Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අයි. පී. එල්. තරගාවලියේ 8 වැනි අදියර කණ්ඩායම් 8 ක සහභාගීත්වයෙන් අද (8 වැනිදා) ශ්‍රී ලංකා වේලාවෙන් රාතී‍්‍ර 8.00 ට ආරම්භ වේ. මෙවර තරගාවලියට එක්ව සිටින කී‍්‍රඩකයන් සංඛ්‍යාව 123 කි. ඉන් 79 දෙනෙක් ඉන්දීය කී‍්‍රඩකයන් වන අතර 44 දෙනෙක් විදෙස් කී‍්‍රඩකයෝ වෙති.
මෙතෙක් පැවැති තරගාවලි හතේදී චෙන්නායි සුපර්කිංග්ස් පිල (2010 සහ 2011) සහ කොල්කටා නයිට්රයිඩර්ස් පිල (2012 සහ 2014) දෙවතාව බැගින් අයි. පී. එල්. ශූරතාව දිනාගෙන තිබෙන අතර රාජස්ථාන් රෝයල්ස් (2008), ඩෙකෑන් චාජර්ස් (2009) සහ මුම්බායි ඉන්දියන්ස් (2013) යන කණ්ඩායම් එක්වර බැගින් එම ශූරතාවට හිමිකම් කියා තිබේ.
චෙන්නායි සුපර්කිංග්ස් පිල ශූරතාව දිනාගත් අවස්ථා දෙකේදීම කණ්ඩායමේ නායකයා ලෙස මහේන්ද්‍ර සිං දෝනි කටයුතු කර ඇති අතර කොල්කටා නයිට්රයිඩර්ස් පිල ශූරතාව දිනාගත් අවස්ථා දෙකේදීම කණ්ඩායමේ නායකයා ලෙස ගෞතම් ගම්භීර් කටයුතු කර ඇත.
රාජස්ථාන් රෝයල්ස් පිල ශේන් වෝන් යටතේද, ඩෙකෑන් චාජර්ස් පිල ඇඩම් ගිල්කි‍්‍රස්ට් යටතේද, මුම්බායි ඉන්දියන්ස් පිල රෝහිත් ශර්මා යටතේද අයි. පී. එල්. ශූරතාව දිනාගෙන තිබේ.
එදා මෙදා තුර අයි. පී. එල්. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට චෙන්නායි සුපර් කිංග්ස් පිලේ සුරේෂ් රයිනා පත්ව සිටින අතර තරග 115 කට සහභාගී වෙමින් ඉනිම් 111 ක් තුළ ශතකයක් සහ අර්ධ ශතක 23 ක් සමගින් ඔහු ලබාගෙන ඇති ලකුණු සංඛ්‍යාව 3325 කි.
ඩෙකෑන් චාජර්ස් සහ මුම්බායි ඉන්දියන් කණ්ඩායම් නියෝනය කළ රෝහිත් ශර්මා ලකුණු 2903 ක් ලබාගනිමින් එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේද, දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් නියෝජනය කළ ගෞතම් ගම්භීර් ලකුණු 2806 ක් ලබාගෙන එහි තෙවැනි ස්ථානයේද රැදී සිටිති.
මෙතෙක් පැවැති තරගාවලි වලදී වැඩිම කඩුලූ ලාභින්ගේ ලැයිස්තුවේ ඉහළින්ම මුම්බායි ඉන්දියන් පිලේ ලසිත් මාලිංග රැුදී සිටින අතර තරග 83 කදී ඉනිම් 83 ක් තුළ ඔහු දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 119 කි. ඊට කඩුලූ 5 බැගින් දවාගත් අවස්ථාවක් සහ කඩුලූ 4 බැගින් දවාගත් අවස්ථා 4 ක්ද ඇතුළත් වේ. අයි. පී. එල්. තරගාවලියේදී මාලිංගගේ හොඳම පන්දු යැවීම ලෙස සැලකෙන්නේ ලකුණු 13 කට කඩුලූ 5 ක් දවාගැනීමයි.
ඩෙකෑන් චාජර්ස්, දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් නියෝජනය කළ අමීට් මිශ්රා කඩුලූ 102 ක් දවාගනිමින් වැඩිම කඩුලූ ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවන අතර කිංග්ස් XI පංජාබ් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් නියෝජනය කළ පියුෂ් චව්ලා කඩුලූ 98 ක් දවාගනිමින් එහි තෙවැනි ස්ථානයේ පසුවේ.
