Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පැයට කිලෝමීටර 43.04 ක වේගයක් රඳවා ගනිමින් අවසන් කිලෝමීටර දහයේදී පොකුරෙන් මිදී ජය කණුව හඹා ගිය ගුවන් හමුදා ක්‍රීඩක නවීන් රුචිර, ‘එස්. එල්. ටී. ස්පීඞ් අප් ’ විවෘත රේසිං පාපැදි සවාරිය ආරම්භ කරමින් අද (27) පැවැති එහි පළමු අදියර ජය ලැබීය.
රත්මලානෙන් ආරම්භ වී මාතර බස් නැවතුම්පොළ අසළින් අද දහවල් නිමාවට පත් වු පළමු අදියරේ මුළු දුර කිලෝමීටර 150.7 ක් විය. එසේ පොකුරෙන් මිදී වේගය තහවුරු කර ගනිමින් ප්‍රභාෂ් මධුෂංඛ හා කුෂාන් රාජපක්‍ෂ සමඟ එකවර තරගය නිම කළ නවීන්ට එහි ජයග්‍රාහණය ප්‍රදානය කිරීමට තීරක මණ්ඩලය කටයුතු කළේය.
කොළඹ ගාලු පාරේ මුහුදු බඩ තැනිතලා මාර්ගයේ වැඩි වෙහෙසක් නොමැතිව ඉදිරියට එක පොකුරට ඇදී ගිය තරගකරුවන්ගේ පළමු බෙදීම තරග නිමාවට කිලෝමීටර 30 ක් පමණ තිබියදී ආරම්භ විය.
එතැන් සිට තරග නිමාවට කිලෝමීටර 10 ක් පමණ තිබියදී ඉදිරියෙන් පැමිණි පොකුරෙන් යළිත් මිදුණු නවීන් රුචිර, පැය 3. විනාඩි 28.00 කදී මාතර නගර ආසන්නයට ළඟා වුයේ දෙවැනි ස්ථානයට පත් ප්‍රභාෂ් මධුෂංක සහ තෙවැනි ස්ථානයට පත් තුෂාන් රාජපක්‍ෂ හා තියුණු සටනකින් පසු එකට තරග නිමි කාලයක් වාර්තා කරමිනි.
මෙම තරගයට සහභාගි වු සාග් රන් පදක්කම් ලාභී ශ්‍රී ලංකා ක්‍රීඩක ජීවන් ජයසිංහට අද පළමු අදියර තරගයේදී මුල් පෙලේ ස්ථානයක් හිමි නොවීය.
ඉරිදා (31) දක්වා අදියර පහකින් දින පහක් දක්වා පැවැත්වෙන ටෙලිකොම් පාපැදි සවාරියේ අද පැවැති පළමු අදියර තරගයට ඊට ලියාපදිංචිව සිටි තරගකරුවෝ 182 දෙනෙකු අතරින් 164 දෙනකු සහභාගි වුහ.
පළමු අදියර තරගය සාර්ථකව නිම කළ තරගකරුවෝ 121 දෙනකු හෙට (28) දෙවැනි අදියර තරගයට සුදුසුකම් ලබා සිටිති.
මේ අතර පළමු අදියර තරගය නිමා කළ මාතර නගරයේ බස් නැවතුම්පල අසළ ස්ථානය ඊට සුදුසු තැනක් නොවු බැවින් තරග අවසානයට පැමිණි තරගකරුවෝ රැසක් දුෂ්කරතාවයට පත්වු බවද වාර්තාවේ.
එම ස්ථානය නගරයේ රථවාහන තදබදය පැවැති වංගුවක් ද සහිත ස්ථානයක් වු බැවින් මෙම තත්ත්වය උදා වු බව ඔවුන් එහිදී වැඩි දුරටත් පැවසීය.
පළමු අදියර තරගයේ වේගවත්ම (ස්ප්‍රින්ට්) ධාවකයා ලෙස නිරීක්‍ෂණ දෙකකින්ම සමත් වු නාවික හමුදා ක්‍රීඩක නුරේෂ් ප්‍රසංග තෝරා ගැණුනි. කළුවාමෝදර හා පැරෑලිය යන නිරීක්‍ෂණ ස්ථාන දෙකකදී ඔහු ඒ සඳහා තෝරා ගැණුනි.
කිලෝමීටර 780 ක මුළු දුරකින් යුත් ටෙලිකොම් පාපැදි සවාරියේ හෙට (28) දෙවැනි අදියර පෙරවරු 8.30 ට දෙවුන්දර නගර මධ්‍යයෙන් ආරම්භ කෙරේ.
දික්වැල්ල, වැවුරුකන්නල, වලස්ගල, මුල්කිරිගල, මිද්දෙණිය, ඇඹිලිපිටිය, උඩවලව, ගොඩකවෙල, කහවත්ත, පැල්මඩුල්ල හරහා රත්නපුර නව නගරයෙන් අවසන් කෙරේ.
එහි මුළු දුර කිලෝමීටර 150 කි. මෙම මාර්ගයේ වැඩි දුරක් ද තැනිතලාවෙන් යුක්තය.
ටෙලිකොම් පාපැදි සවාරියේ පළමු අදියර ප්‍රතිඵල
(රත්මලාන සිට මාතර නගර මංසන්ධිය දක්වා කිලෝමීටර් 150.7)
1. නවින් රුචිර (ගුවන් හමුදාව- පැය 3 විනාඩි තත්ත්පර 28.00),
2. ප්‍රභාෂ් මධුශංඛ (නාවික හමුදාව- 3.28.00),
3. කුෂාන් රාජපක්ෂ (යුද හමුදාව- 3.28.00),
4. ජනක හේමන්ත කුමාර (නාවික හමුදා- 3.28.40),
5. නුරේෂ් ප්‍රසංග (නාවික හමුදාව- 3.28.40),
6. නදීෂාන් සිල්වා (නාවික හමුදාව- 3.28.40),
7. නලින්ද අමිල කුමාර (නාවික හමුදාව- 3.28.40),
8. රන්දික රණසිංහ (යුද හමුදාව- 3.28.40),
9. ක්‍රිෂාන් මධුශංඛ (නාවික හමුදාව- 3.28.40),
10. දිමුතු සංජීව (ගුවන් හමුදාව- 3.28.40)
|
![]() |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.