Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
මැද පෙළ පිතිකරු සිකන්දර් රාසාගේ ක්‍රමාණුකූල ආක්‍රමණය හේතුවෙන් හොබාර්ට්හිදී අද (17 වැනිදා) පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ තරගයේදී, සිම්බාබ්වේ ක්‍රීඩකයෝ අයර්ලන්තය පරදවා ලකුණු 31 ක පහසු ජයක් අත්කර ගත්හ. ලකුණු 175 ක ඉලක්කයක් කරා ගිය අයර්ලන්ත කණ්ඩායමට, ඕවර 20 කදී ලබාගත හැකිවූයේ ලකුණු 143 ක් පමණි.
මුල් ඕවර 4 දී කඩුලු 4 ක් බිඳ වැටීම හේතුවෙන් අයර්ලන්තය පසුපසට ඇද වැටිණ. කර්ටිස් කැම්පර් (27) සහ ජෝර්ජ් ඩොක්රල් (24) දෙදෙනා අයර්ලන්ත පිල ජයග්‍රහණයේ මාවතට ගෙන ඒමට ප්‍රබල උත්සාහයක් ගත් නමුත් සිකන්දර් රාසා සහ ෂෝන් විලියම්ස් දෙදෙනා එක්ව අයර්ලන්තයේ ගමන අවහිර කළහ.
දෙපිලේ වෙනස තිබුණේ 11 වැනි ඕවරයත් 16 වැනි ඕවරයත් අතරය.
මෙම ඕවර 6 දී, සිම්බාබ්වේ ක්‍රීඩකයන් කඩුල්ලක් පමණක් දෙමින් ලකුණු 58 ක් උදුරා ගනිද්දී අයර්ලන්ත පිතිකරුවෝ සිව් දෙනෙක් ලකුණු 34 කට දැවී ගියහ.
අයර්ලන්ත කණ්ඩායමට වේග පන්දු යවන්නන් තිදෙනකු කැඳවා තිබිණ. ඒ හේතුවෙන් කාසියේ වාසිය දිනාගත් අයර්ලන්ත නායක ඇන්ඩි බිල්බරින්, කිසිම පැකිළීමකින් තොරවම පළමුවෙන් පන්දු යැවීම තෝරාගත් නමුත්, සිකන්දර් රාසාගේ ප්‍රහාරයට මුහුණ දීමට සිදුවිය.
මුලදී අයර්ලන්ත නායකයාගේ තීරණය සාර්ථක බව පෙනෙන්නට තිබුණේ ලකුණු 37 ක් ඇතුළත සිම්බාබ්වේ පිතිකරුවන් තිදෙනකුම දැවී ගිය බැවිනි. එහෙත් සිකන්දර් රාසා පිටියට පිවිසීමෙන් පසුව ඕවර 14 කදී ලකුණු 137 ක් සිම්බාබ්වේ පිලට එකතු විය.
පන්දු 48 කට මුහුණ දුන් සිකන්දර් රාසාගේ ලකුණු 82 න් ලකුණු 50 ක් ම හයේ සහ හතරේ පහර වලින් පැමිණි ඒවා විය. සිකන්දර්ට අනගි සහයක් දුන් මිල්ටන් ෂුම්බා (16) සහ ලූක් ජොන්ග්වේ (20) ප්‍රහාරය රාසාට ඉතිරි කරමින් තම තමන්ගේ කඩුලු රැකගත්හ.
සුදුසුකම් තේරීමේ තරගාවලියේදී වඩාත් අසීරු කාණ්ඩයට පිවිස සිටින සිම්බාබ්වේ පිලට, බටහිර ඉන්දීය කොදෙව්, ස්කොට්ලන්තය සහ අයර්ලන්තය සමගින් තරග කරමින් ‘බී’ කාණ්ඩයේ මුල් ස්ථාන දෙකින් එකක් සොයාගැනීමට සිදුව තිබේ.
සිම්බාබ්වේ - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 174 යි
(වෙස්ලි මැදව්වේරේ 22, ෂෝන් විලියම්ස් 12, සිකන්දර් රාසා 82, මිල්ටන් ෂුම්බා 16, ලූක් ජොන්ග්වේ නොදැවී 20, ජොෂ් ලිට්ල් 24/3, මාක් ඇඩෙයාර් 39/2, සිමී සිං 31/2)
අයර්ලන්තය - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 143
(ලෝකන් ටකර් 11, කර්ටිස් කැම්පර් 27, ජෝර්ජ් ඩොක්රල් 24, ගැරත් ඩෙලානි 24, බැරී මැකාති නොදැවී 22, රිචඩ් න්ගරාවා 22/2, ටෙන්ඩායි චතාරා 22/2, බ්ලෙසිං මුසරබානි 23/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.