Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රෙඩ් බුල් සමාගමේ සංවිධානයෙන් මීරිගම ‘කැන්වේ ඔටෝඩ්‍රෝම්’ ධාවන පථයේදී පැවැති ‘රෙඞ්බුල් කාට් ෆයිට්’ මෝටර් රථ තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බ්‍රයන් පෙරේරා සමත් විය. මෙම තරගාවලියට තරගකරුවන් 70 ක් පමණ සහභාගි වූ අතර බ්‍රයන් පෙරේරා එහි ශූරතාව දිනාගත්තේ තත්ත්පර 27.96 ක කාලයක් වාර්තා කරමිනි.
තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමට දිනේෂ් පතිරණ සමත් වූ අතර ඉසිමල් ප්‍රනාන්දු තෙවැනි ස්ථානයට පත් විය.
ශූරතාව දිනාගත් බ්‍රයන් පෙරේරාට රුපියල් 200,000 ක මුදල් ත්‍යාගයක් පිරිනැමුණ අතර දෙවැනි ස්ථානය වෙනුවෙන් දිනේෂ් පතිරණට රුපියල් 100,000 ක්ද, තෙවැනි ස්ථානය වෙනුවෙන් ඉසිමල් ප්‍රනාන්දුට රුපියල් 50,000 ක ක්ද පිරිනැමිණ.
තරගාවලිය පැවැති මීරිගම කැන්වේ ඔටෝඩ්‍රෝම් ධාවන පථය කෙළින් තීරු, හැරවුම් වංගු සහ විවිධ ආනති යන තුන් ආකරයෙන්ම සමන්විත වන අතර එහි දුර ප්‍රමාණය කිලෝ මීටර් 1.5 ක් විය.
ඉන්දියාවේ රේස් ක්‍රාෆ්ට් සමාගම සහ මීගමුව මෝටර් රථ ක්‍රීඩා සංගමය මෙම තරගාවලියේ නිල මෙහෙයුම්කරුවන් ලෙස කටයුතු කළහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.