Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ කොළඹ පැවැත්වෙන අවසන් අදියරේ තරගාවලියට නම් කළ ක්‍රීඩකයන් අතරට නවක ක්‍රීඩක රෙහාන් සිල්වා සමග රීසා රෆායිඩීන් ඇතුළත් කිරිමට මයිකල් ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ජාතික රග්බි තේරීම් කමිටුව තීරණය කර තිබේ.
ඉදිරියේදී පැවැත්වෙන අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේදී සී.ආර්.ඇන්ඞ් එෆ්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කිරීමට සූදානමින් සිටින 22 හැවිරිදි වියේ පසුවන මේ ක්‍රීඩකයන් දෙදෙනාගෙන් ඉසිපතන විදුහලෙන් බිහිවූ ප්‍රබල ක්‍රීඩක රෙහාන් සිල්වා ශ්‍රී ලංකා පිල නියෝජනය කරන්නේ පළමුවරටය. කිංස්වුඞ් විදුහලේ හිටපු නායක රීසා රෆායිඩීන් මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේ දී බෝර්නියෝ සෙවන්ස් අන්තර්ජාතික ආරාධිත තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කළේය.
මීට අමතරව ආසියානු තරගමාලාවේ හොං කොං හී පැවැති පළමු අදියරේ තරගාවලිය අතරතුර ආබාධයකට ලක්වීම නිසා දකුණු කොරියානු තරගාවලියට එක් නොවූ සී.ආර් පිලේ ක්‍රීඩක කවිඳු පෙරේරා ද නැවත කණ්ඩයාමට එක්වී සිටින අතර ගෙල පෙදෙසේ ඇතිවූ ආබාධයක් නිසා තරගාවලි දෙකම අහිමිවූ මහනුවර ක්‍රීඩා සමාජයේ රිචඞ් ධර්මපාල ද කණ්ඩායමට ඇතුළත් වෙයි.
වෙනස්කම් 4ක් කරමින් හෙට සහ අනිද්දා (14 සහ 15) දෙදින කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරගමාලාවේ අවසන් අදියරේ තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා පිලේ නායකත්වය නැවතත් සුදර්ශන මුතුතන්ත්‍රීට හිමිවී තිබේ.
පළමු සහ දෙවැනි අදියරේ තරගවලදී කැපී පෙනෙන දස්කම් පෑ සාන්ත තෝමස් විදුහල් පිලේ හිටපු නායක 19 හැවිරිදි නවීන් හීනකංකානම්ගේ ආබාධයකට ලක්වීම නිසා ඔහුට කොළඹ තරගාවලිය අහිමිවී ගියේය. රිචඞ් ධර්මපාල කණ්ඩායමට එක්වූයේ ඔහු වෙනුවටය.
නවක ක්‍රීඩකයන්ට අවස්ථාව දෙමින් හොං කොං සහ දකුණු කොරියානු අදියර දෙකටම ක්‍රීඩා කළ හිරන්ත පෙරේරා, කෙවින් ඩික්සන් සහ දෙවැනි අදියරේ තරගාවලියට එක්වී සිටි චානක චන්දිමාල් කොළඹ කණ්ඩායමට ඇතුළත් නොකිරීමට තේරීම් කමිටුව කටයුතු කළේය.
හොංකොං සහ දකුණු කොරියානු තරගාවලියේදී පස්වැනි ස්ථානයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ පැවැත්වෙන අවසන් අදියරේ තරගාවලියේදී අවසන් කණ්ඩයාම් හතරට එක්විමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.
මෙවර තරගාවලියේදී සත්කාරක ශ්‍රී ලංකාව ‘ඒ‘ කාණ්ඩයෙන් තරග වදින අතර දකුණු කොරියාව, චීනය සහ චීන තායිපේ කණ්ඩායම් ද එම කාණ්ඩයට ඇතුළත්ය. ජපානය, හොංකොං, මැලේසියාව සහ පිලිපීනය මෙවර තරගාවලියේදී ‘බී‘ කාණ්ඩයෙන් තරග බිමට පිවිසෙයි.
පළමු අදියර 2දීම අවසන් කණ්ඩායම් හතරට සේන්දුවීමේ අවස්ථාව අහිමිවී ගිය ශ්‍රී ලංකාවට ලබන වසරේ ජූලි මාසයේ අමෙරිකාවේ සෑන් ෆ්‍රැන්සිස්කෝ නුවර පැවැත්වෙන ලෝක කුසලාන සත් සාමාජික රග්බි තරගාවලියට ආසියාවෙන් සුදුසුකම් ලබන රටවල් 2 අතරට එක්වීමේ අවස්ථාව අහිමිවී ගියේය. එම ස්ථාන ලබාගැනීම සඳහා තරගය ඇත්තේ ජපානය, හොකොං සහ දකුණු කොරියාව අතරය.
ඒ සමගම ලබන වසරේ පැවැත්වෙන අන්තර්ජාතික හොංකොං සත් සාමාජික තරගාවලියේ නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි කොටසේ තරගාවලියට එක්වීමේ අවස්ථාවත් ශ්‍රී ලංකාව වෙතින් ගිලිහී ගියේය. එසේ වුවත් කොළඹ තරගාවලියේදී පළමු කණ්ඩායම් තුනට එක්වී සිය දස්කම් මුවහත් කරගැනීමට ශ්‍රී ලංකා පිලේ අරමුණ වී තිබේ.
ලබන 14 වැනිදා ආරම්භ වන කොළඹ අදියරේ පිරිමි තරගාවලියේ මූලික වටයේ ශ්‍රී ලංකාවට පළමු තරගය ලැබී ඇත්තේ දකුණු කොරියානු කණ්ඩායම සමගය.
කාන්තා තරගාවලියද මෙම දින දෙකේදීම පැවැත්වේ. ශ්‍රී ලංකා කාන්තා පිලේ තරග පැවැත්වෙන්නේ ජපානය, හොං කොං සහ කොරියානු කණ්ඩායම් වලට එරෙහිවය.
ඩයලොග් ආසියාටා සමාගම මෙම තරගාවලියට අනුග්‍රහය දක්වයි.
ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි (පිරිමි) කණ්ඩායම
සුදර්ශන මුතුතන්ත්‍රී (නායක), ජේසන් දිසානායක, ධනුෂ්ක රන්ජන්, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, සුදම් සූරියආරච්චි, ඕමල්ක ගුණරත්න, කවිඳු පෙරේරා, රිචඞ් ධර්මපාල, තරින්ද රත්වත්ත, දනූෂ දයාන්, රීසා රෆායිඩීන්, රෙහාන් සිල්වා.
පුහුණුකරු - පීටර් වුඞ්ස් මහතා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.