Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story රයිනා - දෝනි ඉන්දියාවට ජය ගෙනෙති

රයිනා - දෝනි ඉන්දියාවට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2015 මාර් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ 39 වැනි තරගය ලෙස ඉන්දියාව සහ සිම්බාබ්වේ පිල අතර අද (14 වැනිදා)  ඕක්ලන්ඞ්හිදී පැවැති ‘බී’ කාණ්ඩයේ තරගයෙන් කඩුලූ 6 ක් ජයක් ලැබූ ඉන්දීය පිල අපරාජිතව අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 288 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය කී‍්‍රඩකයෝ පන්දු 8 ක් ඉතිරිව තිබියදී කඩුලූ 4 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය.

පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 156 කදී ලකුණු 196 ක නොබිඳුන සම්බන්ධතාවක් ගොඩනැගූ සුරේෂ් රයිනා (නොදැවී 110) සහ මහේන්ද්‍ර සිං දෝනි (85) ඉන්දීය පිල ජයග‍්‍රහණය කරා රැගෙන ගියහ.

පන්දු 104 කදී වාර්තා වූ රයිනාගේ ශතකයට හයේ පහර 4 ක් සහ හතරේ පහර 9 ක් ඇතුළත් වූ අතර පන්දු 76 කදී වාර්තා වූ දෝනිගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් ඇතුළත් විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිල  ඕවර 50 අවසානයේ සියලූ දෙනා දැවී ලකුණු 287 ක් ලබා ගත්තේය.

අද දිනයේදී සිය අවසන් එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වූ බ්‍රෙන්ඩන් ටේලර් නායකත්වයේ ඉනිමක් කී‍්‍රඩා කරමින් පන්දු 110 කින් ලකුණු 138 ක් රැස්කළේය.

මෙය ටේලර්ගේ 8 වැනි ශතකය වන අතර ඊට හයේ පහර 5 ක් සහ හතරේ පහර 15 ක් ඇතුළත් විය.

ශේන් විලියම්ස් (50) සමග එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 105 කදී ලකුණු 93 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ටේලර්, ක්‍රෙග් අර්වින් (27) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 80 කදී ලකුණු 109 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිම්බාබ්බේ පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

පන්දු 57 කදී වාර්තා වූ ශේන් විලියම්සන්ගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය.

උමේෂ් යාදව්, මොහොමඞ් සාමි සහ මෝහිත් ශර්මා කඩුලූ 3 බැගින් දවාගනිමින් සිම්බාබ්වේ පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළහ. කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීම සඳහා සිම්බාබ්වේ පිලට ආරාධනා කර සිටියේය.

 

සිම්බාබ්වේ පිල - ඕවර 48.5 කදී සියලූ දෙනා දැවී 287
(බ්‍රෙන්ඩන් ටේලර් 138, ශේන් විලියම්ස් 50, ක්‍රෙග් අර්වින් 27, සිකන්දර් රාසා 28, උමේෂ් යාදව් 43/3, මොහොමඞ් සාමි 48/3, මෝහිත් ශර්මා 48/3)
 
ඉන්දීය පිල - ඕවර 48.4 කදී කඩුලූ 4 ක් දැවී 288
(රෝහිත් ශර්මා 16, විරාට් කෝලි 38, අජන්ක්‍යා රහනේ 19, සුරේෂ් රයිනා නොදැවී 110, මහේන්ද්‍ර සිං දෝනි 85, ටිනාෂේ පන්යන්ගාරා 53/2)

 

- 036

 

තරගයේ විශේෂ අවස්ථා ...

(ඒ.එෆ්.පී. අනුග‍්‍රහයෙනි)


අදහස් (0)

රයිනා - දෝනි ඉන්දියාවට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.