Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මුත්තයියා මුරලිදරන්ගෙන් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ සාර්ථකම දඟ පන්දු යවන්නා ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි රංගන හේරත් ලබන නොවැම්බර් මාසයේදී ටෙස්ට් පිටියෙන් සමුගැනීමට සූදානම් වන බවට ඉඟි කර තිබේ.
“මේ වසර අවසානයේදී එංගලන්තයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මගේ අවසන් ටෙස්ට් තරගාවලිය වෙන්න පුළුවන්” යයි රංගන හේරත් එංගලන්තයේ බී.බී.සී. සිංහල සේවයට පවසා තිබේ.
වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා වශයෙන් ලෝක වාර්තාව තවමත් හිමිකරගෙන සිටින මුත්තයියා මුරලිදරන් (කඩුලු 800) පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නා වන රංගන හේරත් මේ දක්වා ටෙස්ට් තරග 90 කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 418 කි.
“සෑම ක්‍රීඩකයකුටම සමුගන්න කාලයක් එනවා. මා හිතන්නේ දැන් මම ඒ කාලයට ඇවිදින් තියෙනවා” යයි 40 හැවිරිදි හේරත් බී.බී.සී. සිංහල සේවයට පවසා තිබිණ.
වසර දෙකකට ඉහතදී එක්දින අන්තර්ජාතික සහ විස්සයි-20 තරග වලින් සමුගත් රංගන හේරත් 2014 දී පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ජයගැනීම සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් මහඟු මෙහෙවරක් කළ ක්‍රීඩකයෙකි. සීමිත ඕවර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසුව ටෙස්ට් ක්‍රීඩකයකු වශයෙන් සුවිශේෂී දස්කම් දැක්වූ රංගන හේරත් දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව ගාල්ල ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වන ටෙස්ට් තරගාවලියේ සංචිතය සඳහාත් ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් ටෙස්ට් තරගාවලිය වූ බටහිර ඉන්දීය සංචාරයේදී රංගන හේරත් සහභාගි වූයේ එකම ටෙස්ට් තරගයකට පමණි.
- 1376
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.