Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ෂේන් සෙනෙවිරත්න)
අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි ශූරතා තරගාවලියේ 2024-2025 ලීග් ශූරතා කුසලානය තම අපරාජිත ගෞරවය රැකගනිමින් නිත්තවෙල ක්‍රීඩා සමාජ සේප්පුවේ තැන්පත් කර ගැනීමට මහනුවර රග්බි සිංහ පැටව් ඊයේ (16) සමත් වූහ.
මහනුවර ක්‍රීඩකයෝ එහිදී අභියෝගයට ද අභියෝග කරමින් ලකුණු 50ට 24ක් වශයෙන් ජය වාර්තා කරමින් ශූරතාව හිමිකර ගැනීමට සමත් වූහ. ජයග්‍රාහී මහනුවර පිල ගෝල දිනුම් 06 ක් උත්සහක දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු රැස් කළ අතර හැව්ලොක්ස් පිල ගෝල දිනුම් 03ක් සහ එක් දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට සමත් විය.
මහනුවර පිල ලීග් කුසලානය 24 වැනි වතාවටත් හිමි කර ගැනීමට සමත් වූ අතර රාජකීය විදුහලෙන් බිහිවූ අනගිබවනීය රග්බි ක්‍රීඩකයකු වූ මලික් සමරවික්‍රම හා බුටානි එක්ව මෙරට අන්තර් ක්‍රීඩා සමාජ රග්බි රටාව කණපිට පෙරළවමින් 1993 වසරේදී ක්‍රීඩා සමාජයන්ට ෆීජී, ටොංගා, සැමුවා, දකුණු අප්‍රිකාව වැනි රටවල විදෙස් රග්බි ක්‍රීඩකයන් මෙරට දේශීය ක්‍රීඩාවට ආදේශ කරමින් ඔවුන් තැබූ දැවැන්ත පියවරේ ප්‍රතිලාභ මේ වනවිට මෙරට දේශීය රග්බි ක්‍රීඩාව තුළ දැකිය හැකිය.
එම ඉතිහාසයත් සමඟ 1993 වසරේදී මහනුවර රග්බි පිල ආරම්භ කළ තම රග්බි ආධිපත්‍ය තුළ පැමිණි ගමනේදී ඔවුන් 24 වතාවක් ලීග් රග්බි කිරුළ හිමිකර ගැනීමට සමත් වීමද විශේෂත්වයකි.
මෙම වසරේ තම 150 වැනි අභිමානවත් සංවත්සරය මහනුවර ක්‍රීඩා සමාජය විසින් සමරන බැවින් ගිය වසරේ අහිමි වූ ලීග් ශූරතාව කෙසේ හෝ මේ වසරේ ඩැහැ ගැනීමට මහනුවර රග්බි බලධාරීන් කල් තියා සැලසුම් සකස් කොට තිබුණි.
එම සැලසුම් මල්පල ගන්වමින් මේ වසරේ ඔවුන්ගේ එම අභිමානය තව තවත් වර්ණවත් කරමින් මෙවර අපරාජිතව ලීග් රග්බි කිරුළ හිමි කරගැනීමට සමත් වීමද විශේෂත්වයකි.
ජයග්‍රාහී මහනුවර පිළ වෙනුවෙන් නයිජල් රත්වත්තේ උත්සාහක දිනුම් 02ක්ද නායක ශ්‍රීනාත් සූරියබණ්ඩාර උත්සාහක දිනුම් 02 ක්ද, දහන් වික්‍රමආරච්චි උත්සාහක දෙනුම් 02 ක්ද, කෙනුල හෙට්ටිආරච්චි, එක් උත්සාහක දිනුමක්ද වාර්තා කිරීමට සමත් වූ අතර තරින්ද රත්වත්තේ උත්සහක දිනුම් හයක් ගෝල දිනුම් බවට පත් කරමින් එක් දඬුවම් පහරක් ද සාර්ථක කර ගත්තේය.
හැව්ලොක්ස් පිල වෙනුවෙන් සංදේශ උත්සාහක දිනුම් 02ක්ද, ජයතු රාජරත්න එක් උත්සාහක දැනුමක්ද වාර්තා කළ අතර සැමුවෙල් මධුවන්ත උත්සාහක දිනුම් 03ක් ගෝල දිනුම් බවට පත් කළ අතර එක් දඬුවම් පහරක් ද සාර්ථක කර ගත්තේය.
මේ තරග වාරයේ ඉහළම ලකුණු රැස්කළ ක්‍රීඩකයා වශයෙන් මහනුවර ක්‍රීඩා සමාජයේ තරින්ද රත්වත්තේ සම්මාන ලැබූ අතර ඔහු මේ තරග වාරය ලකුණු 142 ක් වාර්තා කොට තිබුණි.
තරගයේ විනිසුරු වශයෙන් ගිහාන් යටවර මහතා කටයුතු කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.