Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(කටුනායක ටී.කේ.ජී.කපිල)
උස්බෙකිස්තානයේ ටස්කන්ට් නුවරදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ ශූරතාවලියට සමාන්තරව පැවති ලෝක බර ඉසිලීමේ ශූරතාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය. මෙම තරගාවලි වලට සහභාගී වී සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවෝ රන් පදක්කමක් , රිදී පදක්කමක් ඇතුළු ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගැනීමට සමත් වූහ.
ඒ අතරින් ශ්‍රී ලංකා බර ඉසිලීමේ කාන්තා කණ්ඩායම නියෝජනය කළ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ශ්‍රීමාලී සමරකෝන් රන් පදක්කමක් දිනාගත්තාය. පොළොන්නරුව බර ඉසිලීමේ ක්‍රීඩා සමාජය නියෝජනය කරන තිමාලි හපුතැන්න රිදී පදක්කමක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නදීශානි රාජපක්ෂ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබුණි .
ශ්‍රී ලංකා පිරිමි බර ඉසිලීමේ කණ්ඩායම නියෝජනය කරමින් මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා නාවික හමුදාවේ චින්තන විදානගේ සහ ඉන්දික දිසානායකත් , ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඒ.යූ.එම්.එම්.විජේසිංහ සහ පොළොන්නරුව බර ඉසිලීමේ ක්‍රීඩා සමාජයේ තිලංග පළගසිංහ ලෝකඩ පදක්කම් දිනා ගත්හ.
ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සදහා ශ්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනයේ සභාපති එච්.පී.ඒ.ආර්.බණ්ඩාර සහ ත්‍රිවිධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ. එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන විදානගේ මෙසේ පැවසීය .
“උස්බෙකිස්තානයේ පැවති අධික ශීතල සමග මෙම තරගාවලිය සදහා සහභාගී උනා .
එහිදී අපගේ පිරිමි කණ්ඩායම ලෝක ශූරතා තරගාවලියේ තුන් වන ස්ථානය දිනා ගැනීමට සමත් උනා“
“එළඹෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සදහා තෝරා ගැනීමේ අවස්ථාව මෙම තරගාවලිය තුළින් සිදු වීමත් විශේෂත්වයක්“ යැයි ද පැවසීය .
රන් පදක්කම්ලාභී ශ්‍රීමාලී සමරකෝන් ක්‍රීඩිකාව අදහස් පළ කරමින් එළඹෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියේ දී ද ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට තමන් කටයුතු කරන බව පැවසුවාය. 2022 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල එංගලන්තයේ මැන්චෙස්ටර් නුවරදී පැවැත්වෙයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.