Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රග්බි උණුසුම දකුණටත් දැනෙයි

රග්බි උණුසුම දකුණටත් දැනෙයි

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

දකුණු පළාතේ පැවැත්වෙන පළමු අන්තර් සමාජ පළමු කොටසේ රග්බි තරගය ලෙස හම්බන්තොට ශාක්ස් පිල සහ ගුවන් හමුදා පිල අතර තරගය බෙලිඅත්ත ඞී. ඒ. රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී හෙට (24) පස්වරු 4.00 ට පැවැත්වේ.


මෙවර තරගාවලියේ දෙවැනි සති අන්තය යටතේ තරග තුනක් අද (23) ද, තරග දෙකක් හෙට (24) ද, පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ දිනවල පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර තරග පස්වරු 4.00 ට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.


මෙම තරගය පැවැත්වෙන බෙලිඅත්ත ඞී. ඒ. රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේ මීට පෙර ජාතික මහ ක‍්‍රීඩා උළෙල පැවැත්වූ අතර අන්තර්ජාතික සහ ජාතික මට්ටමේ ක‍්‍රීඩකයන් සහභාගි වන රග්බි තරගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ සමන්ත ලක්‍ෂාන් සත්කාරක හම්බන්තොට ශාක්ස් පිලේ නායකයා ලෙස කටයුතු කරයි.


පළමු සතියේ තරගවලදී මහනුවර, අප්කන්ටි‍්‍ර ලයන්ස්, නාවික හමුදා සහ යුද හමුදා යන කණ්ඩායම් ජයග‍්‍රහණ ලැබීමට සමත් වූ අතර හම්බන්තොට ශාක්ස් පිල සහ හැව්ලොක්ස් පිල අතර විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගය හැව්ලෝක්ස් ක‍්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය අක‍්‍රීය වීම නිසා අත්හැර දැමීමට සිදුවිය.
එම තරගය ප‍්‍රතිඵලය පිළිබඳව ශ්‍රී ලංකා රග්බි සංගමයේ විධායක කමිටුව තීරණයක් ගැනීමට නියමිතය.


මේ පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ හම්බන්තොට ශාක්ස් ක‍්‍රීඩා සමාජයේ සභාපති වයඹ පළාත් සභා මන්ත‍්‍රී ජොහාන් ප‍්‍රනාන්දු මහතා පැවසුවේ තමන් මේ පිළිබඳව රග්බි සංගමයට පැමිණිල්ලක් කර ඇති බවත් ඒ පිළිබඳව පිළිතුරක් ලැබෙන තෙක් ලබා සිටින බවත්ය.


‘‘ඒ සිද්ධිය පිළිබඳව අපේ කිසිම පැහැදීමක් නෑ. අපි රග්බි සංගමයට කිව්වා මේ තරගය දෙපිලටම අසාධාරණයක් නොවෙන්න ගාල්ලේ පවත්වන්න කියලා. එසේත් නැත්නම් දෙපිලට ලකුණු දෙක බැගින් බෙදන්න කියලා’’ යැයි ප‍්‍රනාන්දු මහතා වැඩි දුරටත් පැවසීය.

 
මෙම සති අන්තයේ පැවැත්වෙන තරග
 
අද (23) පැවැත්වෙන තරග

  • නාවික හමුදා පිල සහ පොලිස් පිල අතර වැලිසර නාවික හමුදා ක‍්‍රීඩාංගණයේදී (පස්වරු 4.00)
     
  • සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ මහනුවර පිල අතර ලොන්ඩන් පෙදෙස සී. ආර්. පිටියේදී (පස්වරු 4.00)
     
  • යුද හමුදා පිල සහ අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල අතර දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාගංණයේදී (පස්වරු 4.00)

 

හෙට (24) පැවැත්වෙන තරග
සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල සහ හැව්ලොක්ස් පිල අතර මේට්ලන්ඞ් පෙදෙසෙ සී. එච්. පිටියේදී (පස්වරු 4.00)
හම්බන්තොට ශාක්ස් පිල සහ ගුවන් හමුදා පිල අතර බොලිඅත්ත ඞී. ඒ. රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී (පස්වරු 4.00)


අදහස් (0)

රග්බි උණුසුම දකුණටත් දැනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.