Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ඡායාරූපය - ජයමාල් චන්ද්‍රසිරි)
ක්‍රිකට් විනිසුරුවන් වෙනුවෙන් ලියාපදිංචිය තහවුරු කර ඇති, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිගත් එකම විනිසුරු සංගමය ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය ඉකුත් නොවැම්බර් 03 වැනිදා සිය ස්ථාවරය තහවුරු කරගත්තේය. එ සමගම වෘත්තීය ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ ප්‍රවීන විනිසුරුවරුන් ද සමඟ 53 දෙනෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයට එක් වූහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපතිවරයා වශයෙන් 2026 දක්වා කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාය. වෘත්තීය ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ සාමාජිකයන් 53 දෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයට එක්වූයේ එහි සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ මැදිහත් වීමෙනි.
ඒ සම්බන්ධ නිල උත්සවයක් ඉකුත් නොවැම්බර් 03 වැනිදා පානදුර ක්‍රීඩා සමාජ ශ්‍රවණාගාර පරිශ්‍රෙය්දී පැවැත්විණ.
වෘත්තීය විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ රවීන්ද්‍ර විමලසිරි මහතා සහ ලේකම් රැන්මෝ මාටිනස් යන මහත්වරුද ඇතුළුව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරුන් ලෙසින් කටයුතු කරනු ලබන රුචිර පල්ලියගුරුගේ, සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන විනිසුරුවරුද එදින ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ගත්හ.
වසර 1944 දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ වැදගත්ම පරිච්ඡේදයක් ලෙස සැලකෙන 1982 පෙබරවාරි 17 වැනිදා පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයට විනිසුරුවන් සැපයීම ක්‍රිකට් ඉතිහාස පොතේ රන් අකුරින් ලියැවී තිබේ. 1996 ක්‍රිකට් ලෝක කුසලානය දිනූ වර්ෂයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවරුන්ට අන්තර්ජාතික පිළිගැනීම ලැබෙන පරිදි, විභාග හා වැඩමුළු පවත්වමින් එය ඉදිරියට ගෙන ගියේය.
ශ්‍රී ලංකාවේ දැනට සිටින සියලුම ක්‍රිකට් විනිසුරුවරු ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබාගනිමින් එක්වී සිටිති.
“මින් ඉදිරියට දෙගොල්ලක් කියලා හිතන්න එපා. එකම සංගමයක්, එකම සාමාජිකත්වයක් එක්ක අපි ඉදිරියට මේ ගමන යමු. මේ ගමන විනිශ්චයකරුවන්ගේ අභිවෘද්ධිය උදෙසායි“ යැයි මෙම එක්වීමේ උත්සවයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා පැවසීය.
වසර 80 කට ආසන්න ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයට වෘත්තීය ක්‍රිකට් විනිසුරුවරුන්ගේ සංගමයේ සාමාජිකයින් 53 දෙනා එක්වීමත් සමඟ එහි සාමාජිකත්වය 1200 ඉක්මවා තිබේ. ශ්‍රී ලංකාව පුරා පුළුල්වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයට අනුබද්ධ දිස්ත්‍රික් සංගම් 17 කි.
ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමයේ සභාපති රවීන් වික්‍රමරත්න මහතා විසින් වෘත්තීය විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ රවීන්ද්‍ර විමලසිරි මහතාට සාමාජිකත්ව හැඳුනුම්පත පිළිගැන්වූ අවස්ථාව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.