Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ ඩයලොග් පළමුපෙළ ලීග් රග්බි තරගාවලියේ අපරාජිතව සිටිමින් කුසලානය කරා යන මහනුවර ක්‍රීඩා සමාජය ඊයේ පස්වරුවේ ගුවන් හමුදා කණ්ඩායම උත්සාහක දිනුම් වරුසාවකින් තෙමා දැමුවේ තවත් දැවැන්ත ජයග්‍රහණයකට හිමිකම් කියමිනි. තරගය නිමාවූයේ ලකුණු 64-12 කින් මහනුවර පිලේ ජයග්‍රහණය තහවුරු කරමිනි.
රත්මලාන ගුවන් හමුදා පිටියේ පැවැති මේ තරගයේ දී මහනුවර පිල තැබූ උත්සාහක දිනුම් සංඛ්‍යාව 10 කි. ඉන් 7 ක්ම ගෝල බවට ප්‍රවර්තනය වෙද්දී ගුවන් හමුදා පිලට ගෝලයකින් සහ උත්සාහක දිනුමකින් සෑහිමකට පත්වීමට සිදුවීය. එම ගෝලයත් ලැබුණේ තරග තීරකවරයා පැනල්ටි ට්‍රයි දිනුමක් පිරිනැමිම නිසාය.
මහනුවර පිලේ ගෝල හතම ප්‍රවර්තනය කරනු ලැබුවේ තිළිණ විජේසිංහ විසිනි.
පසුගිය සතියේ නිත්තවෙලදී පොලිස් පිල හමුවේ උත්සාහක දිනුම් 9 ක් තැබූ මහනුවර ක්‍රීඩකයෝ ඊයේ සිය උත්සාහක දිනුම් රැල්ල තව දුරටත් දීර්ඝ කිරීමට සමත්වීම කැපී පෙනුණි.
ගුවන් හමුදා පිල එහෙම පිටින්ම බිමට සමතලා කළ මහනුවර ක්‍රීඩකයන්ගෙන් පළමු උත්සාහක දිනුම තැබුවේ බුවනෙක උඩංගමුවය. අනතුරුව ධනුෂ්ක රන්ජන්ගේ උත්සාහක දිනුම වාර්තාවිය. ඊට මඳ වේලාවකට පසුව ඉෂාර මධුෂාන් උත්සාහක දිනුමත් තබමින් ගුවන් හමුදා පිලට ලකුණු එකතු කළේය.
අනතුරුව 20 වැනි මිනිත්තුවේ සිට එක දිගට දනුෂ දයාන්, ෂෙහාන් පතිරණ සහ අනුරුද්ධ විල්වර තැබූ උත්සාහක දිනුම් ත්‍රිත්වයෙන් පසුව මහනුවර පිල ලකුණු 31-5 කින් ඉදිරියට ගියේය.
යාකුබ් අලිගේ උත්සාහක දිනුම තිළිණ විසින් ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමෙන් ලකුණු 38-5 කින් ඉදිරියට යද්දී සිදුවූ නීති විරෝධී ක්‍රියා හේතුවෙන් ගුවන් හමුදා පිලට පැනල්ටි ට්‍රයි දිනුමක් ලැබිණි. ඒ අනුව ගුවන් හමුදා පිලේ ලකුණු සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගියේය.
පළමු භාගය නිමාවීමට පෙර සිය දෙවැනි උත්සාහක දිනුම තැබීමට දනූෂ දයාන් සමත්විය. තිළිණ එය ගෝලයක් බවට ප්‍රවර්තනය කිරිමෙන් පසුව පළමු භාගය නිමාවට පත්වූයේ මහනුවර පිල ලකුණු 45-12 කින් ඉදිරියෙන් පසුවෙද්දීය.
දෙවැනි භාගයේදී සුපුරුදු ක්‍රීඩා රටාව පෙන්නුම් කළ මහනුවර පිල තවත් උත්සාහක දිනුම් තැබුවේය. තරිඳු චතුරංග තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය වූවත් නයිජල් රත්වත්ත තැබූ උත්සාහක දිනුම ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට තිළිණ විජේසිංහට හැකිවූයේ නැත.
ලකුණු 57-12 කින් ඉදිරියට ගිය මහනුවර පිලේ 10 වැනි උත්සාහක දිනුම තැබුවේ හුකර් ක්‍රීඩක උචිත ජයසූරියයි. තිළිණ විජේසිංහ එයත් ගෝලයක් බවට ප්‍රවර්තනය කිරීමට සමත්විය.
ඡායාරූප - වරුණ කරුණාසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.