Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ලුන්ගි න්ගිඩි තරගාවලියෙන් ඉවතට

ලුන්ගි න්ගිඩි තරගාවලියෙන් ඉවතට

editorial - 2024 නොවැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු ටෙස්ට් කණ්ඩායමේ ප්‍රබලතම වේග පන්දු යවන්නකු වන ලුන්ගි න්ගිඩි ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ඉවත් වී තිබේ. ඔහුගේ ඉකිලියේ ඇතිවී තිබෙන ආබාධයක් ඊට හේතුවයි. 

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ ලුන්ගි න්ගිඩිගේ පුනරුත්ථාපන වැඩසටහන් ආරම්භ කරන බවත් ඔහු ජනවාරි මාසයේදී නැවත ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවත්ය. මේ හේතුවෙන් න්ගීඩිට ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් දෙකකින් සමන්විත තරගාවලිය සහ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය අහිමි වනු ඇත.

මේ අතර දකුණු අප්‍රිකානු ටෙස්ට් නායක ටෙම්බා බවුමාගේ වම් වැලමිටේ ආබාධයකින් ඔහු සුවය ලබමින් සිටින බවත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරඟාවලිය සඳහා ඔහු සූදානම් වී ඇතිද යන්න තීරණය කිරීම සඳහා නොවැම්බර් 18 වැනිදා ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයක් පැවැත්වෙනු ඇත. 

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේදී දකුණු අප්‍රිකාව 54.17 ්‍ර ක ජයග්‍රාහී ප්‍රතිශතයක් ලබා පස්වැනි ස්ථානයේ සිටී. ශ්‍රී ලංකාව 55.56 ්‍රක ජයග්‍රාහී ප්‍රතිශතයක් ලබා ගනිමින් තෙවැනි ස්ථානයේ පසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය නොවැම්බර් 22 වැනිදා ආරම්භ වේ. පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 27 වැනිදා සිට දෙසැම්බර් 01 වැනිදා දක්වා ඩර්බන් නුවරදී පැවැත්වේ. 


- 213


අදහස් (0)

ලුන්ගි න්ගිඩි තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.