Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආරුගම්බේ ‘සර්ෆ්’ සමාජය සහ ‘ආරුගම්බේ බීච් වෙයාර්’ එක්ව පිට පිටම තෙවැනි වරටත් සංවිධානය කරන ‘ආරුගම්බේ සර්ෆ් ක්ලැසික් 2013’ රළ මත ලිස්සායාමේ තරගාවලිය මේ මස 25 වැනිදා සිට 27 වැනිදා දක්වා ආරුගම් බොක්ක මුහුදු තීරයේදී පැවැත්වේ.
මෙම තරගාවලියේදී ශ්‍රී ලාංකිකයන්ට ‘ශ්‍රී ලංකා සර්ෆ් ශූරතාව’ සඳහා තරග කළ හැකිය. විදේශිය ක‍්‍රීඩකයන් වෙනුවෙන්ද විවෘත තරගාවලියක් පැවැත්වේ. දිගු පුවරු පැදීමේ ලෝක ශූරයකු වන වේන්ද මෙම තරගාවලියට සහභාගි වීමට නියමිත බව සංවිධායකයෝ පවසති.
ඕස්ටේ‍්‍රලියානු ජාතිකයන් වන ජාත්‍යන්තර මට්ටමේ සර්ෆ් ක‍්‍රීඩකයන්ගේ අධීක්‍ෂණය සහ මග පෙන්වීම යටතේ තරගාවලිය පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණින් 2011 වසරේ ආරුගම් බොක්ක මුහුදු තීරයේදී මෙම තරගාවලිය ආරම්භ කෙරිණ.
ශ්‍රී ලංකාවේ සංචාරක පාරාදීසයක් වන ආරුගම්බේ ප‍්‍රදේශය, විදේශිකයන් අතර ජනප‍්‍රිය ක‍්‍රීඩාවක් වන රළ මත ලිස්සා යාමේ ක‍්‍රීඩාවට සුවිශේෂි ස්ථානයක් බවට පත්කීරීම මෙම තරගාවලියේ ප‍්‍රධාන අරමුණයි. ඒ පිළිබඳව අදහස් දක්වමින් ආරුගම්බේ සර්ෆ් සමාජයේ ප‍්‍රධානී ක‍්‍රිෂාන්ත ආරියසේන මහතා පැවසුවේ ‘ආරුගම්බේ සර්ෆ් ක්ලැසික්’ තරගාවලිය වසරින් වසර දියුණුවට පත්වන බවයි.
තරගාවලියේ අයැදුම්පත් www.facebook.com/pages/Arugam-Bay-Surf-Classic/427241483965178 වෙබ් අඩවියෙන් හෝ 0777531005 දුරකථනයෙන් තාහීර් ඇමතීමෙන් ලබාගත හැකිය.
මෙම තරගාවලිය සාර්ථක කර ගැනීමට ආරුගම්බේ බීච් වෙයාර්, ලෑන්ඞ් රෝවර්, කාගිල්ස් ෆන් බී, වයින් වර්ඞ්, ඔන්ඩා, විජය පුවත්පත් සමාගම සහ ලියෝ බර්නෙට් ආයතන ආරුගම්බේ සර්ෆ් සමාජය සමග එක්ව සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.