Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රයිඩුට පන්දුයැවීම තහනම් කරයි

රයිඩුට පන්දුයැවීම තහනම් කරයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පන්දුව දමාගැසීමේ චෝදනාවට ලක්ව සිටින ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අම්බටි රයිඩුට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම තහනම් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.

ජනවාරි මස ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැති එක්දින තරගයකදී රයිඩු පන්දු යැවීම සැක සහිත බවට චෝදනා එල්ලවී ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයකට පෙනී සිටීම සඳහා ඔහුට දින 14 ක කාලයක් ලබා දී තිබුණි.

කෙසේ වුවත් එම දින 14 නිමාවන තෙක්ම රයිඩු අදාල පරීක්ෂණයට පෙනී නොසිටීම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ පන්දු යැවීම තහනම් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව සිය පන්දු යැවීම ඉරියව්ව නිවැරදි යැයි සනාථ කරන තෙක් රයිඩුට අන්තර් ජාතික තරගවලදී පන්දු යැවීමට නොහැකිවන අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවසරය මත දේශීය තරගවලදී පන්දු යැවීමට හැකිවනු ඇත.


-036

 


අදහස් (0)

රයිඩුට පන්දුයැවීම තහනම් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.