චෙන්නායි සුපර් කිංග්ස් පිලේ සුරේෂ් රයිනා අයි. පී. එල්. තරගාවලියේ වැඩිම තරග සංඛ්‍යාවකට (115) සහභාගි වී ඇති කී‍්‍රඩකයා මෙන්ම වැඩිම උඩපන්දු සංඛ්‍යාවක් (64) රැකගෙන ඇති කී‍්‍රඩකයා ලෙසද වාර්තා පොතට ඇතුළත්ව සිටියි.
2013 වසරේදී පූනේ වොරියර්ස් පිලට එරෙහිව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල, කඩුලූ 5 ක් දැවී ලබාගත් ලකුණු 263 අයි. පී. එල්. ඉතිහාසයේ කණ්ඩායමක් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වන අතර 2009 වසරේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව රාජස්ථාන් රෝයල්ස් පිල සියලූ දෙනා දැවී ලබාගත් ලකුණු 58 මෙම තරගාවලියේ කණ්ඩායමක් දැවීගිය අඩුම ලකුණු සංඛ්‍යාව වේ.
චෙන්නායි සුපර්කිංග්ස්, කොල්කටා නයිට්රයිඩර්ස්, රාජස්ථාන් රෝයල්ස්, මුම්බායි ඉන්දියන්ස්, කිංග්ස් XI පංජාබ්, සන්රයිසස් හයිද්‍රාබාද්, දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් මෙවර තරගාවලියට එක්ව සිටින කණ්ඩායම් 8 යි.
එම කණ්ඩායම් 8 න් හතරක නායකයන් ලෙස ඉන්දීය කී‍්‍රඩකයන් කටයුතු කරන අතර ඉතිරි කණ්ඩායම් හතරේ නායකයන් ලෙස විදෙස් කී‍්‍රඩකයන් නම්කර තිබේ. මෙහි විශේෂත්වය වන්නේ එම විදෙස් කී‍්‍රඩකයන් සිව්දෙනාගෙන් දෙදෙනෙක්ම පළමු වරට අයි. පී. එල්. තරගාවලියක නායකයන් ලෙස කටයුතු කිරීමයි.
2008 වසරේ සිටම චෙන්නායි සුපර්කිංග්ස් කණ්ඩායමේ නායකත්වය දරන මහේන්ද්‍ර සිං දෝනි, අයි. පී. එල්. තරගාවලියේ ප‍්‍රවීනතම නායකයා වන අතර 2011 වසරේ සිට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කර ගෞතම් ගම්භිර්, ප‍්‍රවීනත්වය අතින් දෝනිට පසුපසින් සිටියි.
ඉකුත් වසර දෙකේදී මෙන්ම මුම්බායි ඉන්දියන්ස් පිලේ නායකත්වය රෝහිත් ශර්මාටද, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලේ නායකත්වය විරාට් කෝලිටද හිමිව තිබෙන අතර රාජස්ථාන් රොයල්ස් පිලේ නායකත්වය ෂේන් වොට්සන්ටද, කිංග්ස් XI පංජාබ් පිලේ නායකත්වය ජෝජ් බේලිටද හිමිව තිබේ.
මෙහිදී පළමු වරට ජේ. පී. ඩුමිනි දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලේ නායකයා ලෙසද, ඬේවිඞ් වෝනර් සන්රයිසස් හයිද්‍රාබාද් පිලේ නායකයා ලෙසද කටයුතු කිරීමට නියමිතය.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිලට කී‍්‍රඩා කරන අතර තිසර පෙරේරා කිංග්ස් XI පංජාබ් පිලට කී‍්‍රඩා කරයි.
ඇන්ජලෝ මැතිව්ස් මින් පෙර කොල්කටා නයිට්රයිඩර්ස් සහ පූනේ වොරියර්ස් කණ්ඩායම් නියෝජනය කර ඇති අතර තිසර පෙරේරා චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස්, කෝචි ටස්කර්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් නියෝජනය කර ඇත.
ඡායාරූපය - අයි.පී.එල්. නිල වෙබ් අඩවිය අනුග්‍රහයෙනි
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.