Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දින 10 ක තරග සංචාරයක් සඳහා ක්‍රීඩකයන් 36 දෙනෙකුගෙන් සමන්විත කොළඹ රාජකීය විදුහල් පළමු පෙළ රග්බි කණ්ඩායම අද (8 වැනිදා) නවසීලන්තය බලා පිටත්ව යයි. මෙම තරග සංචාරය තුළදී රාජකීය විදුහල් කණ්ඩායම ඕක්ලන්ඞ් සහ නොර්ත්ලන්ඞ්හි විදුහල් 2 ක් සමග තරග 2 කට මෙන්ම නවසීලන්ත පුහුණුකරුවන් මෙහෙයවන පුහුණු කඳවුරු කිහිපයකටද සහභාගිවීමට නියමිතය.
ඒ අනුව මේ මස 11 වැනිදා ‘නෝත් ශෝ’ හි රැන්ගිටෝටෝ විදුහල් කණ්ඩායමට එරෙහිව රැන්ගිටෝටෝ ක්‍රීඩාංගනයේදී පළමු තරගයට සහභාගි වන රාජකීය විදුහල් කණ්ඩායම, මේ මස 14 වැනිදා ‘ඔටහූහූ’ හි කිංග්ස් විදුහල් කණ්ඩායමට එරෙහිව එම විදුහල් ක්‍රීඩාංගනයේදී දෙවැනි තරගයට තරගයට සහභාගි වනු ඇත.
තවද එහිදී රාජකීය රග්බි කණ්ඩායම නවසීලන්ත ජාතික රග්බි කණ්ඩායමේ (ඕල් බ්ලැක්ස්) හිටපු ප්‍රධාන පුහුණුකරු ශ්‍රීමත් ග්‍රැම් හෙන්රි මහතා සමගත්, එම කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් වූ ශ්‍රීමත් ජෝන් කිර්වන් සහ ජෝ ස්ටැන්ලි යන මහත්වරු සමගත් පුහුණු සැසිවාර කිහිපයකට සහභාගි විමට නියමිතය.
මේ වසරේදී මහනුවර ත්‍රිත්ව විදුහල පරාජය කරමින් බ්‍රැඞ්බි කුසලාන යළිත් වරක් දිනාගැනීමට සමත් වීමත්, පාසල් ලීග් ශූරතාව ජයග්‍රහණය කරමින් සාර්ථක තරග සමයක් අවසන් කිරීමට සමත් වීමත් නිමිත්තෙන් රාජකීය විදුහල් රග්බි කණ්ඩායමට මෙම සංචාරය තිළිණයක් ලෙස ලබාදී තිබේ.
කියා මෝටර්ස්, බ්‍රැන්ඩික්ස්, ඇන්කර්, අරීමා හෝල්ඩිංග්ස්, ක්ලැසික් ට්‍රැවල් සහ හමීඩියාස් යන පෞද්ගලික සමාගම් සහ ආයතන මෙම සංචාරය සඳහා රාජකීය විදුහල් කණ්ඩායමට අනුග්‍රහය දක්වයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.