Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ හදබැඳි කී‍්‍රඩා සමාජය වන මැන්චෙස්ටර් යුනයිටඞ් පිලට එක්වීමට කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ සූදානමින් සිටින නමුත් තවත් වසරක කාලයක් යනතුරු එවැන්නක් පිළිබඳ බලාපොරොත්තු තබාගත නොහැකි යයි ස්පාඤ්ඤයේ පාපන්දු විශාරදයකු වන ගුයිලම් බලාගු කියයි. ගුයිලම් බලාගු පවසන්නේ ස්පාඤ්ඤයේ රියල් මැඞ්රිඞ් පිල තවත් වසර දෙකක කාලයකටවත් රොනාල්ඩෝ නිදහස් නොකරනු ඇති බවයි.
රියල් මැඞ්රිඞ් පිල වෙනුවෙන් කී‍්‍රඩා කරන රොනාල්ඩෝ මේ වන විටත් ගෝල 10 ක් ලබාගනිමින් මේ වසරේ ලා ලීගා තරගාවලියේදී වැඩිම ගෝල ලාභියා වී සිටී.
මැන්චෙස්ටර් යුනයිටඞ් ආධාකරුවන් රොනාල්ඩෝට කෙතරම් ඇලූම් කරන්නේද යත් පසුගිය සතියේ ස්පාඤ්ඤයේදී පැවැති ‘ලා ලීගා’ පාපන්දු තරගයකදී ‘රොනාල්ඩෝ ගෙදර එන්න’ යයි කියැවෙන බැනරයක් සහිත ගුවන් යානයක් රියල් මැඞ්රිඞ් පිල සහ ‘විලාරියල්’ පිල අතර තරගය පැවැති කී‍්‍රඩාංගණයට ඉහළින් පියාසර කරවීමටද කටයුතු යෙදූහ.
කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ පෘතුගාල ජාතික පාපන්දු පිල නියෝජනය කරන අතර වසර 2003 සිට 2009 දක්වාම එංගලන්තයේ ප‍්‍රධානතම පාපන්දු තරගාවලියේදී මැන්චෙස්ටර් යුනයිටඞ් පිල නියෝජනය කළේය. වසරේ විශිෂ්ටතම පාපන්දු කී‍්‍රඩකයාට හිමි ‘රන් පාපන්දුව’ සම්මානයද දිනා සිටින රොනාල්ඩෝ තමන්ගේ කණ්ඩායම් සගයින් වන ඒන්ජල් ඩි මාරියා, සබී ඇලොන්සෝ සහ මෙසුට් ඔසිල් වැනි කී‍්‍රඩකයන් විකුණා දැමීමට රියල් මැඞ්රිඞ් පාලකයන් ගත් තීරණය සම්බන්ධයෙන් නොසතුටට පත්ව සිටි බවට වාර්තා පළවිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.