Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස ජෝජ් බේලි මෙහෙයවන කිංගස් XI පංජාබ් පිල සහ ස්ටීව් ස්මිත් මෙහෙයවන රාජස්ථාන් රෝයල්ස් පිල අතර පූනේහිදී අද (10) පැවැති තරගයෙන් රාජස්ථාන් පිල ලකුණු 26 ක ජයක් ලැබීය.
ජයග‍්‍රහණය සදහා ලකුණු 163 ක ඉලක්කය හඹාගිය පංජාබ් පිලට ඕවර 20 දී කඩුලූ 8 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 136 ක් පමණි.
ප‍්‍රවේගකාරි පිතිරු ග්ලේන් මැක්ස්වෙල් පන්දු 5 කදී ලකුණු 7 කට දැවී යෑම පංජාබ් පිලට දැඩි පාඩුවක් බවට පත්විය. පළමුව පන්දුවට පහර දුන් රාජස්ථාන් පිල ඕවර 20 කදී කඩුලූ 7 ක් දැවී ලකුණු 162 ක් රැස් කළේය.
ජේම්ස් ෆෝක්නර් පන්දු 33 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 46 ක් රැස් කරමින් රාජස්ථාන් පිලේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
පංජාබ් පිල කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
රාජස්ථාන් පිලේ නායක ෂේන් වොට්සන් ආබාධයකට ලක්වීම නිසා මෙම තරගයේදී ඕස්ටේ‍්‍රලියානු තුන් ඉරියව් ක‍්‍රීඩක ස්ටීව් ස්මිත් කණ්ඩායම මෙහෙයවීය.
කිංගස් XI පංජාබ් පිලට විදේශ ක‍්‍රීඩකයන් ලෙස ග්ලේන් මැක්ස්වෙල්, ඬේවිඞ් මිලර්, ජෝජ් බේලි සහ මිචෙල් ජොන්සන් ක‍්‍රීඩා කළහ.
රාජස්ථාන් පිලට විදේශ ක‍්‍රීඩකයන් ලෙස ස්ටීව් ස්මිත්, ජේම්ස් ෆෝක්නර්, ටිම් සව‍්‍රති සහ ක‍්‍රිස් මොරිස් ඇතුළත්ව සිටියහ.
ශ්‍රී ලංකා තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා කිංගස් XI පංජාබ් සංචිතයට ඇතුළත්ව සිටිය ද මෙම තරගයේදී අවස්ථාව අහිමිවිය.
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 162
(ස්ටීව් ස්මිත් 33, ස්ටුවට් බිනී 13, දීපාක් හූදා 30, ජේම්ස් ෆෝක්නර් 46, අනුරුට් සිං 23/3, මිචෙල් ජොන්සන් 34/2)
කිංගස් XI පංජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 8 ට 136
(මුරලි විජේ 37, අෂ්යර් පටෙල් 24, ඬේවිඞ් මිලර් 23, ජෝජ් බේලි 24, ටිම් සව‍්‍රති 36/2, ජේම්ස් ෆෝක්නර් 26/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.