Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය සහ ෂේන් සෙනෙවිරත්න)
ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය අතර පසුගිය 30 වැනි ඉරිදා පැවැති රග්බි තරගය අවසානයේදී ඇති වූ අමිහිරි සිදුවීම් නැවත නොවීම සඳහා ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය නිර්දේශ කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි. ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති කමල් ආරියසිංහ මහතා ප්රමුඛ විනය කමිටුව ඊයේ (03 වැනිදා) කොළඹ ආරක්ෂක විද්‍යාලයේදී පැවැති රැස්වීමකින් අනතුරුව මෙම නිර්දේශ සකස්කර ගත්තේය.
නිර්දේශ මාලාවක් යයි කීවද, ඇත්ත ඇති හැටියෙන් ගතහොත් එය ගල්කිස්ස විද්‍යා විදුහලට එරෙහිව පැනවීමට නියමිත සම්බාධක මාලාවකි. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාගැනීම සඳහා එම නිර්දේශ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යවා තිබේ. එහි පිටපතක් ක්‍රීඩා අමාත්‍යංශයේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතා වෙත ද යවනු ලැබ ඇත.
“මේ සම්බන්ධයෙන් අපි ගන්නා පියවර මොනවාද කියලා ක්‍රීඩා අමාත්‍යංශයත් අපෙන් අහලා තිබුණා. ඒ නිසයි අපි ක්‍රියාත්මක කරන්න නියමිත නිර්දේශ ක්‍රීඩා අමාත්‍යංශයට යැව්වේ“
“අපි අනුමැතිය බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගෙන්“ යයි ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මේ අතර පාසල් සිසුන්ගේ අවශ්‍යතා මෙන්ම රග්බි ක්‍රීඩාව ඉදිරියට ගෙනයාමත් සඳහා ජූලි 15 දක්වා තරඟ විනිශ්චය කිරීමෙන් වැළකී සිටීමට ගත් තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය ශ්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරුවන්ගේ සංගමයෙන් සහ එහි විනිසුරුවරුන්ගෙන් ලිඛිතවම ඉල්ලීමක් කරයි.
“මේ වෙලාවේ අපි තීන්දු තීරණ ගන්න ඕනේ කලබල වෙලා නෙවි. අපි වඩාත් පරිණත ආකාරයෙන් තත්ත්වය දිහා බලලා තීන්දු තීරණ ගන්න ඕන වෙලාවක් මේක“
“මොකද අපි අපේ තීරණ වලම දැඩිව එල්ලිලා ඉන්න ගියොත් කාලය යනවා, තරග තියන්න කල් පහුවෙනවා. එතකොට දරුවන්ගේ විභාග වලට බලපෑම් එල්ලවෙනවා විතරක් නෙමේ මේ ක්‍රීඩාංගණ වුණත් ආයේ තරග තියන්න වෙන්කරගන්න බොහෝම අපහසු වේවි“
“ඒ හින්දා විනිසුරුවරුන් ගත්ත තීරණය වෙනස් කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා“ යයි ද පාසල් රග්බි සංගමයේ නිලධාරීයෙක් පැවසීය.
ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ සාන්ත තෝමස් විද්‍යාලය අතර පසුගිය ඉරිදා (30 වැනිදා) රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 30-26 ක ජයක් අත්කර ගත්තේය. එහෙත් තරගයේ අවසානය පෙනි පෙනී විද්‍යා විද්‍යාලයේ ක්‍රීඩකයකු ලබාගත් උත්සාහක දිනුම තරග තීරකවරයා විසින් අවලංගු කිරීම හේතුවෙන් නරඹන්නෝ මහත් සේ කෝපයට පත්ව සිටියහ.
තරගයෙන් පසුව ක්‍රීඩා පිටියට පිවිසි නරඹන්නෝ විනිසුරුවරයා හා බහින්බස් වූ අතර පසුව ප්‍රධාන විනිසුරුවරයාටත් පැති විනිසුරුවරුන් දෙදෙනාටත් පහර දුන්හ. විනිසුරුවරුන් තිදෙනාම ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කරන ලද අතර රග්බි විනිසුරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විද්‍යා විදුහල ක්‍රීඩා කරන තරග විනිශ්චය කිරීමට තමන් ඉදිරිපත් නොවන බවයි.
දින දෙකකට පසුව, මෙම පහරදීම සම්බන්ධයෙන්, නියෝජ්‍ය විදුහල්පති සුමින්ද කරුණාරත්න මහතාගේ අත්සනින් යුතු ලිිපියකින්, විද්‍යා විද්‍යාලය ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමයෙන් සමාව අයැද සිටියේය.
මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රග්බි පාපන්දු විනිසුරුවන්ගේ සංගමයෙන් සහ විශේෂයෙන් වින්දිත තරඟ නිලධාරීන්ගෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවත් එවැනි සිදුවීම් අනාගතයේදී නැවත නොවීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
කොළඹ ආරක්ෂක විද්‍යාලයේදී ඊයේ (03 වැනිදා), ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති කමල් ආරියසිංහ මහතා ද සහභාගි වූ රැස්වීමේදී පොලිස්පතිවරයා සහතික කර සිටියේ රග්බි තරඟ පැවැත්වෙන සියලුම ස්ථානවල ආරක්ෂාව සහතික කිරීම සඳහා අදාළ පළාත්වල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත ලිඛිත උපදෙස් නිකුත් කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණ නියෝජිතයා වශයෙන් පොලිස් ක්‍රීඩා කොට්ඨාශයේ අධ්යක්ෂවරයා පත් කර ඇති බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
තරගාවලිය ආරම්භ කිරීමට පෙරම, තරඟාවලියේ නීති - රීති, තාක්ෂණික කරුණු, විනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලුම පාසල් නියෝජිතයන් ගෙන්වා, ඔවුන් සමගින් සාකච්ඡා කර සියලුම පාසල් සම්පූර්ණයෙන් දැනුවත් කර තිබේ. එහිදී ක්‍රීඩකයින්ගේ සහ තරඟ නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිළිබඳ කාරණාව විශේෂයෙන්ම අවධාරණය කර ඇත. එබැවින් තරඟාවලි රීති වලට අනුව, තරඟ පැවැත්වෙන ස්ථානයේ ආරක්ෂාව සහතික කිරීම සම්බන්ධයෙන් සත්කාරක පාසල සම්පූර්ණ වගකීම දරයි.
කෙසේ වෙතත් 30 වැනිදා පැවැති තරගයේදී, ගල්කිස්ස විද්‍යා විද්‍යාලය, තරඟාවලියේ නීති රීති උල්ලංඝණය කිරීමට තුඩු දෙන පරිදි, තමන් වෙත පවරා ඇති රාජකාරියෙන් සහ වගකීම ඉටුකිරීමෙන් ඉවත් වී ඇත. ගල්කිස්ස පොලිසියේ අපරාධ පරීක්ෂණ අංශයත් සමගින් ඒකාබද්ධව ජුනි 30 වැනිදා සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය කියයි.
ඡායාරූපය – කුෂාන් පතිරාජ
Nimal 1 Friday, 05 July 2024 09:09 AM
විද්‍යා විද්‍යාලයට පැනවීමට නියමිත තරග තහනම අත්හිටුවන්න එපා. එය එලෙසම ක්‍රියාත්මක කරන්න. රතු කාඩ්පත් අවවාද ලැබූ ක්‍රීඩකයාට වසරක තරග තහනමක් පනවන්න.
Reply 0 0
චන්දන Friday, 05 July 2024 10:41 AM
මේ ප්‍රවෘත්තියේම යම් තැනක කියා තිබෙන පරිදි අවසාන මොහොතේ ගත් ලකුණු විනිසුරුවරුන් ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවත් පරීක්ෂා කර බැලිය යුතුයි. මොකද එතැනයි ප්‍රකෝප කිරීමේ ආරම්භය. තරඟ විනිසුරුවරුන්ට එතරම් දැඩි විය හැකි නම් සහ එය පක්ෂග්රාහී හා අනීතික තත්වයක් නම්, නරඹන්නන්ගේ ප්රකෝපකාරී හැසිරීම ඉතාමත්ම සාමාන්‍ය දෙයකි...
Reply 0 0
Nasar Friday, 05 July 2024 12:02 PM
පක්ෂග්රාහී දුර්වල විනිසුරුවරුන්ට එරෙහිව ගන්න පියවර කුමක්ද?
Reply 0 0
Mohan Saturday, 06 July 2024 08:59 AM
ලොකු ලොකු ඉස්කෝලවලට ලොකු ලොකු සැලකිලි. පොඩි පොඩි ඉස්කෝලවලට පොඩි පොඩි සැලකිලි. විනිසුරුවරයාගේ සහ පවුලේ අයගේ බැංකු එකවුන්ට් පරීක්ෂා කළ යුතුයි. හැබැයි කෑෂිල් එකක් නම් අල්ලලා බොරු... අද ලෝකයේ ක්‍රීඩා තරඟ පාවාදීම් හා විනිසුරු වංචා ගොඩයි...
Reply 0 0
Thushara Saturday, 06 July 2024 12:19 PM
දෙමාපියන්, oba, එක පාසල්වල ක්‍රීඩාවට ළං නොවන තරමට අපේ රටේ හැම ක්‍රීඩාවක්ම මීට වඩා ගුණාත්මක මට්ටමකට පත්වෙයි. ගෙදරදීම ජය පරාජය විඳගැනීමට පූරුදු කිරීම වඩා යහපත්...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.