Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලකුණු 20ක් 30ක් මදිවුණා - මැතිව්ස්

ලකුණු 20ක් 30ක් මදිවුණා - මැතිව්ස්

දිලිනි මල්රුක්ෂි - 2014 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්ත පිලට එරෙහිව මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක‍්‍රීඩාංගණයේ ඊයේ (11) පැවැති පස්වැනි එක්දින තරගයේ පරාජයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී පස්වැනි තරගයේ පරාජය පිළිබ`දව නායක ඇන්ජලෝ මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.

”මට හිතෙන්නේ ලකුණු 20 ක 30 ක අඩුවක් වුණා. මෙම තණතීරුවේ හැටියට ලකුණු 239 හොද ලකුණු සංඛ්‍යාවක්. දග පන්දු යවන්නන් හොදින් පන්දු යැව්වේ නෑ, ඒ පිළිබදව මා කණගාටු වෙනවා. ඉනිම ආරම්භයේදී හොදින් පන්දු යැව්වා නමුත්  ඕවර 40 පසුව හොදින් පන්දු යැව්වේ නෑ, ඒ දුර්වලතාව පරාජයට හේතු වුණා”

”මේ තරගයට පරාජයට හේතුව දග පන්දු යවන්නන්ගේ දුර්වලතාව. එය පාඩමක් හැටියට අරගෙන ඉදිරි තරගයට යනවා”

”මේ තණතීරුව වෙනස් එකක්, පන්දුව දග කැවුණේ වෙනස්ම ආකාරයට. හැබැයි ජෝ රූට් සහ ජේම්ස් ටේලර් ඉතාමත් හොදින් පන්දුවට පහර දුන්නා. අපිට කඩුලූ ලබා ගන්න බැරි වුණා”

”අන්තර්ජාතික පිටියට මේ තරගයේදී නැවත පැමිණි සචිත‍්‍ර ඉතාමත් හොදින් පන්දු යැව්වා. මට හිතෙන්නේ සෙසු පන්දු යවන්නේ මම තණතීරුවෙන් ප‍්‍රයෝජනය ගත්තේ නෑ”

”අපේ කණ්ඩායමේ වැඩිම අත්දැකීම් තියෙන දග පන්දු යවන්නා වන රංගන ආබාධයකට ලක්වීම නිසා අවාසනාවට ඔහුගේ සේවය අහිමිවුණා. විශේෂයෙන් ඔහු ඉතාමත් භයානක පන්දු යවන්නෙක්”

”කොළඹ, මහනුවර හෝ හම්බන්තොට ගැහුවත් අපි හො`දින් ක‍්‍රීඩා නොකළ හොත් ජයග‍්‍රහණය කරන්න බෑ”

තහනමකට ලක්ව සිට මාස කීපයකට පසුව සචිත‍්‍රගේ පන්දු යැවීම පිළිබදව මැතිව්ස් මෙසේ අදහස් දැක්වීය.

”මා බලාපොරොත්තු වූ ආකාරයටම ඔහු හොදින් පන්දු යැවුවා. ඔහු සෙමින් යවන පන්දුව මෙන්ම වේගයෙන් යවන පන්දුව යැව්වා. ඔහු මේ තරගයේ පන්දු යැව්වේ පීඩනයක් ඇතිවයි. ඒ වගේ ප‍්‍රබල කණ්ඩායමක, ශක්තිමත් පිතිකරු ලැයිස්තුවකට ඔහු පන්දු යැව්වේ. මම හිතනවා ඔහු ඉදිරියටත් මෙය පවත්වා ගෙන යයි කියලා”

”ඔහුගේ පන්දු යැවීමේ ඉදිරියව් වෙනස් කළාට පසුව පන්දුව දග කැවෙනවා. ඒ වගේම පන්දුව ඉහළට ඒමත් තියෙනවා”

අජන්ත මෙන්ඩිස් දිගින් දිගටම තරගවලට යොදා ගැනීම පිළිබදව කළ විමසුමේදී මැතිව්ස් මෙසේ පැවසීය.

”මේ තණතීරුව දග පන්දු යවන්නන්ට යෝග්‍ය වීම සහ රංගන හේරත් අහිමිවීම යන කරුණු නිසා අපි අජන්ත මෙන්ඩිස්ව විශේෂයෙන් මේ තරගයට යොදා ගත්තා. අජන්ත මෙන්ඩිස් අපේ ලෝක කුසලාන සැළැස්මේ ඉන්න ක‍්‍රීඩකයෙක් ඒ නිසා අපි එක තරගයකින් නොව තරග තුන හතරක්, පහක් දීලා බලනවා ඔහු සුදුසුද කියලා. ඔහු මේ තරගාවලියේදී කඩුලූ 10 ක් පමණ දවාගෙන තියෙනවා මට මතක හැටියට”

”කණ්ඩායමේ අවස්ථාව තාමත් විවෘතයි. මම හිතන්නේ මැද පෙළ තරමක් හොද තත්ත්වයක තියෙනවා. දග පන්දු යවන්නන් බලන්නත් තියෙනවා. සුරංග ලක්මාල් වගේ පන්දු යවන්නන් ඉන්නවා. වේග පන්දු යවන්නන් සූදානම් කළ යුතුයි” යැයි මැතිව්ස් ලෝක කුසලාන තරගාවලියේ සූදානම පිළිබදව පැවසීය.


අදහස් (0)

ලකුණු 20ක් 30ක් මදිවුණා - මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.