38.29:34
10 ජෝජ් බෙනට් (නවසීලන්තය) - පැය 38.30:21


- 036

 


අදහස් (0)

රිගොබර්ටෝ 9 වැනි අදියර ජයගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.