Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තමන්ගේ උරමත පැටවී ඇත්තේ තාවකාලිකව බව හොඳින්ම දන්නා නමුත් දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය 2-0 ක ජයග්රහණයන් අවසන් කිරීම සුරංග ලක්මාල්ගේ අභිප්‍රායයි. ලක්මාල්ගේ අදහස වන්නේ දකුණු අප්‍රිකානුවන් 2-0 කින් පරාජය කරමින් ටෙස්ට් ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළ නැඟීමයි.
ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 278 කින් පරාජය කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී ලක්මාල් ඒ බව කියා සිටියේය.
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ බ්‍රිජ්ටවුන්හිදී පැවැති ටෙස්ට් තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 1-1 ක් ලෙසින් සමකරගත් නමුත් ශ්‍රී ලංකා පිලට ප්‍රසාද ලකුණු 3 ක් අහිමි විය. ඊට හේතුව වූයේ ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව කොදෙව් පිල ශ්‍රී ලංකාවට වඩා පහළින් සිටීමයි. එහෙත් ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායම 2-0 කින් පරාජය කළහැකි වුවහොත් ප්‍රසාද ලකුණු එකතු කරගනිමින් ටෙස්ට් ශ්‍රේණිගත සටහනේ ඉහළ නැඟීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා පිලට ලබගත හැකිය.
“අපි කවදාවත් තරගාවලියක් සම කරගන්න ක්‍රීඩා කරන්නේ නෑ, අපි ක්‍රීඩා කරන්නේ ජයගන්නයි”
“මෙතැන ඉඳන් අපි යන්නේ දෙවැනි ටෙස්ට් තරගයත් දිනන්නයි. මොකද තරගාවලිය 2-0 කින් අවසන් කරන එක හොඳයි. එතකොට ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළට යන්න අපට අවස්ථාවක් තියෙනවා...ඒ නිසා මම කණ්ඩායමේ අයට කියන්නේ අපි දෙවැනි ටෙස්ට් තරගයත් ජයගත යුතුයි කියලා” යයි ලක්මාල් පැවසීය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ජ්‍යෙෂ්ඨතම වේග පන්දු යවන්නාට කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ගෙන් මනා සහයෝගයක් ලැබෙන බව පෙනෙන්නට තිබේ. ලක්මාල්ද ක්‍රීඩකයන්ගෙන් ලැබෙන සහයෝගය අගය කරන අතරම ඔවුන්ගේ දායකත්වය අගය කරයි.
ලක්මාල්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිටම ටෙස්ට් තරග දෙකක් ජයගෙන තිබේ. එකක් බටහිර ඉන්දීය සංචාරයේ බි්රජ්ටවුන්හිදී පැවැති තරගයයි. අනෙක දකුණු අප්රිකාු පිලට එරෙහිව ගාල්ලේදී නිමාවූ තරගයයි.
“ඇත්ත. මම නායකයා තමයි. ඒත් මට තනියම තරගයක් දිනන්න බෑ. කණ්ඩායමේ ඉන්න අනෙක් ක්‍රීඩකයන් 10 දෙනාගේත් සංචිතයේ ඉන්න අනෙක් ක්‍රීඩකයනුත් මේකට දායක වෙලා තියෙනවා....මට තනියම මේක කරන්න බෑ”
“කණ්ඩායමක් හැටියට අපි එන ඕනම තත්ත්වයකට මුහුණ දෙන්න සූදානමින් හිටියේ. කොදෙව් සංචාරයේදී මට නායකත්වය ලැබුණේ අන්තිම මොහොතේදී. මේ තරගයේදී වුණත් මම කණ්ඩායම මෙහෙයවනවා කියලා දැනගත්තේ කලින්දා රාත්රියේදී. ඒක කොහොම වුණත් අපි කණ්ඩායමක් හැටියට එකට හිටියා. ඒ නිසා කණ්ඩායම ඉදිරියට ගෙනියන්න මට පහසුවක් තිබුණා” යයිද ලක්මාල් කීවේය.
“කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් වන රංගන හේරත්, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ වගේම ඩිල්රුවන් මට හොඳ සහයෝගයක් දෙනවා. ඒ වගේම කණ්ඩායමේ කළමණාකාරීත්වයත් මට ගොඩාක් උදව් කරනවා. මේ ජයග්‍රහණයේ රහස එයයි” ලක්මාල් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.