Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු අප්‍රිකාව සහ බංග්ලාදේශය අතර සිඩ්නි නුවරදී අද (27 වැනිදා) පැවැති විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 104 ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමටද දකුණු අප්‍රිකාවට හැකි විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 206 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ කණ්ඩායමට ඕවර 16.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 101 ක් පමණි. එහිදී ඇන්රික් නොකියා ලකුණු 10 කට කඩුලු 4 ක්ද, තබ්‍රේස් ශම්සි ලකුණු 20 කට කඩුලු 3 ක්ද බිඳහෙළමින් බංග්ලාදේශ ඉනිම සුනුවිසුණු කර දැමූහ.
බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ලිටන් දාස් පන්දු 31 කින් ලකුණු 34 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි. පළමු ඕවරයේදීම හයේ පහර දෙකක් එල්ල කිරීමට සමත් වූ සෞම්‍ය සර්කාර්ට පන්දු 6 කදී ලබාගත හැකි වූයේ ලකුණු 15 ක් පමණි. පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු 10 කටත් අඩුවෙන් දැවීයෑම බංග්ලාදේශයට විශාල පාඩුවක් විය.
පන්දු 56 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 7 ක් සමග ලකුණු 109 ක් රැස්කළ රිලී රූසොව්ගේ ප්‍රවේකගාරී පිතිහරඹය හමුවේ පළමුවෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 205 ක් ලබාගැනීමට සමත් විය. එය මෙවර තරගාවලියේදී වාර්තා වූ පළමු ශතකය ද විය.
ආරම්භක පිතිකරු ක්වින්ටින් ඩි’කොක් (63) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 85 කදී ලකුණු 163 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද රූසොව් සමත් විය. එහිදී පන්දු 38 කට මුහුණදුන් ඩි’කොක් හයේ පහර 3 කින් සහ හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසුවේය.
තරගය ආරම්භයේ සිට 15 වැනි ඕවරය දක්වාම දැඩි ලෙස පහර කෑමකට ලක්වුවද, දකුණු අප්‍රිකානු ඉනිමේ අවසන් ඕවර 5 ලකුණු 29 කට සීමාකිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී නායක සකීබ් අල් හසන් ඕවර 3 ක් යවමින් කඩුලු 33 කට කඩුලු 3 ක් දවාගත්තේය.
දකුණු අප්‍රිකාව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 205
(ක්වින්ටින් ඩි’කොක් 63, රිලී රූසොව් 109, සකීබ් අල් හසන් 33/2)
බංග්ලාදේශය - ඕවර 16.3 කදී සියලු දෙනා දැවී 101
(සෞම්‍ය සාකර් 15, ලිටන් දාස් 34, ඇන්රික් නොකියා 10/4, තබ්‍රේස් ශම්සි 20/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.